Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK

ජගත් චමිල ලෝකයේ හොඳම නළුවාට නිර්දේශ වෙයි

1986 තිස්ස ජයවර්ධනයන්ගේ "සමනළ කන්ද" වේදිකා නාට්‍යයෙන් පාසල් අවදියේම රංගනයට පැමිණි කුඩා කොල්ලෙකු 1989 දි සිය ප‍්‍රථම සිනමා රංගනයට එක්වූයේ විජය ධර්ම ශ‍්‍රී ගේ "ගුරුදෙර" සිනමා නිර්මාණයෙහි අනෝජා වීරසිංහගේ පුතකු ලෙසය. මේ කොලූ ගැටයා වේදිකාවේ, සිනමාවේ මෙන්ම රුපවාහිනි නාට්‍ය තුළද තම රංග කුශලතාව ඔප් නංවා ගත්තේ සිය සහජ කුශලතාව රංගනයම බව පසක් කරමිණි. පාසල් අවදියේම රංගනයට පිවිස අද වනවිට ජාත්‍යන්තරය වෙත ගමන් කොට ඇති මේ අසහාය රංගන ශිල්පියා ජගත් චමිලය.

ජෝ අබේවික‍්‍රමයන් 'පුරහඳ කළුවර' සඳහා ආසියාවේ හොඳම නළුවා ගේ සම්මානය ලබාගැනීමෙන් අනතුරුව මෙරට රංගන ශිල්පියෙකු ජාත්‍යන්තර යේ හොඳම නළුවන් අතරට පැමිණ තිබෙන්නේ ජගත් චමිලය.

එය අතිශය වැදගත්, ඵෙතිහාසික කාරණයක් වන්නේ ආසියානු කලාපයෙන් ඔබ්බට ගිය හොලිවුඞ් තරගකාරී අංශයෙන් ජගත් චමිල"නිව්යෝර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේ" හොඳම නළුවා තරගය සඳහා නිර්දේශ වීමය. ඔහු සමග තවත් නළුවන් සිව්දෙනෙකු ඩොමිනික් ප'සෙල් (කැනඩා)එඞ්වර්ඞ් ෆලෝන්ග් (අමෙරිකා)සෙබස්තියන් ජේසන් (ඩෙන්මාර්ක් ) ඕමාර් ෆරැන්කෝ (කියුබා ) යන රටවල් හතර නියෝජනය කරමින් මේ සඳහා තරගකරනු ඇත. මෙම සිනමා සම්මාන උළෙල මේ වසරේ ජූනිමස 13 දින සිට 20දක්වා අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී පවත්වනු ලබන අතර 20දා සම්මාන ප‍්‍රධානය පැවැත්වීමට නියමිතය.

කැප්ටන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග‍්‍රීසි භාෂාවෙන් රචනා කරන ලද "සැමීගේ කතාව"(sam's story) ගේ‍්‍රෂන් සම්මානය දිනාගත් නවකතාවකි. මෙම නවකතාවට පාදක වූ 'සැමී' නැමැති සැබෑ චරිතය ජීවත්වූයේද එල්මෝ ජයවර්ධන ගේ නිවසේමය. මෙම නවකතාව ඇසුරින් ප‍්‍රියංකර විතානාච්චි 'සැමීගේ කතාව' නමින් සිනමා පටයක් නිර්මාණය කළේ එහි 'සැමීගේ' චරිතය සඳහා ජගත් චමිලව තෝරා ගනිමිණි.

මිරර් ආර්ට්ස් ජගත් චමිල සමග කතාබහට එක්වූයේ සැමීගේ කතාවේ කළ රංගනය වෙනුවෙන් ඔහු නිව්යෝර්ක් ජාත්‍යන්තර සම්මාන උළෙලේ හොඳම නළුවාට නිර්දේශ වීමේ වගතුග දැන ගැනීම පිණිසය.

මේ ඔහු හා කළ සංවාදයයි
ජගත් ඔබව නිව්යෝර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නළුවාට නිර්දේශ වෙලා සතුටුයි නේද?

ඇත්තටම ලොකු සතුටක් .මගේ ජීවිතේ මට දැනෙන, හැගෙන දේ තමා අපි කරන කැපවීම් අනුව අපිට මේ වගේ අවස්ථා ලැබීම. ඇත්තටම ප‍්‍රියංකර සර් මට මේ චරිතය ගැන කිව්වෙ දුරකථනයෙන්.


අපි වසර 10කින් විතර මුණගැහිලා තිබුනෙ නැහැ. කෙසේ හෝ අමෙරිකාවේ සිට ඔහු පැමිණි පසු මා ඔහු මුණගැසෙන්නට ගියා. මේ සම්බන්ධයෙන් කතාකරන්නට එන්නට කිවූ පසු. මෙහිදී මට දැනුනේ වෙනස්ම ආකාරයේ හැගීමක්. මා හිතුවා මේ සඳහා මා යා යුත්තේ ජගත් චමිල ලෙස නොවේ කියා. මම බිරිඳ සමගයි ඔහු මුණගැසීම සඳහා ගියේ. ඒ යනවිට ප‍්‍රියංකර සර් සැමීගේ චරිතය සම්බන්ධව පැවසූ, මා සිත තුළ ඇඳී තිබූ රූපකායෙන් යුතුවයි මා එහි යන්නට තීරණය කළේ. ඒ අනුව මා කටේ පුළුන් පුරවගෙන එහි ගියා. ඔහු හමුවට මා ගියවිට මා දෙස මොහොතක් බලා සිටියා. මමත් කතා නොකර සිටියා. මම කිව්වා' මම ජගත් චමිල' කියලා. ඔහු මොහොතක් හිඳ කිව්වා, 'ජගත් මේ තමා මගේ සැමී' කියලා ඉතින් ඇත්තටම එය පුදුම සිදුවීමක් වුණා .

ඒ කියන්නේ අධ්‍යක්‍ෂවරයාගේ චරිතය ඔබ සාර්ථක ලෙස අවබෝධ කර ගැනීම කියන කාරණයයි

මම හිතනවා එය එසේ වන්නට ඇති කියා. මේ සම්බන්ධව ප‍්‍රියංකර සර් අපූරු හෙලි දරව්වකුත් කළා. සර් මගෙන් ඇහුවා 'මාලන් බ‍්‍රැන්ඩො ගෝර්ඞ් ෆාදර් චිත‍්‍රපටයට තෝරාගත් ආකාරය ඔබ කියවලා තිබෙනවාද කියලා. මම 'නැහැ' කිව්වා .ඔහු කිව්වා මාලන් ගෝර්ඞ් ෆාදර් සඳහා නළු නිළියන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණය සඳහා අධ්‍යක්‍ෂ සහ නිෂ්පාදක වරයා සිටි තැනින් එම චරිතය ආකාරයෙන් වෙස්වළාගෙන එතැනින් එහාටත් මෙහාටත් කිහිප පාරක් ගිහින් තිබෙනවා. එවිට නිෂ්පාදක හා අධ්‍යක්‍ෂ පවසා තිබෙනවා 'අර ඉන්නෙ ගෝර්ඞ් ෆාදර් වගේ කෙනෙක් කියලා'. ඉතින් ඒ කතාව යි මේ අතරෙයි යම් සියුම් සබඳතාවක් ඇති බව යි පෙනෙන්ට තිබෙන්නේ. නමුත් සත්තකින්ම මා එවැන්නක් දැන සිටියේ නැහැ.

ඇත්තටම සැමී ලෙස මා වෙස්වළාගත් ආකාරයත් චිත‍්‍රපටයෙ අධ්‍යක්‍ෂවරයාගේ සැමීත් අතර එක හා සමාන කම් තිබුණෙ. ඇත්තටම මම ඒ ගැන හිතනකොට පුදුමත් හිතුනා.
 ඔබ කොහොමද 'සැමී' ලෙසට පත්වන්නේ ?

මෙහි 'සැමී' යනු අදටත් ජීවමාන චරිතයක්. ඔහු ජීවත් වෙන්නේ සැමීගේ කතාවේ ගත්කතුවර එල්මෝ මහතාගේ නිවසේ. මා අධ්‍යක්‍ෂවරයාගේත්, නවකතාකරුගේත් අවසරය මත ඇත්ත සැමීව මුණගැසුණා
ඔහු කුමනාකාර මනුස්සයෙක් ද ?

ඇත්තටම සංවේදීතාවන්ගෙන් අඩු අයෙක් .ඔහු එතැනට පැමිණ තිබෙන්නේ නවතින්නට තැනක් හොයාගෙන. එල්මෝ මහතා ඔහුට නිදහසේ ඉන්න ඉඩදීලා තිබෙනවා. ඔහු ගැන පොතක් ලියලා තියෙනවා කිව්වහම ඔහුට ඒක පිළිබඳ කිසිම හැගීමක් නැහැ. සැමීට කිව්වා මේ මහත්තුරු චිත‍්‍රපටයක් කරණවා සැමී ගැන කියලා. එතකොට සැමි ඇහුවෙ "තේද ? කිරිකෝපිද? කෝපිද? බොන්න කැමති කියලා.

ඔහු පුරුදු වෙච්ච රාමුවක, වචන ටිකක, හැගීම් ටිකක ජීවත්වන කෙනෙක්. මම මේ චරිතයට වෙස් ගැන්වුවේ හේමන්ත ගමගේ. ඒ වගේම මේ චරිතය සඳහා මම කෘතිම දත් පළදින්න වුණා. ඒ සඳහා ඉතා සාර්ථක විශාල මෙහෙවරක් කළේ මොරටුවේ වෛද්‍ය ජයන්ත සහ තාක්‍ෂණික ශිල්පී නෙවිල් යන අයයි. ඔවුන් ඉතා සාර්ථකලෙස කෘතීම දත් මා වෙනුවෙන් නිර්මාණය කළා. පැළඳ ගන්නත් එය දැමූ පසු කතාකරන්නත් පහසුවන ආකාරයට.
සැමීගේ කතාවේ සැමීගෙ චරිතයෙහි විශේෂතා මොනවද?

සැමී මුළු ආත්මයෙන්ම සිය මවට ආදරය කරණ දරුවෙක්. මේ නිසාම සැමීට ඕනෙ වෙනවා අම්මා විඳින කටුක පීඩාවන්ගෙන් ඇයට යම්කිසි සහනයක් දෙන්න, සැමීට අනිත් සාමාන්‍ය අයට වගේම වැඩ කරලා හම්බකරන්න පුළුවන් කියලා ඔප්පුකරලා අම්මට කීයක් හරි හොයලා දෙන්න. මේ නිසා සැමී අම්මට කියනවා එයාට ගෙදරක වැඩ කරන්න හරි හොයලා දෙන්න කියලා. අම්මා එයාව කෙනෙකුගෙ මාර්ගෙන් ගෙදරකට යවනවා . ඒ ගෙදරට ගියහම ඒ අයිති මහත්තයා අහනවා 'මොනවද කරන්න පුළුවන් වැඩ' කියලා . සැමී කියනවා'මකුළු දැල් කඩන්න'. කියලා. 'කොයිකාලෙ ඉඳන්ද කියලා'අහපුවහම කියනවා 'ඉපදුන දවසෙ ඉඳන්' කියලා.

මේ කතාවෙ සැමීගෙ මව මිය යනවා. මේ හේතුවෙන් ඔහු මානසිකව වැටෙනවා. නමුත් මෙහි අධ්‍යක්‍ෂවරයා ඔහුගෙ ජීවිතයට බලාපොරොත්තුවක් ඇති කරණවා. එය තමයි නිර්මාණකරුවගේ දක්‍ෂතාව. මොකද සෑම මිනිසෙකුටම ජීවත්වෙන්න අරමුණක් වගේම බලාපොරාත්තුත් අවශයයි කියන මානුෂික කාරණය මෙහිදී අධ්‍යක්‍ෂවරයා සිය නිර්මාණය තුළ ප‍්‍රකාශ කරණවා.

සැමීගේ කතාව තුළ මේ සමාජයේ මිනිසුන් මුහුනපාන සමාජ ආර්ථික දේශපාලනය කතාකරනවා. දේශපාලන ය තුළ මිනිසුන් මුහුනදෙන සමාජ අවධානම ගැනත් කතාකරනවා. නමුත් මූලික වශයෙන් කේන්ද්‍රවී තිබෙන්නෙ සැමී තුළයි.
මෙහි අනෙකුත් චරිත රගපාන්නෙ කව්ද?

සනත් ගුණතිලක, අම්මා ලෙස නිල්මිණී බුවනෙක ඇය ඉතා දක්‍ෂ රංගනයක යෙදෙනවා. ඒ වගේම වසර 10කට පමණ පසු මැණික් කුරුකුලසූරිය ත් මෙහි රගපානවා. විල්මන් ජයමාන්න සහ වික්ටර් රාමණායක ආදී වශයෙන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. රුවන්කොස්තා කැමරා කළා, හේමන්ත ගමගේ වේශ නිරූපණය කළා, සහාය අධ්‍යක්‍ෂ විමල් දේශප‍්‍රිය.
ජගත් අමෙරිකා යන්නෙ කවද්ද?
සැමීගෙ කතාවේ අධක්‍ෂ ප‍්‍රියංකර සර් මට කතාකළා. ඔහු කිව්වා මා එහි පැමිණිය යුතු බව. මේ වනවිට ඒ සඳහා අවශය කටයුතු සම්පාදනය වෙමින් යනවා. ජගත් චමිල මේ නිර්දේශ වී ඇත්තේ අතිශය වැදගත් සිනමා සම්මාන උළෙලක හොඳම රංගනය වෙනුවෙනි. මෙවන් තරුණ, දක්‍ෂ නළුවෙකු මෙලෙස සම්මානයට පාත‍්‍රවීම රටක් වශයෙන් අප ලැබූ මහත් ජයග‍්‍රණයකි. මේ සම්බන්ධව මාධ්‍ය හා රූපවාහිනී ආයතන බොහෝ නිහඩය.

මෙය වෙනත් කාගේ හෝ නිර්මාණයක රංගන ශිල්පියෙකු වූවානම් මේ වනවිට මාධ්‍ය සංදර්ශණ කෙළවරක් නොවන්නට ඉඩ තිබිණ. කෙසේවුවත් ජගත් චමිල මෙම සම්මාන උළෙලින් හොඳම නළුවන් පස්දෙනා අතරට ඒම ද ජයග‍්‍රහණයක් වන බව මෙහි සඳහන් කළ යුතුය. ඔහු සම්මානයට හිමිකම් කීම සුවිසල් ජයග‍්‍රහණයක් වනු ඇත. අපි ජගත් චමිල ට එම සම්මානයට හිමිකම් කියන්නට සුබ පතන්නෙමු!

මනෝහාරී හේවාවසම්(mirrorart)

York City International Film Festival  Jagath Chamila nominated as World's Best Actor




RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats