නිව්යෝක් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සහ දරුවෙකු හා සමාන ජගත් චමිල පිළිබඳ අප සමග කතාවට එක්වෙමින් හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මිය පවසා සිටියේ ජාත්‍යන්තර මට්ටමින් හඳුනාගත් චිත්‍රපට උළෙලකින් හොඳම නළුවා ලෙස සම්මානයක් ලබන ශ්‍රී ලංකාවේ දෙවැනි නළුවා ලෙස ජගත් චමිල සිංහල සිනමා වංශ කතාවට එක් වන බවයි. ශ්‍රී ලංකාවේ නිළියන් වශයෙන් තමා ඇතුළු අනෝජා, නීටා ප්‍රනාන්දු ජාත්‍යන්තර සිනමා උළෙලවලදී සම්මාන දිනා තිබෙන නමුත් නළුවන් වශයෙන් ජෝ අබේවික්‍රම මහතා පමණක් ජාත්‍යන්තර සිනමා උළෙලකදී හොඳම නළුවා සම්මානය දිනා තිබූ බව ඇය පැවසුවාය. ඉන්පසු ජගත් චමිල ලබාගත් හොඳම නළුවා සම්මානය ශ්‍රී ලංකාවේ වර්තමාන නළු පරපුරේ දක්‍ෂතා වෙනුවෙන් ජාත්‍යන්තර සිනමාව ලබා දුන් වටිනා සහතිකයක් බවත් ෆොන්සේකා මහත්මිය සඳහන් කළාය.
ජාත්‍යන්තර වශයෙන් අපට මුලින්ම සම්මානයක් ලැබුණේ ඔලිම්පික් උළෙලකදී. ඊට පසුව ජාත්‍යන්තර සම්මාන ලැබුවේ ශ්‍රී ලංකාවේ සිනමාවට සම්බන්ධ අධ්‍යක්‍ෂවරුන් සහ නිළියන්. ක්‍රිකට්වලටත් ජාත්‍යන්තර සම්මාන හිමිවෙනවා. ඒ නිසා ජගත් චමිල පුතා ලබපු මේ සම්මානය අපේ රටට ලොකු ආඩම්බරයක්. මාලනී ෆොන්සේකා මහත්මිය සඳහන් කළාය.
සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ අතිශය ජනප්‍රිය නළු ශ්‍රියන්ත මෙන්ඩිස් මෙසේ කීවේය.
මහේන්ද්‍ර පෙරේරා පැවසුවේ මෙවන් අදහසකි.
“ජගත් චමිල සමග පසුගිය මාස එකහමාරක පමණ කාලයක් මම හිටියේ ඕස්ට්‍රේලියාවේ නාට්‍ය රංගනයක යෙදෙමින්. අපි උදේ පාන්දර හතරට අවදි වෙලා පුහුණුවීම්වල යෙදුණා. විෂය තුළට පිවිසීමට ජගත් තුළ තිබෙන ඕනෑකම මම දැක්කා. ඔහු මෙම සම්මානය දිනා ගත්තේ දැවැන්ත රටවල් සමග තරග කිරීමෙන්. ශ්‍රී ලංකා සිනමාව නැමැති කුණු ගොහොරුවෙන් මතු වූ ජගත් චමිල අද ජාත්‍යන්තර මට්ටමින් ඔප දැමූ නිල් මැණිකක්.”
සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය.
“මගේ නිර්මාණවලට ජගත් චමිල සම්බන්ධ කර ගන්න නොලැබීම කණගාටුවට කාරණාවක්. ඔහු රටට ලබා දුන් ආඩම්බරය සුළු කොට තකන්න බැහැ. ජාත්‍යන්තර තලයේ නළුවන් සමග සටන් කොට ඔහු ජයගෙන තිබෙනවා. ‘සැමීගේ කතාව’ චිත්‍රපටය මම නැරඹුවා. ඔහුගේ රඟපෑම් පිළිබඳ පැහැදුණා. මෙම සම්මානයෙන් චිත්‍රපටයට ලොකු ආලෝකයක් ගෙන එන බව මට විශ්වාසයි.”
මේ වගේ අවස්ථාවක දී ජැක්සන් ඇන්තනී වැනි දක්‍ෂ නළුවෙක් ජගත් ගැන කියන්නේ කුමක්දැයි ජගත් චමිල දැන ගන්නට සතුටු ඇතැයි සිතුණි. එබැවින් අප ජැක්සන්ට කතා කළෙමු. මේ ජැක්සන්ගේ හඬයි.
“ නිව්යෝක් වැනි බටහිර රටකින් අපේ ශිල්පියෙක් සම්මාන ලැබීම වටිනා දෙයක්. මේ වටිනාකම අපි කවුරුත් දන්නවා. මෙවැනි කීර්තියක් ලබා දුන් ශිල්පී ශිල්පිනියන් අප රටේ සිටිනවා. නමුත් මම මොහුගෙන් දුටුවේ මනුස්සකම. මාත් සමග‘ගුරු ගෙදර’ චිත්‍රපටයේ රඟපාන විට ජගත් චමිල කොලු ගැටයෙක්. ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂ විජය ධර්ම ශ්‍රී මියගියාට පසු එම පවුල හුදෙකලා වුණා. එම අවස්ථාවේ ධර්ම ශ්‍රී ගෙ පවුලට ජගත් චමිල එකතු වන්නේ විජයගේ දුව විවාහකර ගනිමින්. ඒ තමයි මනුස්සකම. එතැන් සිට ඒ පවුලට පියෙක් වන්නේ ජගත් චමිල. අදටත් ජගත් චමිල තම විවාහය ඉතා සාර්ථකව ගෙන යනවා. ඔහු සම්මාන උළෙලට දරුවත් බිරිඳත් සමග සහභාගී වෙනවා. ක්ෂේත්‍රයේ හැමෝම ආදරය කරන, සැමටම ආදර්ශයක් ලෙස ජීවත් වන ජගත් මනුෂ්‍ය ගුණාංගවලින් පිරුණ තරුණයෙක්. මෙවැනි තරුණයෙක් නිව්යෝර්ක්වලදී ලෝකයේ හොඳම නළුවා වන්නේ වාසනාව නිසා නොවේ. තනිකරම හැකියාව නිසා. මම ඔහුගේ අනාගතයට සුබ පතනවා.
The film “Sam’s Story” is based on the critically acclaimed book of the same name written by Capt. Elmo Jayawardena that won the Gratiaen Prizein 2001.
Jagath is known for his ability to adapt to roles he performs, making him one of the most outstanding actors Sri Lanka has produced, in all three formats of acting; Stage drama, tele drama and cinema.