දුර්වල සිත් ඇත්තන් මේවා බලන්න එපා...
වසරේ දිගුම දිනය හෙවත් "සූර්යනිවෘන්ති"‘ (සොල්ස්ටිස්) දිනය අත ළග හෙයින් එය සැමරීම සදහා මහා පරිමානයෙන් බල්ලන් එක් රැස් කිරීම චීනයේ දැනටමත් ආරම්භ වී ඇත.
මේ අයුරින් එක්රැස් කර ගන්නා සුනඛයින් අවසානයේ මරා දැමෙන අතර එම මස් අනුභව කිරීමෙන් සීත සෘතුව සුවෙන් ගත කළ හැකි යැයි චීන ජාතිකයෝ විශ්වාස කරති. මේ විශ්වාසයේ එල්බ ගෙන සිටින්නවුන් බලූ මස් කෑමෙන් යෙදෙනුයේ කිලෝ ගණනිනි. බලූ මස් මිලදී ගැනීම සදහා වෙනම වෙළද සල්ද මේ සමයෙහි චීනයේ ඉදි කෙරේ.
චීනයේ ක්‍රියාත්මක වන ඇතැම් සංවිධානවල විරෝධතා නිසා චීනයේ බොහෝ ප‍්‍රදේශවල මෙවන් චාරිත‍්‍ර විධි දැනට කි‍්‍රයාත්මක වන්නේ නැත. කෙසේවුවද චීනයේ සිටින චාරිත‍්‍ර විධි ගැති ජන කොට්ඨාශය කිසියම් සංවිධානයක් කියූ පමණින් තම පුරුදු අත්හැරීමට කිසි විටෙකත් සූදානම් නැත. මෙවර ඔවුන් කර ඇත්තේ සූර්යනිවෘන්ත දිනයේ දී විවිධ සංවිධානයන් තමන්ගේ සතුටට බාධා කිරීමට පැමිණෙන හෙයින් එම දිනයට කලින්ම ඇති පදම් මස් අනුභව කිරීමයි.
සත්ත්ව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ මෙසේ සුනඛයින් මරා අනුභව කිරීම කිසිදු ප‍්‍රමිතියක් අනුව සිදුනොවන්නක් බැවින් විවිධාකාරයේ ලෙඩ රෝග ඇතිවීමේ අවදානමකටත් චීන ජාතිකයින් මුහුණ දෙන බවයි. තමන් පෙනී සිටින්නේ සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වුවත් මිනිසුන්ට වන හානිය ගැනද සැළකිලිමත් බව එම සංවිධානයන් තරයේ කියා සිටියි.
පිළිකුල් සහගත ජායාරුප අඩංගු වේ!

















