• සෙනාලි ලස්සන වුණේ ආරය නිසාද නැතිනම් පසුව හදාගත් ලස්සනක්ද?
මම ගොඩක් වතුර බොනවා. එළවළු පලතුරු කනවා සීමාව ඉක්මවා කන්නේ නැහැ. ඒ වගේම ඩයට් කරන්නෙත් නැහැ. මේ දේවල් එක්කම විශේෂයෙන් පවුලේ ආරයත් බලපෑවා. මගේ ලොකු නැන්දි මාලනී ෆොන්සේකා. ඇයත් හුඟක්ම ලස්සනයිනේ.
• අම්මගෙන් ඔබට ලැබුණු ලස්සනම දේ මොනවද?
සීමාවක් නැති ආදරය
• ආදරය විතරද?
හැමෝම කියනවා මගේ නහය අම්මගේ වගේ කියලා. මගේ කට තාත්තගේ පවුලේ අයගේ වගේ කියලා.
• සෙනාලිට සෙනාලිව ලස්සනයි කියලා දැනුණේ කොයි කාලෙද?
අපි හැමෝමට විවිධාකාර ලස්සනක් තියෙනවා. විශේෂයෙන් එහෙම ලස්සනයි කියලා දැනිලා නැහැ. මම මාවම විනිශ්චය කරන කෙනෙක් නිසා නිතරම මගේ අඩුපාඩු හදාගන්න උත්සාහ කරනවා.
• ක්‍ෂේත්‍රයට එන්න ලස්සන කොච්චර බලපෑවද?
හැකියාව, දක්‍ෂතාව, ලස්සන වගේම චරිතයට කොයි තරම් සුදුසුද යනාදිය මුල් වුණා. ගොඩක් ලස්සන නැතත් දක්‍ෂතාව මත ක්‍ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන්.
• සෙනාලිට තියෙන්නේ අකීකරු කොණ්ඩයක් නේද?
ඔව් අකීකරුයි. ඒත් කීකරු කරගන්නත් පුළුවන්.
• ඔයාගේ පෙනුමට කොණ්ඩේ ගැළපෙන්නේ නෑ කියලා හිතනවද?
එහෙම හිතන්නෙ නෑ. මට තියෙන්නේ උපතින්ම ලැබුණු ස්වාභාවික කොණ්ඩයක් ඒ ගැන මම සෑහීමකට පත්වෙනවා.
• වරමක් දුන්නොත් මොන වගේ දේවල්ද ලස්සන කරගන්නේ?
මට අලුතින් ලස්සන වෙන්න අවශ්‍යතාවක් නැහැ. මේ පෙනුම මට හොඳටම ඇති. ඒ නිසා ඒ වරම වෙන කාට හරි දෙනවා.
• සෙනාලි වැඩිපුරම හැඩ මොන ඇඳුමටද?
හැමෝම කියන්නේ සාරියටයි, ඔසරියටයි මම හැඩයි කියලා.
• එතකොට වැඩිපුරම අඳින්න කැමැති?
විශේෂයක් නෑ. ගොඩක් කැමැතියි සරල චාම් ඇඳුම්වලට ගොඩක් ආභරණ පලඳින්නත් මම කැමැති නැහැ.
• විදේශගතව සිටි කෙනෙක් විදියට කොහොමද විලාසිතා තෝරාගන්නේ?
විදේශගතව සිටියත් මම ලංකාවේ කෙනෙක් මම අඳින්නේ මට ගැළපෙන විදියට මම කවදාවත් කොටට අඳින්නේ නැහැ. ඒ නිසා අපහසුතාවට පත් වෙලත් නැහැ.
* ෆේෂල් කරන්න මාසයකට කීයක් වියදම් කරනවද?
මම ෆේෂල් කරන්නේ නැහැ. ඒත් රංගන කටයුතුවලට විශාල මුදලක් දීලා ෆේෂල් එකක් කරන්න වුණා.
*සෙනාලිගේ ලස්සන දැකලා ප්‍රේම ආරාධනා ලැබුණෙ නැද්ද?
එහෙම නැහැ. මගේ ජීවිතයේ හැමදේම කාලයට අනුව සිද්ධ වුණා. ආදරයෙන් කාලයට අනුව ලැබෙයි.
* සෙනාලි රැල්ලට විලාසිතා කරන කෙනෙක්ද?
මට අවශ්‍ය දෙයක් තිබුණොත් මම මිලදී ගන්නවා. ඒ හැරෙන්න රැල්ලට නම් යන්නේ නැහැ.
ලයනි රසිකා නිරෝෂිණී




