Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK

Doctor of Letter Actor Jayalath Manorathna

Add comments

Follow my blog with Bloglovin

සාහිත්‍ය ශූරී ආචාර්ය පදවියකින් පිදුම් ලබන ප්‍රවීණ රංගනවේදී ජයලත් මනෝරත්නදශක ගණනක් පුරා කලාකෙත ‍පෝෂණය කිරීමට අප්‍රමාණ දායකත්වයක් ලබාදුන් අයකු ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබිමට සැරසේ. ජයලත් මනෝරත්න නම් ප්‍රවීණ කලාකරුවා මෙම අවස්ථාව උදාකරගෙන සිටී. සුදුස්සාට සුදුසු තැන හිමිවීම අපි සැම අගය කරන්නෙමු.මනෝරත්නයන්ගේ ජීවිතයේ මෙම සුවිශේෂී අවස්ථාවේ අප ඔහු සමග කතා කොට ඔහු ගැන මේ සුබාරංචියත් ඔහුගේ නවතම තොරතුරුත් ඔබ වෙත ගෙන ඒමට සිතුවෙමු.

ඔබ ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබිමට යන බව ආරංචියි.
ඔව්, පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් මට D.Litt (සාහිත්‍යශූරී ආචාර්ය උපාධිය) පිරිනමන්නට යනවා. මැයි මස තිස් වැනිදා තමයි එය සිදුවන්නේ.

ඔය උපාධිය කලාතුරකින් කෙනෙකුට ලැබිය හැකි අවස්ථාවක් නේද?
2000දී පටන් මේ වනතුරු ඔය උපාධිය පිරිනමා ඇත්තේ හතර දෙනෙකුට පමණයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා, ජෝශප් එස්. සේරම් මහතා, පී.එල්. ප්‍රේමතිලක මහතා සහ ඉන්පසුව මා තමයි එම අවස්ථාව උදාකරගත් අය.

ඒ අනුව ජයලත් මනෝරත්න කියන සැබෑ චරිතය ප්‍රවීණ වේදිකා, රූපවාහිනී සහ සිනමා නළුවා කියන භූමිකා ඉක්මවා මේ රටේ මුල් පෙළේ උගතුන්ගේ ගොඩට එක් වනවා ?
මේක මගේ ජීවිත ගමන් මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් බව ඇත්ත. නමුත් මින් මා පිළිබඳ අමුතු ප්‍රතිරූපයක් සමාජ කිරීමට මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මගේ ජීවන ගමන් මග මතෛක් ආ පරිද්දෙන්ම ඉදිරියටත් මේ විදිහටම යොමු වී තිබේවි.


කාලාන්තරයක් ගුණාත්මක දේ තුළින් යමක් කළ අයට සමාජයේ දැවැන්ත ප්‍රතිරූප හැදෙනවා. නමුත් ජනප්‍රිය ධාරාව තුළ බිහිවන ඇතැමුන් එක රැයින් දැවැන්ත චරිත වන අවස්ථාත් තියෙනවා. ඉන්පසුව අවසානයේ මේ දෙපිරිසේම දේශපාලනයේ ගොදුරු වීම අපේ රටේ සිදුවන දෙයක් ?
ඔබ ඔය නොකියා කියන්නේ මටත් දවසක ඔය ඉරණම අත්වේද කියා විය යුතුයි. ඕනෑම පුද්ගලයකුට දේශපාලන දැක්මක් තිබෙනවා. ඒක පුද්ගලිකයි. නමුත් කලාකරුවා රටක ‍පොදු වස්තුවක් විය යුතුයි. ඒ පුද්ගලයාට කිසිම දේශපාලන පක්ෂයකට අදාළ ජන කොටසක් හෝ ජාතියකට ආගමකට හෝ යම් කුලකයකට අයත් ජනකොටසක් ප්‍රතික්‍ෂේප කරන්නට බැහැ. කලාකරුවකු යම් දේශපාලන පක්ෂයකට කොටුවුවොත් ඉබේම ඔය දේ ඔහු අතින් සිදුවෙනවා. මා එවැනි තැනකට යන්නේ නැහැ.

නමුත් රටේ යහපත වෙනුවෙන් විශාල කැපවීමක් කළ නායකයකුට ආ වැඩීමත් කලාකරුවකුට නුසුදුසු දෙයක් කියාද ඔබ සිතන්නේ?
 මා හිතන විදිහට කලාකරුවකුගේ විෂය පථයට කාර්ය භාරයට එවැන්නක් වුවත් විශේෂයෙන් එක් කරගත යුතු නැහැ.

ඔබේ අලුත්ම ටෙලි නාට්‍ය නිර්මාණය ‘තාත්තේ අපි ආවා’ ගැනත් කතා කරමු ?
මගේ නවතම ටෙලි නාට්‍ය නිර්මාණය ‘තාත්තේ අපි ආවා’ දැන් ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වනවා. එය රචනා කළේ රසික සුරවීර ආරච්චි, රොෂාන් රවීන්ද්‍ර, සමාධි ලක්සිරි, සම්පත් ජයවීර, මාධිනි මල්වත්ත ඇතුළු රැසක් මෙහි රඟපානවා.

එයින් කියැවෙන්නේ ?
මියගිය මවගේ අවුරුද්දේ දානයට දරුවන් එනතුරු බලා සිටින පියා වටා තමයි කතාව ගලාගෙන යන්නේ. ඒ දරුවන් එන්නේ නැති වුණාම මේ පියා ඒ දරුවන් හොයාගෙන යනවා. ඒ යන විට ඒ දරුවො හතර දෙනාටම ප්‍රශ්න. වර්තමාන සමාජ අර්බුදය තුළ පවතිනා යම් යම් අවස්ථා ඒ සියලු සිදුවීම් තුළින් කියැවෙනවා.

මෙගා රැල්ල ටෙලි නාට්‍ය කලාව තුළ ව්‍යාප්තව පවතින යුගයක ඔබට නිර්මාණකරණයේ යෙදීම අභියෝගයක් වුණේ නැද්ද ?
මම මේ නිර්මාණය කළේ වසර තුනකට පසුව. මෙය කොටස් හතළිහක ටෙලි නාට්‍යයක්. තවම විකාශය වුණේ කොටස් තුනයි. මේ වන විට ලැබි ඇති ප්‍රතිචාර අනුව ඉතා යහපත් මට්ටමක පවතින බවයි කියන්න තියෙන්නේ. හොඳ දෙයක් කළොත් රසිකයන් ඒ වටා එකතු වනවා.

ඔබ වේදිකාව තුළ ‘ජන්ම ලාභය’ ලත් ප්‍රවීණ රංගන ශිල්පියෙක්.
ජයලත් මනෝරත්න නම් දැවැන්ත වේදිකා නළුවාගේ නවතම තොරතුරු මොනවාද ?

චාමික නාකලවත්තගේ නවතම නාට්‍යය “මකරට” නාට්‍යයේ ලාග්ලොට්ගේ චරිතය රඟපානවා. මැයි මස හය වැනිදා ලුම්බිණි රඟහ‍ලේදී එහි මංගල දර්ශනය වේදිකාගත වුණා. “යෞජිත් ස්වාස්” ගේ ‘ද ඩ්‍රැගන්’ නාට්‍යය සිංහලට පරිවර්තනය කරලා හෙන්රි ජයසේන ‘මකරා’ නමින් වේදිකාවට ගෙනාවා. ධර්මසිරි බණ්ඩාරනායක එය ‘මකරාක්ෂයා’ නමින් වේදිකාවට ගෙනාවා. නිරිඇල්ල සහ මම එය වේදිකාවට ගෙනාවා. ‘මකරට’ නාට්‍යය එය නොවේ. එම නාට්‍යයේ සිටි චරිත ඇසුරු කරගෙන බිහිවූ නව නිර්මාණයක්.

ඒ වගේම මැයි හත් වැනිදා ‘මායාදේවි’ සමග මම කැනඩාවට යනවා යැයි අවසන් වශයෙන් මනෝරත්නයෝ පැවසූහ.

ආරියවංශ කුලතිලක

Doctor of Letter Actor Jayalath Manorathna, Actors Jayalath Manorathna, Sri Lankan Theatre, Jana Gee – Jayalath Manorathna, Jayalath Manorathna's Andarela, Sri Lankan Stage Drama



RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats