පසුගිය සතියේදී එළිදැක්වුණු අයන් මෑන් 3 චිත්රපටය ලොවපුරා බොක්ස් ඔෆිස් වාර්තා තබා ඇතැයි වාර්තා වේ.
රටවල් 42ක මේ වන විට තිරගත වන අයන් මෑන් 3 චිත්රපටය සිය ආරම්භක සතිඅන්තය තුළදී උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 195.3කි.
මෙය, පසුගිය වසරේදී එළිදැක්වුනු ඇවෙන්ජර්ස් චිත්රපටියේ ආරම්භක සතිඅන්ත ආදායම වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 185.1 අභිබවා යාම විශේෂයි.
මීට අමතරව, ආසියා ශාන්තිකර හා ලතින් ඇමෙරිකා කලාප වලද, බි්රතාන්යය, ආජන්ටිනාව, හොංකොං හා මැලේසියාව යන රටවල මෙතෙක් තිරගත වූ චිත්රපටි අතුරින් ඉහළම ආරම්භක සතිඅන්ත ආදායම ලැබීමට ද
අයන් මෑන් 3 සමත් ව තිබේ.
මාවල් සමාගමේ චිත්රකතාවක් වන අයන් මෑන් ඇසුරෙන් නිමවූ මෙම චිත්රපටයේ ප්රධාන චරිත සඳහා පණපොවන්නේ රොබට් ඩව්නි ජූනියර් හා ග්වෙනෙත් පැල්ට්රෝ ය.
අයන් මෑන් 3 මැයි 03දා ඇමෙරිකාවේ තිරගත වීමට නියමිතය.