මෙසේ නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ බුත්ගමුව පාර, කොටිකාවත්ත පදිංචිකාරියකි.
නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරු වන උප පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතා සාක්ෂි ලබා දුන්නේය.
පැය තුනක පමණ දීර්ඝ සාක්ෂි විමසීමකින් පසු පොලිසිය විත්තිකාරියට විරුද්ධව ඉදිරිපත් කරන ලද සාක්ෂි පරස්පර වීමත් සාමාන්‍ය නෛතික ක්‍රියා පටිපාටියේදී සිදු නොවන කරුණු සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමත් යන කරුණු මත විත්තිකාය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කමල් විජේසිරි මහතා තවදුරටත් ඉදිරි සාක්ෂි මෙහෙයවීමෙන් පළක් නොවන බවත් එබැවින් විත්තිකාරිය නිදහස් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ලංකාවේ නළු නිළියන්ට අත්ව තිඛෙන කණගාටුදායක ඉරණම ගැන සති අන්ත පුවත්පතකට අදහස් දක්වා තිඛෙන ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරා ලංකාවේ සහ ඉන්දියාවේ රංගන ශිල්පීන්ගේ තත්වය අහසට පොළොව මෙන් පරස්පර බව කියා සිටියි.
ඔහු මේ ගැන උදාහරණයට ගෙන ඇත්තේ, ක්‍රිකට් ක්‍රීඩාවයි. අයි පී එල් ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රීති සින්ටා ආදී බොලිවුඩ් නිළියන් මුදලට ගැනීම ගැන සඳහන් කරන ඔහු අදහස් දක්වා සිටියේ පහත පරිදිය.
'' ඉන්දියාවේ නළු නිළියෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ව සල්ලිවලට ගන්නවා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ නළු නිළියන්ව සල්ලිවලට ගන්නවා” නළුවාට වෘත්තීය පසුබිමක් ලංකාවේ නෑ. මම අවුරුදු 35ක් රගපෑවා. තාම ගේ හදාගන්න බැරිවුනා. පිටරට ගිහින් අවුරුදු දෙකක් තුනක් මොනවා හරි කරලා අවා නම් ගේත් හදලා වෑන් එකකුත් පෝටිකෝ එක යට නවත්වලා ආයෙ රට යන්න තිබුනා. ඕවා ඔහොම තමයි”