ඔහුට මේ අලුත් නම පට බැඳී ඇත්තේ ධනුද්ධර පුවත්පතකට කළ ප්‍රකාශයක් නිසාය.
පියාට පුංචි කාලේ ‘පොරක්’ වීමේ සිහිනයක් තිබූ ලෙසම සිය සහෝදරියට හා සහෝදරයාට තිබුණේ පියාගේ අඩිපාරේ යාමේ සිහිනය වුවත් තමාගේ සිහිනය වූයේ වෙන එකක් බව ඔහු පවසා ඇත.
තමාගේ සිහිනය වූයේ ව්‍යාපාරිකයෙකු වීම බව පවසන අඛිල කුඩා කාලයේදී සත පනහට ගත් ටයිටැනික් කාඩ් පාසල් වෑන් රථයේ සිටි අක්කලාට රුපියලට වික්ක බවද ඔහු පවසා ඇත.
අදාල ප්‍රකාශය හේතුවෙන් අකිලට මේ කාඩ් එක වැදී ඇති බව පැවසේ.
පසුව තමා සුරතල් මසුන් විකිණීමේ ව්‍යාපාරයක් කරගෙන ගිය බවත් පවසන ඔහු ගමේ ගොඩක්දෙනෙක් ධනුද්ධරගෙ මාළු ගන්න ජැකාගේ ගෙදර ආ බවද ඔහු පවසා ඇත.
අඛිල මුළින්ම නිලුක්ෂිව දැක්කේ රූපවාහිනියෙන් බවත්, ඒ වෙලාවෙම පැහැදීමක් බැඳීමක් ඇතිවුණත්, ඒ තරුවක් ගැන රසිකයෙකුට ඇතිවන ආදරයක් බවද ඔහු පවසා ඇත.
පසුව ඔහුගේ මිතුරෙකු වූ ගයාන් ශ්‍රිගේ නර්තන වැඩසටහනකදී ඇයව මුලින්ම හඳුනාගෙන ඇසුරු කළ බවත් පසුව එය ආදරයකට පෙරළුන බවත් ඔහු කියයි.