රටේ තොටේ ඇවිදිනකොට අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් කෙල්ලො ඇහේ වදිනවනෙ. ආයෙ ඉතිං ඒක බොරුවක් යැ, නේද මේ එහෙම නෙවෙයි, ඔයා දකින කෙල්ලන්ගෙන් සමහරක් අය ගැන " මම ආස විදියෙ කෙල්ලෙක්" එහෙම නැත්තං "අපෝ මේ වගේ සක්කරවට්ටං මට පෙන්නන්න බෑ" කියල හිතෙන අවස්ථාත් තියෙනවනෙ. අන්න එහෙම ආාාසම කෙල්ල මොන වගේ වෙන්න ඕන කියල හොයල බලන්න අපි ළහිරු පෙරේරට කතා කළා.
(1) ඔබ ලස්සන අර්ථකථනය කරන්නෙ කොහොමද?
(2) ලස්සන හරහා සමාජයේ සිවිල් බලයක් ආරෝපණය කර ගත්ත කෙල්ලො ගැන මොකද හිතෙන්නෙ?
(3) ආඩම්බරකම පොෂ් විදියට හඳුන්වන කෙල්ලො දැකල තියනවද?
(4) ජිම් ගිහිල්ල ඇඟ හදාගත්ත කෙල්ලො ගැන මොකද හිතෙන්නෙ?
(5) බියුටි කල්චර් කරන්නෙ බියුටි කචල් නිසාද?
(6) කෙල්ලො ලෙඩක් දුකක් හැදුණාම ආයුර්වේදෙන් බෙහෙත් ගන්නෙ නැත්තේ අරිෂ්ට ගඳ නිසාද?
(7) ලස්සන සාපේක්‍ෂයි. මේ මොහොත වෙනකල් දැකපු ලස්සනම කෙල්ල කවුද?
(8) ඔක්කොම මේකප් හේදුවට පස්සෙ කෙල්ලගෙ පෙනුම මොන වගේ වෙන්න ඕනද?
(9) වැඩිපුරම කැමැති ළාමක ටිං ටිං කෙල්ලන්ටද එඩිතර ඩිං ඩිං කෙල්ලන්ටද?
(10) ආදරයට කන්‍යාභාවය මොනතරම් වැදගත්ද?
(11) තමන් ආසම කෙනා ලැබුණට පස්සෙ වැරැදිලාවත් වෙන කෙල්ලෙක්ට හිත යන්නෙ නැද්ද?
(12) සිසි වන වුවන ඉඟ සඟ ගත හැක මිටින
නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන
ඔබට අනුව වෙනස් වෙන්න ඕනෙ කොහොමද?
මූණ එක පාටක් කඳ තව පාටක් වෙන්න බෑ. කොටින්ම කියනවනං ටූ ටෝන් නොවී ලස්සන සිංගල් ටෝන් එකක් තිබුණනං ආසාවෙන් බලන්න පුළුවන්. ඒත් කරුමෙට දැන් ගොඩක් කෙල්ලො පාට පාට ලෝකයක්.
අපෝ ඕන තරම් දැකල තියනව. සමහර වෙලාවට ඒ අය කරන දේවල් දැක්කම ඉදිරියට පැන මිඩෝන් හා මිඩ්විකට් හරහා දැවැන්ත කනේ පාරක් දෙන්න හිතෙනවා.
මේකෙ ප්‍රධාන කොටස් හතරක් තියනව. සිරා
පොෂ්, හිතිං පොෂ්, වෙන්ඩ පොෂ්, වෙච්ච පොෂ් කියල. ගොඩක් අයට මේ හතර මාරු වෙනව. පරම්පරාවෙන්ම
පොෂ් අඩුම ගාණෙ කොළඹට, කුරුඳුවත්තට හැතැක්ම 10 වත් ළඟ අයත් ඉන්නව. ඒ අය දැක්ක ගමන් ඒක කියන්න පුළුවන්. ඊළඟ අය හිතිං පොෂ් කෙල්ලො. හරියට ඒ අය හිතා ගෙන ඉන්නෙ අපිත් ස්පොට් මීට් කෙල්ලො කියල. මාරාන්තික තත්ත්වයක් පෙන්නුම් කරන්නෙ වෙන්ඩ
පොෂ් අය. මේ අය පළිබෝධ නාශක අනතුරු සහිතයි. ප්‍රවේශමෙන් භාවිත කරන්න වගේ කට්ටියක්. ඇති දේකුත් නෑ. ඒ වුණාට ඉන්නෙ "අපිත් කොළඹ හරිය" කියන්න වගේ. සොරි, එක්ස් කියුස් මී, නෝ තෑන්ක්ස්, රියලි වගේ වචන 10 විතර වැඩේ ගොඩ දාගන්න හරිම ට්‍රයි එකක් දෙන්නෙ. අන්තිම කොටස වෙච්ච
පොෂ්. ගැටලුවක් නෑ. හොඳට සමාජානුයෝජනය වෙලා. තැනේ හැටියට ඇණේ ගහනව.
අනේ වාසනාවන්. ලංකාවෙම කෙල්ලො ජිම් ගිහිං ඇඟ හදාගන්නව නං තවත් කැමැතියි. තමන්ගෙ සිරුර ගැන තමන්ට අභිමානයක් තියෙන්න ඕනෙ.
බියුටි කල්චර් කියන්නෙ කලාවක්. ඒත් සමහර අය මේ විෂය භාගෙට හදාරල බියුටි කචල් කරගන්නව නං දැකල තියනව.
ආයුර්වේදවල ඊ චැනලිං නැති නිසා.
අනිවාර්යයෙන්ම මගේ වයිෆ් තමයි. (නැත්තං වසල හමාරයි.)
සියලුම ස්පෙයාර් පාර්ට්ස් හරි අනුපාතයට තියෙන අනවශ්‍ය බොඩි කිට් නොගහන අය සැබෑ ලස්සනයි.
කෙල්ලෙක් වුණාම බස් එකේ යනකොට හේත්තුවක් දාන එකෙකුට සෙරෙප්පුවෙන් ගහන්න ගටක් තියෙන්නත් ඕනෙ. වඩා හොඳ වෙන්නෙ තැනට අදාළව හැසිරෙන්න පුළුවන් මැද මාවතේ අය.
කිසිසේත්ම අදාළ වලංගු කාරණයක් නෙවෙයි.
මෙහෙමයි. හිත යන්න පුළුවන්. එහෙම වෙන්නෙ නෑ කියනවනං කවුරු හරි ඒක මහ පචයක් වෙනව. ඒත් ලව් කරන්න හිතෙන්නෙ නෑ. බඳින්නෙ නෑ. එහෙම හිතෙන්නෙත් නෑ.
කැත නැති මූණ-ටයර් නොමැති කදිම ඉණ
වපර නොමැති ඇස් දෙක, මසුරං වටින
මිටි නැති පට්ට උස නැති සිරුරක් රැගෙන උපදින කෙල්ලො කොල්ලන්ගේ දුක නිවන
සුපුන් චමීර රත්නායක
.jpg)