‘‘කිම්“ වගේ ඇඟ හදාගන්න ජානකීත් දඟලන හැටි - ඡායාරූප
පහුගිය දිනවල ගායිකාවක මෙන්ම නිවේදිකාව ද වූ නටාෂා රත්නායක, සරාගී හොලිවුඩ් තාරකාවියක වන කිම් කාඩේෂියන් මේන් තම සිරුර ද හැඩ කරගන්නට වෙහෙසෙන අයුරු දක්නට ලැබුණා. ඒ බව පෙන්වමින් ඈ අන්තර්ජාලයට මුදාහරින ලද ඡායාරූප ෆෙස්බුකියේ බොහෝ පිරිසකගේ අවධානයට ලක්වූ අතර, ඇතැමුන් නටාෂාව, ''ලංකාවේ කිම්'' යනුවෙන් හඳුන්වා තිබුණා.
කොහොමින් කොහොම හරි නටාෂාගේ කතාව පරණ වෙද්දී යල් පනින්නට ඔන්න මෙන්න තිබුණු ඒ මාතෘකාව අලුත් කරන්න කරළියට අලුත් නිළියක් ඇවිත්. ඒ වෙන කවුරුත් නොව, නිළියක් වගේම නිෂ්පාදකවරියක් වන ජානකී විජේරත්න යි.
කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක් වන ජානකී මේ දවස්වල නම් වැඩිපුරම ඉන්නෙ ජිම් එකේලු... මේ දිනවල තමන්ගේ ශරීරයේ හැඩය ගැන ගොඩක් හිතන ජානකී දැන් නටාෂා රත්නායකටත් වඩා ලස්සන වෙලා කියලා තමයි ගොඩක් අය කියන්නේ.
අප මුලදී සඳහන් කළාක් මෙන් නටාෂාට නම් ලංකාවේ අය කියන්නේ දැන් ලෝකල් කිම් කියලා. ඒත් කිම් කාඩේෂියන්ට තමයි මේ ලෝකේ සරාගීම ඇඟ තියෙන්නේ.... ඉතිං තව ටික දවසක් ගියාම ජානකීටත් ඒ ළඟටම එන්න බැරි වෙන එකක් නැහැ... ඒ කිව්වේ නටාෂාට වැදුණු ලේබලේ ජානකිටත් ළඟදීම දවසක වැටේවි.
පහතින් දැක්වෙන්නේ ජානකී, සහ නටෂා කිම්ගේ ළඟින් යන්න ඇඟ හදාගත් අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයකි.