සිංහල සිනමාවේ නිළි රැජිණ ලෙස විරුදාවලිය ලැබූ මාලනී ෆොන්සේකා මහත්මියගේ 66 වන උපන් දිනය අදට (30) දී ඇත. ඒ නිමිත්තෙන් තඹුත්තේගම රැජින හන්දියේ "රැජින මාලිනි" නමින් සිනමා ශාලාවක් ඉඳිකිරිම සඳහා අද මුල්ගල් තැබේ.
උපන්දිනය දා කුමක් කරන්නේදැයි විමසා සිටි අවස්ථාවේ ඇය ඒ බව සඳහන් කළාය. ඇය වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය.
" 30 වෙනිදා අනුරාධපුර සහ තඹුත්තේගම තමා වැඩකටයුතු සංවිධානය වෙලා තියෙන්නේ. සමන්ප‍්‍රිය මාරසිංහ, තඹුත්තේගම රැජින හන්දියේ සිනමා ශාලාවක් ආරම්භකිරීම සඳහා මුල්ගල තියන්න ආරාධනා කළා. ඒ සිනමා ශාලාව රැජින හන්දියේ ඉදිකරන්න හදන නිසා ඔහු එය "රැජින මාලිනි" නමින් නම්කරලා තිබෙනවා. ඉතින් ඔහු මට ආරාධනා කළා මගේ නමින් ඔහු ඉදිකිරීමට අපේක්‍ෂිත සිනමා ශාලාවට මුල්ගල තබන්නට එන්න කියා. එය සිදුවන්නේ උදේ 10ට ඇති සුබ මොහොතටයි.
ඊට පෙර මම ජයශ‍්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආගමික වතාවත් කරනවා .සිනමා ශාලව ට මුල් ගල තැබීමෙන් අනතුරුව තඹුත්තේගම, තම්මැන්නාපුර වැව ආශ‍්‍රයෙ අක්‍ෂී සායනයක් පවත්වනවා. එතෙන්දි අපි ඇස් පරීක්‍ෂා කරනවා. අනතුරුව ඒ අයට අවශ්‍ය ඇස් කන්ණාඩි සකස්කොට බෙදා දෙනවා. ඒ වගේම ඇහේ සුද ඇති අයව අවශ්‍ය රෝහලට යොමුකරලා සැත්කම් කරවල ගෙවල්වලටම ගිහින් ඇරලවනවා. මේ කර්තව්‍ය එක දවසින් සිදුධවෙන එකක් නෙමේ. මේ එක් ව්‍යාපෘතියක් මාසයක් ඇතුළත කරලා ඉවර කරණවා .ඉතින් අප‍්‍රියෙල් 30 වන දා මම කරන්නේ එවැනි අක්‍ෂී සායනයක් පැවැත්වීමයි. වෙනත් සාදයන් නැහැ" .
ශ්‍රී ලාංකීය සිනමාව වෙනුවෙන් අඩසිය වසකට වැඩි කාලයක්ම සිය ජීවිතය කැප කළ මාලිනී ෆොන්සේකා, සිංහල සිනමාවේ සලකුණ ජාත්‍යන්තරයට රැගෙන ගිය රංගණ ශිල්පිනියකි.
70 දශකයේ සිනමාවේ ස්වර්ණමය යුගයේ මාලිනී, ගාමිනීගේ, විජයගේ, තිස්ස විජේසුරෙන්ද්‍රගේ, අමරසිරි කළංසූරියගේ පෙම්වතිය වී ගීත ගයමින් නටා මෙරට රසික සිත් වසග කරගත් අතර, බඹරු ඇවිත්, නිධානය, සොල්දාදුඋන්නැහේ, පාරදිගේ, එයාදැන් ලොකු ළමයෙක්, අක්කර පහ වැනි සිනමා නිර්මාණ වළ භාවාතිෂය චරිත ඉදිරිපත් කරමින් රංගනයට ඇති උපන් හැකියාව ඇය මෙරට සුවහසක් රසිකයන්ට ප‍්‍රදර්ශණය කර ඇත.
ලෙස්ටර් මහතාගේ නිධානයෙහි චරිතය සඳහා මාලිනී තෝරගන්නාවිට මාලිනී දායකවූ තවත් චිත‍්‍රපටයක් රුගතවෙමින් තිබී ඇත.
එම චිත‍්‍රපටයේ ගස්වටේ දුවමින් සිංදු කියන චරිතයක් රගපෑ අතර නිධානය සඳහා රගපෑමට යන්නේ එම ගීත රුගත කිරිම් වළින් අනතුරුවය. එසේ නටා, ගයා , පේ‍්‍රම කර නිධානය දර්ශණ තලයට යන මාලිනීට එහි රගපෑමට ඇත්තේ වෙනත්ම ආකාරයේ චරිතයකි. නමුත් මාලිනී ට නිධානයේ අයිරීන්ට ආරූඩ වන්නට කිසිඳු අපහසුවක් ඇති නොවේ. ඇය උපතින් ම රංගනයට උරුමකම් ලද්දියකි.
මාලිනී අද දේශපාලන යට ප‍්‍රවිශ්ඨව සිටියත්, ඇය අදටත් අපට රංගණ ශිල්පිණියක් විණා දේශපාලනඥවරියක් නොවේ.
එක් කේන්දර කරුවෙක් මාලිනී ට පවසා තිබෙන්නේ " මිය යනතෙක්ම ඔබ මේ රටේ ඉතාමත්ම ජනප‍්‍රිය කෙනෙක් ලෙසට ජීවත්වෙනවා යනුවෙනි".
මාලිනී වර්තමානයේ සිනමාවේ හෝ රුපවාහිනී නාට්‍යයක දක්නට නොලැබුනත් රංගන ශිල්පිණියක් ලෙස අදටත් රසික ජනතාවගේ ආදරයට පාත‍්‍ර වී සිටින්නීය. දේශපාලනය නිසා ඇයට විවිධ දේ පැවසුව ද, ඇයව විවේචනය කළද ඇය ට රංගන ශිල්පිණියක් ලෙස අදටත් සියල්ලලෝම ආදරය කරති.
' ශ්‍රී ලංකා මිරර්' ඇයට නීරෝගීමත්, සුබ උපන් දිනයක් ප‍්‍රාර්ථණා කරන්නෙමු!