ජනපි‍්‍රය සිනමා හා ටෙලි නිළියක වන චතුරිකා පීරිස් ‘නෙස්ටමෝල්ට්’ ලාංඡන තානාපති ධූරයෙන් ඉවත්කර ඇතැයි ‘ශ්‍රී ලංකා මිරර්’ හට වාර්තා වේ.
ඇගේ ගිවිසුම් කාලය මේ වසරේ අවසන්වීමට නියමිතව තිබූ අතර එය දීර්ඝ නොකිරීමට නෙස්ලේ ලංකා සමාගම කටයුතු යොදා ඇති බවද පැවසේ.
කෙසේවුවද චතුරිකාගේ ගිවිසුම් කාලය දීර්ඝ නොකිරීමට හේතුවී ඇත්තේ ඇගේ පෞද්ගලික ජීවිතයේ ඇතිකරගත් ගැටුම් බවද විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
චතුරිකා 2008 වසරේ අග භාගයේ සිට මේ දක්වාම නෙස්ටමෝල්ට් ලාංඡන තානාපතිනිය ලෙස කටයුතු කළාය.