Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK

 රූ රැජිනක් වූ පමණින් නිළියක් වෙන්න බෑ - විනූ
 2012 ශ්‍රී ලංකා රූ රැජින (දෙරණ ටීවී රූ රැජින) කිරුළ පැළැඳි මේ සුරූපිය එහිදී රූ රැජිනට අමතරව ජනප‍්‍රිය කිරුළ සහ දක්‍ෂතම යන අංශයට හිමි කිරුළ ද හිමිකර ගත්තාය. ඒ සමගම පසුගියදා චීනයේ පැවැත්වූ සංචාරක රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය අවසන් දහදෙනා අතට ද තේරී පත්වූවාය. මේ සියල්ල සමග විනූ උදානී සිරිවර්ධන නමැති මේ නව යොවුන් සුරූපිය ගැන අද වැඩිදෙනා කතා වන්නේ ”පිපෙන මල්” ටෙලිනාට්‍ය නිසාය. එහි පාරමී ලෙස ජනප‍්‍රියව සිටින විනූ සමග අපි සුන්දර පිළිසඳරකට එක්වෙමු.

විනූ ඔබගේ පවුලේ විස්තර ගැන සඳහන් කළොත්?
අම්මා ගුරුවරියක්. තාත්තා මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකවරයෙක්. නංගී තවම පාසල් අධ්‍යාපනය ලබනවා. අයිය රැකියාවක නිරත වෙනවා.


කොහොමද ඔබ කලා ක්‍ෂේත‍්‍රයේ ගමන ආරම්භ කළේ?
පාසලේදී ඉගෙනීමට අමතරව ක‍්‍රීඩා අංශයට ගොඩාක් දක්‍ෂ වුණා. පාසලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත් කටයුතු කළා. ක‍්‍රීඩා අංශයට අමතරව නැටුම් සහ චිත‍්‍ර අංශවලටත් දක්‍ෂතා දැක්වූවා. 2011 අනුලා කුමරිය ලෙස සම්මාන ලැබුනෙත් මටයි.

මේ වනවිට මොනවද කරන්නේ?
 උසස් පෙළ හැදෑරවේ වාණිජ අංශයෙන්. දැන් සරසවි වරම් ලබා ප‍්‍රවේශය ලැබෙනතෙක් බලා සිටිනවා. ඒ විරාමය අතරේ තමයි කලා අංශයේ කටයුතු වලට දායක වන්නෙ.

ඇයි රූ රැජිණ තරග සඳහා එන්න හිතුනේ?
ඒක තරුණියකට ලැබෙන සුන්දර අවස්ථාවක්. සමාජය වෙනුවෙන් අනාගතයේදී යමක් කරන්න තබන පළමු පියවර වන්න පුළුවනි. එහිදී පළමුවරට සහභාගිවී, කිරුළ ලබන්න පුළුවන්නම් එය ලොකු වාසනාවක්. මට ඒ වාසනාව ලැබුණා.

රඟපෑමට ආවෙ රූ රැජින වූ නිසාද? ලස්සනයි කියලා හිතෙන නිසාද? නැත්නම් දක්‍ෂයි කියලා හිතෙන නිසාද?
ශ්‍රී ලංකා රූ රැජින තරගයට පෙනී සිටින අවස්ථාවේදීම ටෙලිනාට්‍ය රඟපෑමට ආරාධනා ලැබුණා. ඒත් ඒකාලයේ බාර ගත්තෙ නැහැ. රඟපෑමට ආසාවක් තිබුණා. හැබැයි ඒ වෙනුවෙන් දක්‍ෂතාවය තිබෙන්න  ඕනෑ. මගෙ දක්‍ෂතාවය ඒ මගින් පෙන්වන්න ඇත්නම් කියලා හිතුවා. මිස් ශ්‍රී ලංකා වුණාට පස්සෙ දෙරණෙම ”පිපෙන මල්” රඟපෑමට අවස්ථාව ලැබුණා. දැන් තවත් ටෙලි නාට්‍යයක රඟපෑමට ආරාධනා ලැබී තිබෙනවා.

මීට කලින් රඟපාලා නැති ඔබ මේ විදියට රඟපාන්න ආවාම මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ? රඟපෑම ගැන මොකද හිතුණේ?
 ලොකු අභියෝගයක් කියලා හිතුණා. පාසලේදී පවා නැටුම් කරලා තිබුණට රඟපෑම කරලා තිබුණෙ නැහැ. ඒත් මම අභියෝගය ජයගත්ත බව හැඟුණා. පළමු වතාවට මේ නාට්‍ය නිසා ප‍්‍රවීණයින් හඳුනා ගන්න ලැබුණා. ඒ අය මට ගොඩාක් උපදෙස් දුන්නා. ඇත්තටම ඒක මම ලබපු ලොකු වාසනාවක්. කවදාවත් ඒ වගේ ප‍්‍රවීණයින් එක්ක එකට වැඩ කරන්න ලැබේවි කියලා හිතුවෙ නැහැ.

කොහොමද ”පිපෙනමල්” චරිතයට ලැබෙන ප‍්‍රතිචාර?
 ඉතාම ඉහළයි. මම කවදාවත් ඒ විදියට ප‍්‍රතිචාර ලැබේවි කියලා හිතුවෙ නැහැ. අද මගේ යෙහෙළියන් පවා මට කතා කරන්නෙ ”පාරමී” කියලයි.

කොහොම වුනත්, අද නිළිය, නිරූපිකාව, රූ රැජින කියන දේවල් හරිම සාමාන්‍ය වෙලා. එහෙම නේද? ඒ ගැන හිතන්නෙ කොහොමද? 

රූ රැජිනවීම හැමෝටම වෙන්න බැරි දෙයක්. මම හිතන්නෙ ඒකට ලස්සන විතරක් තිබුණාට මදි. බුද්ධිය, පෞරුෂය සහ දක්‍ෂතාවය ආදී සියල්ල තිබෙන්න  ඕනෑ. රූ රැජිනක් වූ නිසාම නිළියක වෙන්න බැහැ. ඒ වගේ අවස්ථා ලැබෙන්නෙ ටික දෙනාටයි. දෙරණ ටිවී මිස් ශ්‍රී ලංකා වීමත් එක්ක මේ සියල්ල ලැබීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. කොහොම වුණත් නිළිය, නිරූපිකාව කියන චරිතයට වඩා තමාගේ චරිතයට මුල්තැන දීම ප‍්‍රධාන තැන වෙන්න  ඕනෑ. ඒක තියෙන්නෙ තමන්ගෙ අතේ.

ක්‍ෂේත‍්‍රයට ආවාම මොනව වගේ තැනක් කියලද හිතුණේ?

 ඇත්තටම මෙතැනට ආවාට පස්සේ තමයි මොනවගේ තැනැක්ද කියලා හරියටම තේරුණේ. හිතුවාට වඩා මෙතැන වෙනස්. හොඳ අය වගේම නරක අයත් ඉන්න වග වැටහුණා. කටකතා එමටයි. ඒ නිසා එහිදී හොඳ දේ විතරක් රැක ගැනීම අරමුණ වෙන්න  ඕනෑ.
සහෝදරකම තියාගෙන හැමෝටම ගරු කළානම් ප‍්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ.

විනූ මේ ක්‍ෂේත‍්‍රය තෝරා ගත්තෙ ජනප‍්‍රිය ලේබලය ලබන්න පුළුවන් හොඳම තැන කියලා හිතන නිසාද?
 එක එක්කෙනා එක් එක් මත දරාගෙන එනවා ඇති. කොහොම වුණත්, මොන විදියට හිතාගෙන ආවත්, අන්තිමට ජනප‍්‍රියත්වය ලැබෙන බව ඇත්ත. ඒත් සියලූ දේවල් හොඳද? නරකද? කියලා තමන් විසින්ම තීරණය කිරීම වැදගත්. සියල්ල යහපත උදෙසා වෙනවා නම්, ප‍්‍රශ්නයක් නැහැ.

විනූ ඔබ කොහොම කෙනෙක්ද?

මම හිතන්නෙ මම ගොඩාක් අහිංසක චරිතයක්. හැමෝටම මිත‍්‍රශීලී කෙනෙක්.
අභියෝගවලට මුහුණ දෙමින්, තමන්ගේ ජීවිතය මතින්ම නැගී සිටින්න උත්සාහගන්න කෙනෙක්. ජීවිතේ බොහෝ අලූත් දේ සොයා යන්න ආසයි. ඒ තුළින් උපරීම දක්‍ෂතාවය පෙන්වීම අරමුණයි.

සරසවියෙ වැඩ පටන් ගත්තාම, රඟපෑමට කාලය වෙන් කර ගන්නෙ කොහොමද? ආදරය ගැන කතා කරන්න තවම කල් වැඩිද?
 ඇත්තටම ඒ ගැන ලොකු අත්දැකීම් නැහැ. මම තවමත් ලබන්නෙ දෙමාපිය ආදරේ. හැබැයි යෝජනා නම් ගොඩාක් ලැබෙනවා. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. ඒත් දැනට ලබන පේ‍්‍රක්‍ෂක ආදරය මට හරි වැදගත්. ඒක ඇත්තටම වාසනාවක්.

කවුද ප‍්‍රියතම රංගන ශිල්පිණිය?
 මාලනී ෆොන්සේකා මහත්මිය.

කාන්තාවක්වීම ගැන ඔබ හිතන්නෙ කොහොමද?
සමහර කාන්තාවන් කාන්තාවක් වීම ගැන කනගාටුවෙනවා. ඒත් සමාජයේ ඉහළින්ම කාන්තාවකට සිටිය හැකියි. කාන්තාව පසුගාමී විය යුතු නැහැ. මට නම් කාන්තාවක වීම ආඩම්බරයට කරුණක්.



RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats