Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK

Damitha Abeyratne's New Problem

Add comments

ජනප්‍රිය නිළි දමිතාගේ නම විකුණා ඇගේ සොහොයුරා ලක්ෂ ගණනක මුදල් ගරයි

ශ්‍රී ලංකා කෘෂි ඉතිහාසයේ දැවැන්ත පෙරළියක් කරමින් අපි හරිත වසන්තය ව්‍යාපෘතියේ සිව් වැනි ව්‍යාපෘතිය ආරම්භ කළෙමු. මේ සතිඅන්ත ජාතික පුවත්පතක පිටුවක් පිරෙන්නට 2011 වසරේ අප්‍රේල් 24 වැනිදා පළවී තිබුණු දැවැන්ත දැන්වීමක කොටසකි. එකී දැන්වීම වර්ණවත් වී තිබුණේ සම්මානලාභී ජනප්‍රිය ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිළි දමිතා අබේරත්නගෙනි.

එම දැන්වීමට අනුව ඇයද එහි ආයෝජිකාවකි. ඒ ආයෝජනයේ ප්‍රතිලාභ තමන් භුක්ති විඳින බව ඇයගේ ප්‍රකාශයේ සඳහන්ව තිබුණේ එකී ව්‍යාපෘතිය විශ්වසනීය කටයුත්තක් බව හැඟවෙන ආකාරයටය. මතෛක් රඟපා ඇති නිර්මාණ බොහොමයකටම සම්මාන පිට සම්මාන හිමිව ඇති ඇය ජාත්‍යන්තරයේ පවා ඇගයීමට ලක්වුණු ශ්‍රී ලාංකීය නිළියකි. ඇගේ ඒ ජනප්‍රියත්වය එම දැන්වීමට යොදාගෙන තිබුණේ එක්තරා පෞද්ගලික සමාගමක් විසිනි.

එම සමාගමේ ව්‍යාපාර ස්වභාවය වූයේ වගා ඉඩම් පුද්ගලයන්ට අලෙවි කොට ඊළඟට එම ඉඩම්වල ඔවුන්ම වගාවන් කර එහි ප්‍රතිලාභවලින් කොටසක්ද ඉඩම් මිලදී ගත් පුද්ගලයන්ට ලබාදීමය. ඔවුන් එය හඳුන්වා දී තිබුණේ 'හරිත වසන්තය' ලෙසිනි. දමිතා එම දැන්වීමේ පෙනී සිටීමෙන් සහ ඇයගේ ප්‍රකාශයන්ට එම ව්‍යාපෘතියට ආලෝකයක් මෙන්ම මහජන විශ්වාසයක් ගොඩනැගෙන්නට වූයේ නිතැතිණි. දැන්වීම්කරුවාට අවශ්‍ය වන්නට ඇත්තේද එය විය හැකිය. ඒ ඇගේ ජනප්‍රියභාවයෙන් සිය ව්‍යාපාරය ගොඩනගා ගන්නටය.
එකී පුවත්පත් දැන්වීමට අනුව එම සමාගම් කාර්යාලය පිහිටා ඇතැයි සඳහන් වූයේ කොළඹ 06 මායා ඇවනිව් හි පිහිටි ගොඩනැගිල්ලකය. දුරකථන අංක දෙකක් මෙන්ම අන්තර්ජාල වබේ අඩවියක ලිපිනයක් පවා එම දැන්වීමේ සඳහන් වුවත් එම දුරකථන දෙකම ජංගම දුරකථන අංකය. ස්ථාවර දුරකථන අංකයක් එහි නොවීය.

පුවත්පත් දැන්වීමට අනුව හැඟීයන්නේ එම ව්‍යාපාරය කාලයක් තිස්සේ සාර්ථකව කරගෙන යන එකක් බවය. හරිත වසන්තයේ සිව්වැනි ව්‍යාපෘතිය ආරම්භ කළා යැයි සඳහන් වන්නේ ඒ නිසාය.

බඩල්කුඹුර කුඹුක් ඔයට මායිම්ව මනරම් වටපිටාවක බිම් කොටස් 100ක්. ඔබත් කෘෂි වගා ඉඩමක හිමිකරුවෙකු වී මාසිකව රුපියල් 2100 ත් 127,000ත් අතර ආදායමක් උපයා ගන්න.

ඔබ ආයෝජකයකු ලෙස වාර්ෂිකව ලබාගන්නා 8, 10 අතර ප්‍රතිලාභ වෙනුවට වාර්ෂිකව 20ට නොඅඩු ප්‍රතිලාභයක් අපගේ මෙම ව්‍යාපෘතිය තුළින් ඔබට ලබා දෙන්නෙමු. ආදී ආකර්ෂණීය වාක්‍යවලින් හැඩවුණු එකී පුවත්පත් දැන්වීමට අනුව එම ව්‍යාපාරික කටයුත්ත සිදුවන්නේ මුලින්ම කිසියම් ගැනුම්කරුවකු එම සමාගමෙන් ඉඩම් කොටසක් මිලදී ගනිමිනි. එම ඉඩම් ඔවුන් හඳුන්වන්නේ කෘෂි ඉඩම් ලෙසය. හුදෙක් එය ඉඩම් මිලදී ගැනීමකට වඩා ඔවුන් හඳුන්වන්නේ ආයෝජනයක් ලෙසිනි.

එකී ආයෝජනයේ ප්‍රතිලාභය වන්නේ මිලදී ගත් ඉඩමේ වගා කටයුතු කිරීමෙන් ලැබෙන ලාභයය. වගා කටයුත්ත කරනුයේද අදාළ සමාගම විසිනි. ඉඩම මිලදී ගන්නාට මේ තුළින් අවසානයේ ඉඩම මෙන්ම තවත් ආදායමක්ද හිමි වේ.
පුවත්පත් දැන්වීමට අනුව ඔවුන් ප්‍රධාන වශයෙන් වගා කරනුයේ අන්නාසිය. අතුරු බෝග ලෙස ‍පොල්, රඹුටන්, ඩ්‍රැගන්ෆුඩ්, වී, තේක්ක වගා කරන බව සඳහන්ය.

වගා කටයුතුවලින් 100ක්ම පාරිභෝගික ඔබ නිදහස් වන අතර පැළ සිටුවීම, නඩත්තුව, අස්වැන්න විකිණීම ආදී කටයුතු අප සමාගම විසින් සිදු කිරීම මෙහි විශේෂත්වයයි යැයිද එම දැන්වීමේ පැහැදිලිවම සඳහන් කර ඇත්තේ ඉඩම් මිලදී ගැනීමට ජනතාව තුළ උනන්දුවක් ඇති කරන්නටය.

ඒත් සමගම එම දැන්වීමේ පැහැදිලිවම තවත් දෙයක් සඳහන් කර ඇත්තේය. ඒ අවිස්සාවේල්ල, කිරිඳිවැල සහ මොණරාගල ඇති සියලු ව්‍යාපෘති ඒ වන විට විකිණී අවසන්ව ඇති බවය. ඒ තුළින් එම පෞද්ගලික සමාගම ඒත්තු ගන්වන්නට උත්සාහ දරන්නේ කුඹුක්කන්ඔයට මායිම්ව ඇති බිම් කොටස් විකිණී හමාරවන්නට පෙර මිලදී ගන්නා ලෙසය.

ඉඩමක් මිලදී ගන්නට වත්කමක් ඇති මෙන්ම නැති අය පවා අනාගත ආයෝජනයක් සේ සලකා ‍පොරකමින් එකී ඉඩම් මිලදී ගන්නට වූයේ දමිතා අබේරත්න වැනි රටේ ජනප්‍රිය නිළියන් පවා එහි ආයෝජකයන් බව සඳහන්ව තිබිම හේතුවෙනි.

අනුරාධපුර ගුවන් තොටුපළ පාරේ පදිංචිකරුවකු වන ඒ.කේ. ගුණපාල මහතා ද ඒ අය අතර සිටියෙකි. රියැදුරෙකු වන ඔහු සූදානම් වූයේ පර්චස් අසූ හතරක ආයෝජනයක් කරන්නටය. ඒ අනුව සමාගම සඳහන් කරන්නට වූ ආකාරයට අනුව වැඩි බිම් ප්‍රමාණයක් මිලදී ගැනීම වැඩි ආදායමක් ලබන්නට මග පෑදෙන බැවිනි.

ගුණපාල මහතා එකී ආයෝජනයට සමාගම සමග අදහස් හුවමාරු කර ගනු ලබන්නේ පුවත්පත් දැන්වීමේ සඳහන් වූ ජංගම දුරකථන අංකය හරහාය. එහිදී ඔහු හා කතාබස් කළේ සමාගමේ අධ්‍යක්ෂවරයෙකි. හරිත වසන්තය ව්‍යාපෘතියේ මුදල් ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ ගුණපාල මහතාට එහිදී ඔහු විස්තර කරන්නට වූයේ තවත් වසර කිහිපයකින් ඉහළ යන ඉඩම් මිල මෙන්ම ඒ කාලය තුළ වාර්ෂිකව ඉඩමේ කෙරෙන වගාවෙන් ලැබෙන ආදායම් ගැනද කියමිනි.

ඊට අනුව පර්චස් 10 ක ඉඩම් කොටසක් මිලදී ගන්නට වැය වන්නේ රුපියල් එක් ලක්ෂ විසි පන්දහසක මුදලකි. එම ඉඩමේ වගා කටයුතුවලින් ලැබෙන මාසික ආදායම රුපියල් 2100කි. වාර්ෂිකව නම් රුපියල් විසි පන් දහසකට අධිකය. රුපියල් එක්ලක්ෂ විසි පන්දහසක මුදලක් වැය කර වසරකට විසි පන්දහසක් වැනි මුදලක් ඒ තුළින් උපයාගත හැකි නම් එය ඉතා වාසි සහගත ආයෝජනයකි. ඒ අවසානයේ ඉඩම මෙන්ම අතට මුදලක්ද ලැබෙන බැවිනි.
සමාගම් අධ්‍යක්ෂවරයා ගුණපාලට සඳහන් කරන්නට වූ කරුණු අතර තවත් වැදගත් කාරණාවක් වන්නේ සියලු වගාවන් සියයට 100ක්ම රක්ෂණය කර තිබිමය. ඒ නිසා වගා හානි සිදුවූවත් ආයෝජනයේ ප්‍රතිලාභ ලැබෙන බව ඔහු ගුණපාලට එත්තු ගැන්වීය.


රියැදුරු රැකියාවෙන් ඉතා දුක් මහන්සියෙන් උපයාගත් මුදලින් කොටසක් ගුණපාල හරිත වසන්තය ව්‍යාපෘතියට ආයෝජනය කරන්නට තීරණය කරනුයේ ඒත් සමගය. ඒ බඩල්කුඹුරට ගොස් වගා කරන ඉඩමද පරීක්ෂා කර බලමිනි.


එකී ඉඩමෙන් ගුණපාල වෙන් කරගනු ලබන්නේ පර්චස් අසූ හතරක කොටසකි. එම බිම් කොටස ඔහු වෙන්කරවා ගන්නේ මැයි 05 වෙනිදාට පෙරය. ඒ වටිනාකමින් සියයට 10ක වට්ටමක් ද ලැබුණු බැවිනි.

ඒ අනුව ගුණපාල පර්චස් 84ක ඉඩම් කොටස වෙනුවෙන් ආයෝජනය කළ යුතු වූයේ රුපියල් ලක්ෂ 09ක මුදලකි. එයින් අන්තිකාරමක් ලෙස ඔහු මුලින්ම ගෙවන්නේ රුපියල් දෙලක්ෂයකි. ඒ අනුව සමාගමේ නියෝජිතයෙකු නිවසට පැමිණ ලියකියවිලිවලට අත්සන්ද ගැනීමෙන් අනතුරුවය.

අත්තිකාරම් මුදල් ලබා ගැනීමෙන් පසු වැඩි කාලයක් ගත නොවීය. ගුණපාලට ඇමතුමක් දුන් සමාගම් අධ්‍යක්ෂවරයෙකු ඔහුට ඉතිරි මුදල් ඉතා ඉක්මනින් බැංකුගත කරන ලෙස දැනුම් දුන්නේ එසේ නොවුවහොත් ඉඩම් කොටස අහිමි වී යාමේ අවදානමක් ඇති බවට ඉඟියක්ද කරමිනි.

ඒ අනුව රුපියල් ලක්ෂ 05ක් ගුණපාල බැංකුගත කරනුයේ ඉහත කී අධ්‍යක්ෂවරයා නමින් ඇති ගිණුමකටය. ඉතිරි මුදල් තවත් අවස්ථාවකදී එම ගිණුමටම ඔහු බැර කළත් පර්චස් 84ක ආයෝජනයේ ලාභාංශ වශයෙන් ඔහුට ලැබෙන්නේ රුපියල් 7900ක මුදලකි. ඒ මුදල පවා ඔහුට ලැබෙන්නේ අනුරාධපුරයේ ඔහුට අයත් බැංකු ගිණුමකටය.

එකී පළමු ලාභ බෙදීමෙන් පසු ගුණපාලට නැවත ආයෝජනයේ ප්‍රතිලාභයක් නම් ලැබුණේ නැත. ඒ ගැන ඔහු සමාගමේ අධ්‍යක්ෂවරයාගෙන් කිහිප විටක්ම විමසුවත් ඒ ඉඩම්වලින් දැන් ආදායමක් ලැබෙන්නේ නැහැ. ඉඩම් ටික විකුණලා ඔයාලගෙන් ගත්තු සල්ලි අපි ගෙවන්නම් ලැබුණු පිළිතුර එයය.

2011 වසරේ මැයි මාසයේ සිට 2012 වසරේ නොවැම්බර් මාසය දක්වාම  ගුණපාල තම ආයෝජනයේ ප්‍රතිලාභ හෝ ආයෝජන මුදල ලැබෙනකම් බලා සිටියේය. ඔහු මෙන්ම හරිත වසන්තයට මුදල් ආයෝජනය කළ පිරිස විශාලය. ඔවුන්ද බලා සිටියේ තම ආයෝජන මුදල් අද ලැබේවි හෙට ලැබේවි යැයි සිතමිනි.

හැබැයි ගුණපාල එසේ නොවීය. ඔහු නොවැම්බර් 29 වෙනිදා ඒ ගැන අනුරාධපුර ‍පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් පැමිණිලි කළේය. ඒ ගුණපාලට ඒ ගැන කියන්නට වෙන කිසිවකු නොවූ තැනය.

ඒ අනුව එකී පැමිණිල්ල අනුරාධපුර සහකාර ‍පොලිස් අධිකාරී කැළුම් තිලකරත්න මහතා විසින් යොමු කරනු ලබන්නේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙතය. ඒ එහි ස්ථානාධිපති සංජය දිසානායක මහතාට අවශ්‍ය උපදෙස්ද ලබා දෙමිනි.

ඒ අනුව කෙරුණේ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව විශේෂ අපරාධ විමර්ශන ඒකකය අනාවරණය කරගත්තේ එකී සමාගමේ එක් අධ්‍යක්ෂවරයකු දමිතා අබේරත්නගේ සහෝදරයා බවය. ගුණපාල මුදල් බැර කර ඇත්තේද ඔහුගේ ගිණුමටය.

සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේද ලියාපදිංචි කොට ඇති මෙම සමාගමේ ලියාපදිංචි විස්තරවලට අනුවද දමිතාගේ සහෝදරයා එහි අධ්‍යක්ෂවරයකු බව විශේෂ අපරාධ විමර්ශන ඒකකයට තහවුරු විය.

ඒ අනුව පැපිලියාන - නුගේගොඩ පාරේ පදිංචිකරුවකු වන සංජය බණ්ඩාර අබේරත්න නම් වූ දමිතා අබේරත්නගේ සහෝදරයාද, සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාල තොරතුරුවලට අනුව තවත් අධ්‍යක්ෂවරයෙකු වූ නාරාහේන්පිට නාවල පාරේ පදිංචි ඉන්දික හේවාවසම් නැමැත්තාද ප්‍රශ්න කිරීමට විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අවශ්‍ය විය.

ඒ සඳහා ඔවුන්ව විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කැඳවූවත්, ‍පොලීසියට කට්ටි පනින්නට වූයේ තම බල පුළුවන්කාරකම් හේතුවෙන් විය හැකිය. මාස හයක් පුරා එසේ ‍පොලීසියට කට්ටි පනිමින් සිටි ඔවුන් දෙදෙනාගෙන් මුලින්ම කොටු කරගන්නට හැකි වන්නේ දමිතාගේ සහෝදරයාවය.

දැන් ඔහු සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. ඒ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය විසින් ඔහුව 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද බැවිනි.

ඒ අනුව දැන් ඉතිරිව ඇත්තේ වගා ඉඩම් පෙන්වා ජනතාව ගොනාට අන්දවන ලද සමාගමේ සෙසු  අධ්‍යක්ෂවරයා අල්ලා ගැනීමය. ඔහු දමිතා අබේරත්නගේ සහෝදරයාගේ ව්‍යාපාරික සඟයා මෙන්ම ඇගේ හිතවතෙකුද වන බව දැනටමත් ‍පොලීසිය අනාවරණය කරගෙන හමාරය.

දමිතා අබේරත්න මෙම වංචාවට සම්බන්ධ බවක් හෙළිවී නැතත්, ඇය එකී සහෝදරයාගේ හරිත වසන්තය ව්‍යාපෘතියට අදාළ වෙළෙඳ දැන්වීමේ පෙනී සිටියාය.

ඇය පවසන්නේ තමා ඒ දැන්වීමේ පෙනී සිටියේ සහෝදරයාගේ සහ අනෙක් පාර්ශ්වයේ හිතවත්කම මත බවය. එය හුදෙක් දැන්වීමක රඟපෑමක් මිස අදාළ සමාගම සමග වෙනත් කිසිදු සම්බන්ධකමක් නොමැති බවද ඇය සඳහන් කරන්නීය.

එම දැන්වීමට ඇය පෙනී සිට ඇතැයි කියන්නේ මුදල් අය කිරීමකින් තොරවය. පුවත්පත් දැන්වීමේ පෙනී සිටියද 'හරිත වසන්තය' ව්‍යාපෘතියෙන් කෙරෙන ගනුදෙනු පිළිබඳව තමන් දැනුවත් වී නොසිටි බවද ඇය අවධාරණය කරන්නීය.

මුදල් ලබා නොගෙන තමා පෙනී සිටි එම දැන්වීම ඉවත් කරගන්නා ලෙස 2011 වසරේ ජූනි 21 වෙනිදා සමාගමෙන් ලිඛිත ඉල්ලීමක් කළ බවත්, 2011 ජූනි 30 වෙනිදා සමාගම විසින් එය පිළිගෙන තමාට ලිපියක් යොමුකර ඇතැයිද ඇය සඳහන් කරන්නීය.

ගයාන් කුමාර වීරසිංහ




RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats