Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK

Chat with Nadika Chandrasekara after her wedding

Add comments

එහෙම තහංචි නෑ... හැබැයි තමන්ගේ සීමා තමන් දැනගන්න ඕන

"අසනි වැසි ටෙලි නාට්‍යයේ මලිත්තිගේ චරිතය" තුළින් රංගනයට පිවිසි ඇය එහි රංගනය වෙනුවෙන් සම්මානයට ද පාත්‍රවුණා. අනතුරුව කරුවල ගෙදර,ලාබයි ඇපල්, පිණි කුණාටුව, සිත් බිඳි රේඛා ආදි ටෙලි නාට්‍ය තුළින් සිය රංගන කෞෂල්‍යය මැනවින් විදහා දක්වන්නට වූ රංගනයට මෙන්ම ගායනයට ද සමත් කලාකාරිනියක ලෙසින් හුවා දැක්විය හැක. මෙලෙසින් අද දෙරණ ආලින්දය හැඩ කරන්නට එක් වන ඇය නමින් නදීකා චන්ද්‍රසේකර..

* සම්පූර්ණ නම - කිත්තම්බාහුගේ දෝන හිමන්ති නදීකා චන්ද්‍රසේකර.

* උපන්දිනය - මැයි 03

* ලග්නය -කන්‍යා

* පදිංචිය - බත්තරමුල්ල,

* උස - 5 “3”

* හිමන්ති නදීකා චන්ද්‍රසේකර, ඇය මීට කලින් දෙරණ ආලින්ද කතාබහත් එක්ක එකතුවෙන්නේ විවිධ වූ දේවල් අපට කියමින්. එදා සහ අද අතර සිදුවුණු නදීගේ ජීවිතයේ වෙනස්කම් ඇතුළු බොහෝ දේ කතා කරන්න අද අපි සූදානම්. නදී අද ඇවිල්ලා ඉන්නේ තනියම නෙමෙයි. ඉතිං කොහොමද නදී මේ දවස්වල ජීවිතය ගත්වෙන්නේ?

ගොඩක් සුන්දරයි. වගකීම් වැඩියි. ජීවිතයේ ලස්සනම කාලය තමයි මේ ගෙවෙන්නේ‍.
 
* එදත් එක්ක බලද්දි අද ගැන මොකද හිතෙන්නේ?
එදා හිටියේ දෙමාපියන් යටතේ. එදා මම ගොඩක් විනෝදයට බර නෑ. දෙමාපියන් එක්ක වන්දනා ගමනක් ගියොත් මිසක් යාළුවොත් එක්ක ට්‍රිප් එකක් යන්න වගේ එහෙම අවස්ථා මට තිබුණේ නෑ. තහංචි වැඩියි. ඉතින් දැන් මම මගේ සැමියාත් එක්ක ගතකරද්දි මං ඒ කාලේ නොලබපු සතුට විනෝදය එහමෙ බලද්දි මං ගොඩාක් සතුටුයි.
 
* නදී ගැන අපි ගොඩක් දේවල් දන්නවා. ඒත් යසන්ත ගැන වැඩි දෙයක් දන්නේ නෑ. කොහොමද නදීට යසන්තව හම්බවුණේ?
 
මට යසන්තව හම්බවුණේ අමෙරිකාවේ දීයි. 2006 දී‍. ඒක බොහොම සොඳුරු අත්දැකීමක්. අපි හිතුවේ නෑ අපි විවාහ වෙයි කියලා. හොඳ යාළුවෝ වුණා මුලින්ම. නමුත් දෛවය කියන්නේ ඉතින් අන්තිමට අද වෙනකොට අපි දෙන්නා අඹු සැමියෝ බවට පත්වෙලා තියෙනවා හොඳ අවබෝධයක් එක්ක.

 * යසන්තට මොකක්ද කියන්න තියෙන්නේ ඒ අතීත මතකය ගැන?
 
මම හිතුවේ නෑ අපි විවාහ වෙයි කියලා මට නදීව හම්බවෙන කොට. මට නදීව හම්බ වුණේ 2006 නිව්යෝර්ක්වල ලිබර්ටි ප්‍රතිමාව ළඟදීයි. එදා අපි හම්බවෙන කොට මේ වගේ විවාහවෙන තරමට ළං වෙයි කියලා හිතේවත් තිබ්බේ නැහැ. නදීගේ මල්ලි ම‍ගේ හොඳ යාළුවෙක්. එයා තමයි මට කිව්වේ අක්කා නිව්යෝර්ක් ආවා කියලා. ඒ වගේම මගේ තව අක්කා කෙනෙක් ඉන්නවා ලන්ඩන්වල. නදීගෙත් හොඳම යාළුවෙක්. ඒ අක්කි මට කතා කරලා කිව්වා නදී ආවා නිව්යෝර්ක්වලට. එයාව එක්කගෙන යන්න කියලා එක එක පෙන්නන්න. මට අවස්ථාවක් ලැබුණේ නැහැ ඇත්තටම. සංවිධායකයෝ ඒවා ලෑස්ති කරලා තිබ්බේ. ඇත්තටම මගේ ලොකු වාසනාවක් නදීව ලැබීම.
 

* යසන්ත කලාවට සම්බන්ධ වෙලා ඉන්නවද? එහෙමත් නැත්නම් නදී හින්දා කලාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද? කොහොමද වැඩ කටයුතු කෙරෙන්නේ?
 
මම කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. ඒ වුණාට නදී ඇත්තටම කලාවේ ගොඩක් දක්ෂතා තියෙන කෙනෙක්. මට ප්‍රේක්ෂකයොත් කියනවා ‍නදීව අමෙරිකාවට එක්කන් යන්න එපා. මෙයා ලංකාවට වටිනවා. මෙයාව අපිට ඕන කියලා. මට ඒක ඇත්තටම අලුත් අත්දැකීමක්. රටේ ඉන්න ජනතාව මට කියනවා මගේ බිරිඳව එකකන් යන්න එපා. එයාව ඒ අයට ඕන කියලා. එතකොට මම තේරුම් ගත්තා නදීව වටින්නේ ලංකාවට කියලා. ගොඩක් හොඳ නිර්මාණ කරන අධ්‍යක්ෂකවරියක්. ඉතින් නදීට කැමති කරන්න ඕන ඕනම දේකට මම සහයෝගය දෙනවා.
 
* අසනිවැසි ටෙලි නාට්‍යය තුළින් මේ තරම් දුරක් ආවා. මොකද හිතනේනේ එදා සහ අද ගැන? ඉදිරියේ දී කලාවට සම්බන්ධ වෙන්න මොන වගේ බලාපොරොත්තුවක් ද තියෙන්නේ?

මගේ ජීවිතේ ගත්තම මටත් හරි පුදුමයි. එදා තරුණ අහිංසක මලිති අද වෙනකොට සම්මාන රැසක් එක්ක ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය දක්වා ඇවිත් තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි මං ආපු ගමන්මඟ ගැන. ඒ ගමන්ම‍ඟේ ලංකාවේ හොඳම නිළිය, හොඳම සහය නිළිය, ලංකාවේ තරුණ විශිෂ්ට දස දෙනා අතරට තේරුණා කලා ක්ෂේත්‍රයේ. ඒ ව‍ෙග් ගොඩක් මං සලකුණු තියමින් තමයි මේ ගමන ආවේ. දැන් වෙනකොට මට මගේ සැමියා මගේ ජීවිතයට ලොකු හයියක් වෙලා තියෙනවා. ඉතින් ඒ හයියත් එක්ක කලා ජීවිතයේ මීටත් වඩා හොඳ දෙයක් පුද්ධිමත් දෙයක්, පුහු දේවල් නැතුව මිනිස්සුන්ගේ මොළයට කතා කරන්න පුළුවන් දේකට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

*විවාහයෙන් පස්සේ රංගනයෙන් ඈත් වෙනවා කියලා තමයි ගොඩක් කලා ශිල්පිනියන් කියන්නේ. නදී චන්ද්‍රසේකරටත් ඒ දේ ඒ විදිහටම බලපානවද යසන්ත?
 
එහෙම දෙයක්නම් වෙන්නේ නෑ. මං කිසිම වෙලාවක නදී යන ගමන වළක්වන්න උත්සහ කරන්නේ නෑ. හැබැයි මං කියලා තියෙන්නේ තමන්ගේ සීමා තමන් දැනගන්න ඕන කියලා. ඒ සීමාවල ඉඳන් කරන ඕන දේකට මං සහයෝගය දෙනවා.

* නදී රංගනය,ගායනයට අමතරව නිෂ්පාදන කටයුතුවලටත් සම්බන්ධ වුණු කෙනෙක්.ඉදිරියේ දී මොන වගේ නිර්මාණ තුළින්ද අපිට නදීව දැකගන්න ලැබෙන්නේ?
 
“ලා සඳ පාමුල” කියන ටෙලිනාට්‍ය දකින්න පුළුවන්. ඒක සාහිත්‍යධරයෙක් වටා ගෙතිච්ච කතාවක්. සාහිත්‍යධරයාගේ චරිතය නිරූපණය කරන්නේ ලූෂන් බුලත්සිංහල මහත්මයා. අපට ඉන්න අග්‍රගණ්‍ය කලාකරුවෙක්. අපි වැඩිහරියක් ඉන්නේ අන්තර්ජාලයේ. ෆේස්බුක්, ගූගල් ඕවාවලම ඉන්නවා මිසක් පොත පත කියවීමෙන් 80% ක් ළමයි ඈත් වෙලා ඉන්නේ. පොඩි ළමයි ගේම්ස් ගහනවා. එහෙම නැතුව මිනිසෙක් කියවීමෙන් පරිපූර්ණත්වයට පත්වෙනවා තියන දේ තමයි මගේ නිර්මාණයෙන් මම කතාකරන්නේ. මං හිතනවා ඒක විකාශය කරන දවසට මිනිස්සු ඒක අගය කරයි කියලා.
 
* ඒ කියන්නේ සමාජයේ කතාබහට ලක්විය යුතු වැදගත් නිර්මාණයකින් ඉදිරියේ දී එන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා...?
 

ඔව්

* “ගොඩක් රංගන ශිල්පිණියන් තමන්ගේ වත් පොහොසත්කම්,මිල මුදල් ගැන කියමින් එහෙම නැත්නම් චරිතවලට ආදරය කරමින් ආදරය හොයනවා. ඒ නිසා බුද්ධිමත්ව මැරෙනකන්ම ජීවිත්වෙන්න පුළුවන් කෙනෙක් තෝරාගත යුතුයි. මගේ සහකරු සියයට දෙසීයක්ම සාමාන්‍ය සරල කෙනෙක් වෙන්න ඕන පොළවේ පය ගහලා ජීවත්වෙන,ඕනම දෙයකට ඔරොත්තු දෙන කෙනෙක් වෙන්න ඕන” ඔන්න ඔහොම තමයි කලින් වතාවේ දෙරණ ආලින්දයේ දී නදී චන්ද්‍රසේකර කිව්වේ. දැන් කියමු බලන්න හොයාගත්තු ස්වමි * පුරුෂයා සහකරුවා මේ කියන ගුණාංගයන්ට ගැළපෙන කෙනෙක්ද? අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ?
 
සීයට දෙසීයක් ගැළපෙන කෙනෙක්. හොයපු කෙනාම ලැබුණා. මෙයා හරිම සැහැල්ලු කෙනෙක්. හරිම සරල කෙනෙක්. මං හෙව්වේ මගේ අප්පච්චි වගේ හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. එහෙම විදිහෙ කෙනෙක්ම ලැබුණා. මම හිතපු විදිහෙම කෙනෙක් ලැබුණා කියන සතුටි අද මගේ හිතේ තියෙනවා.
 
* ඒ කියන්නේ ජීවිතයේ එදා ඒ තිබුණු බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් දැවැන්ත ශක්තියක් තමන් එක්ක ඉන්නවා කියන ඒ අධිශ්ඨානය තියෙනවා?
 
ඔව්. ඇත්තටම
 
* මොකද හිතෙන්නේ නදී ලැබුණ එක ගැන? මේ ගමන ගැන? තව බොහෝ බලාපොරොත්තු තියෙනවා.. අයියට මොකක්ද හිතෙන්නේ?

ඇත්තටම නදී ලැබුණා කියන්නේ මගේ වාසනාවක්. මේ වගේ දක්ෂ, ලස්සන... ඇත්තටම මම බලාපොරොත්තු වුණ කෙනාම මට ලැබුණා. මම නදීත් එක්ක යාළුවෙක් වගේ කතාකරනකොට ගොඩාක් සමීප වුණා නදීගේ පවුලේ අයත් එක්ක. එතකොට අප්පච්චි කියපු දෙයක් තමයි මේ චරුවා නැතුව මට ජීවත් වෙන්න බෑ. දරුවෙක් වගේ අපි දෙන්නව බලාගන්නවා කියන එක. ඉතින් ඇත්තටම දරුවෙක් අම්මවයි තාත්තවයි දරුවෙක් වගේ බලාගන්නවා කියන්නේ ලොකු වගකීමක්. මම ඇත්තටම ඒක අගයකරා. මම කෝල් කරලත් නදීට කිව්වා නදී ඔයා වගේ ගෑණූ ළමයෙක් මේ ලෝකේ තව නැතුව ඇති කියන එක. ඉතින් අන්තිමට ඇයවම මට විවාහ කරගන්න ලැබුණා. ඒක ඇත්තටම වාසනාවක් කියලා තමයි මට කියන්න තියෙන්නේ.
 
* දැන් සාමාන්‍යයෙන් කොච්චර කොහොම මොනවා කිව්වත් විවාහයෙන් පස්සේ තහංචි දාන්න සිද්ධවෙනවා සමහර දේවල්වලට. රංගනයෙන් වේවා සමාජයත් එක්ක ගනුදෙනු කරද්දි විවිධ ප්‍රශ්න ඇතිවෙනවානේ. යසසන්ත මේ වෙනකොට නදීට මොන වගේ තහංචිද දාලා තියෙන්නේ?
 

එහෙම තහංචිනම් නෑ. ටිකක් කන එක අඩු කරන්න කියලා තියෙනවා. ඒක මතක් කරනවා හැම වෙලාවේම. ඒ ඇරෙන්න ඉතින් අපි හරිම සැහැල්ලුවෙන් ජීවිතයේ එදිනෙදා ප්‍රශ්නවලට මුහුණදෙමින් සාර්ථකව ජීවිතයට හිනාවෙලා මුහුණදෙනවා.
 
* කිසිම තහංචියක් මුකුත් නෑ...?

නෑ. එහෙම මුකුත් විශේෂ තහංචියක් නෑ.


 
* යසන්ත දන්න විදිහට නදීට වැඩිපුරම තරහයන්නේ මොන වගේ වෙලාවල්වල ද?
 
ඒකට ඇත්තටම කිව්වොත් තව ප්‍රෝග්‍රම් එකකට එන්න වෙයි ඒක කියන්න. තාම වැඩිකාලයක් ගිහින් නෑනේ.
 
* දන්න විදිහට එදා ඉඳන් ආශ්‍රය කරපු ඒ කාල වකවානුවත් එක්ක මොන වගේ හැසිරීමක් ද තියෙන්නේ?
 
නදී කියන්නේ හරීම සංවේදී කෙනෙක්. මෙයාට වැඩියෙන්ම දුක හිතෙන්නේ මෙයාගේ අම්මට, තාත්තට, මල්ලිට කරදරයක් හිරිහැරයක් වුණොත් තමයි. එතනින් එහාට ඇත්තටම නදීට හොඳ ඉවසීමේ ශක්තියක් තියෙනවා. එතනින් එහාට කොයි වගේ කේන්ති යනවාද වගේ දේවල් මට දැනිලා නෑ.
 
* ඒ ප්‍රශ්නයම නදීගෙන් ඇහුවොත්.....?


යසන්ත කියන්නේ ඇත්තටම ගොඩක් හොඳ ගතිගුණ තියෙන කෙනෙක්. මිනිස්සුන්ට උදව් කරනවා. අසාධාරණය පේන්න බෑ. අසාධාරණයක් දැක්කොත් වැරැද්දක් දැක්කොත් එයාට කේන්ති යනවා. එවෙලේම කියනවා ආයේ තැන නොතැන බලන්නේ නෑ. ඉතින් ඒ වගේ හොඳ ගතිගුණ මං යසන්තගෙන් දකිනවා.
 
* කලා ජීවිතයේ දී විවිධ සීමාවන් පනවාගන්නවානේ. විවාහක රංගන ශිල්පිණයක් විදිහට අද ‍වනවිට ඒ සීමාවන් මොන වගේ තත්ත්වයක ද තියෙන්නේ?

මං කලා ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳන්ම මගේ සීමාවන් තිබුණා. මං කරන නිර්මාණ දෙමව්පියොත් එක්ක ගිහින් බලන්න පුළුවන් වෙන්න ඕන. සමාජයට යම් කිසි හරයක් දෙන දෙයක් වෙන්න ඕන. පුහු දෙයක් වෙන්න බෑ. ඒ දේවලුත් එක්ක ප්‍රේක්ෂකයෝ මට ආදරේ කරා මගේ නිර්මාණවලට. ඒ සීමාවන් ඒ විදිහටම පවත්වාගෙන යමින් හොඳ දෙයක් හොඳ නිර්මාණ තුළින් ප්‍රෙක්ෂකයා අතරට දෙන්න තමයි මගේ බලාපොරොත්තුව.
 
* නදී දායක වුණු නිර්මාණ අතරින් යසන්තගේ හිත ගිය වඩාත් හොඳම නිර්මාණය මොකක්ද?

මං ඇත්තම කිව්වොත් මං ලංකාවේ ජීවත් වෙන කෙනෙක්. මං නදීගේ හොඳ යාළුවෙක් වුණාට මං දී කරපු කිසිම දෙයක් බලලා තිබ්බේ නෑ. දැන් හැමෝම කතාකරනවා අපි ටවුන් එකට ගියත් සුපර් මාර්කට් එකට ගියත් හැමෝම ඇවිත් කතා කරනවා මලිති කියලා. ඉතින් ඊට පස්සේ තමයි මම ඒක බැලුවේ. මං හිතන්නේ ඒ චරිතයට තමයි ලංකාවේ සියලුම දෙනා ආදරය කරන්නේ. (නදී) අදටත් ප්‍රේක්ෂකයෝ ගොඩක් දැක්කම කතා කරන්නේ මලිති කියලා. ඒකට ගොඩක්ම හේතුව වුණේ අපි කතා කරේ පාරම්පරික නර්ථනය ගැන, සිංහල දේශීය වෙදකම ගැනයි. ඉතින් අපේ ලේවල තියෙනවනේ අපේකම ගැන. ඉතින් ඒ වගේ නිර්මාණයක් තුළින් ප්‍රේක්ෂකයාට මුලින්ම දැක්කම ඒ බැඳීම වැඩියි. ඒකේ වාසනාව මට හිමිවුණා. ‍
 
* ඒ වගේ දේවල්වලට සමාජයේ ලැබෙන ඉඩකඩ වැඩියි. අනාගතයේ දී ඒ වගේ නිර්මාණයකට දායක වෙන්න බලාපොරොත්තු වෙනවාද? දැනට ඒ වගේ දේකට ආරාධනා ලැබිලා තියෙනවාද? කොහොමද ඒ දේවල් ?

මං හිතන්නේ නෑ “අසනිවැසි” වගේ නිර්මාණයක් ආයෙත් බිහිවෙයි කියලා. දැන් අපි ගත්තොත් “දඬුබස්නාමානය”, “යශෝරාවය” ඒ වගේ නිර්මාණ එකයි තියෙන්නේ. සමහරු හොඳ නිර්මාණ කරනවා. නමුත් ඒ කාලේ කෙරුනු හැම නාට්‍යයක්ම වගේ හොඳ ගුණාත්මක තත්ත්වයක තිබුණා. නමුත් අද ඒ තරම් ඉහළ ගුණාත්මක තත්ත්වයේ නිර්මාණ කෙරෙනවා අඩුයි. අද වෙද්දි මුදල් පස්සේ දුවන ගමනක් නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. නිෂ්පාදකයොත් බලනවා අඩු වියදමකින් යමක් කරන්න. නිර්මාණයෙන් සමාජයට යමක් දෙන්න ඕන, හොඳ පරපුරක් බිහිවෙන්න ඕන කියන දේට වඩා ලාභය තර කර ගැනීමේ අභිප්‍රායයි තියෙන්නේ. අන්තිමට වෙන්නේ වසර ගණනක් යනකොට ලාංකික සමාජයට ගිහිල්ලා තියෙන්නේ පුහු දේවල්. පුංචි ළමයි ලොකු වෙලා බලනකොට ඒ ටෙලි නාට්‍යයවලින් ගත යුත්තක් නෑ ඇත්තටම.
 
* කලා ක්ෂේත්‍රයේ නිෂ්පාදිකාවක් වගේම රංගන ශිල්පිණියක් විදිහට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ කලා ක්ෂේත්‍රයට... සමස්ත සමාජයටම.. මේ යන රැල්ලත් එක්ක නිෂ්පාදකවරියක් විදිහට යම් කිසිම වෙනසක් ඇතිකරන්න බලාපොරොත්තු වෙනවාද? එහෙමත් නැත්තන් අර කිව්ව විදිහටම මුදල් පස්සේ යන නිර්මාණ හදනවද?

 නෑ. කීයටවත් නෑ. ඒ හින්දා තමයි තාමත් මගේ නිර්මාණ පෝලිමේ තියෙන්නේ. හොඳ නිර්මාණ පෝලිමේ තියෙනවා. හොඳ නැති නිර්මාණ ඉක්මණින්ම විකාශනය වෙනවා. මොකද ඒවා මුදල් මූලික කරගත්තු නිර්මාණ නිසා. නමුත් අපි නිෂ්පාදකවරු කිහිපදෙනෙක් හොඳ දේවල් කරලා දැවි දැවී ගෙදට්ට වෙලා තමන්ගේ නිර්මාණයට අවස්ථාවක් දෙනකං බලාගෙන ඉන්නවා. නමුත් ඒ ගෙවන කාලය ගැන ඉතාමත් සතුටුයි. මොකද අපි සමාජය විනාශ කරන්නවත් සමාජයට නරක දෙයක් දෙන්නවත් නෙමෙයි සමාජයට හොඳ දෙයක් දෙන්න ගිහින් තමයි අපි මේ පාඩුව විඳගෙන බලාගෙන ඉන්නේ සමාජය දිහා. අපි කරන්නේ මේ උඩුගං බලා පිහිනීමක්. මේ රැල්ලට අහුවෙලා ගහගෙන යනවට වඩා මේ කාලය කවදාහරි සමාජයේ කතා කරයි. ඒවා පවතී. නමුත් දැන් විකාශය වන නිර්මාණ ආවා ගියා. ඒවට දායක වුණේ කවුද කියලවත් මතක නෑ.

* ඒ අධිෂ්ඨානයට මොන වගේ දායකත්වයක් ද ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නේ?
 
නිව්යෝර්ක්වලත් කැලිෆෝනියාවෙත් රෑගත කරලා ලංක‍ාවට හොඳ නිර්මාණයක් කරන්න නදී වගේම මගෙත් බලාපො‍රොත්තුවක් තිබුණා. ඒ දේ දැන් අපි පොඩ්ඩක් කතා කරනවා. ලංකාවට යම් කිසි දෙයක් කරන්න ඕන කියලා නදීගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ දේවල්වලට මම මගේ උපරිමයෙන් සහයෝගය දෙනවා.
 
* මොනවද නදීගේ දුර්වලතා විදිහට දකින්නේ?

මං දැක්ක එකම දුර්වලතාව අධික සංවේදීකම. අපේ අම්මා භාවනාවකට අනුරාධපුරේට ගියා. මේ දවස් 3 ඉවසගෙන ඉන්න බැරි වුණා නදීට. නදී මට කරදර කරනවා අම්මව බලන්න යන්න ඕන කියලා. ඒ කියන්නේ පවුලට තියෙන ආදරය ගෞරවය වැඩියි. ඒක දුර්වතාවයක් නෙමෙයි. නමුත් එතනදී නදී සංවේදී වැඩියි. එයාගේ හරි මගේ හරි පවුලේ කෙනෙක්ට කරදරයක් වුණොත් විතරයි නදී සැලෙන්නේ. ඒක ඇත්තටම හොඳ ගුණාංගයක්. නමුත් ඇත්තටම ඒක ටිකක් වැඩියි.
 
* නදී යසන්තගේ දැකපු දුර්වලතායන්?
 
තාම විවාහ වෙලා මාසයයි. දැනට එහෙම දුර්වලතාවයක් හොයාගෙන නෑ.

(අපි ඒ ගැන කතා බහ කරන්න පසුවට තවත් වැඩසටහනක් සංවිධානය කරන්න බලාපොරොත්තු වෙනවා)
 
* දැන් ගෘහණියක් උදේම නැගිට්ටම මොකක්ද කරන්නේ?

උදේම නැගිට්ට ගමන් සැමියාගේ නළල සිඹිනවා. ඊට පස්සේ තේ හදලා බීලා ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට ඔහු පිටත් වෙනවා.
 
* ඔය අතරේ අන්තර්ජාලයට ඉඩක් ඇත්තෙම නැද්ද නදීගේ ජීවිතයේ?
 

තියෙනවා. අන්තර්ජාලයේ ගිහින් මගේ මිතුරු මිතුරන් එක්ක පොඩ්ඩක් කතා බහ කරනවා.
 
* අපිට සාමාන්‍යයෙන් දන්න කියන බොහෝ දෙනා කියන දෙයක් තමයි නදීගේ ප්‍රොෆයිල් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ ලොග් අවුට් වෙන්න විදිහක් ඇත්තෙම නෑ කියලා...
 

ඒක වෙන කවුරු හරි කරන බොරු එකක් වෙන්න ඇති.
 
* ඒක කොහොමද කියන්න දන්නෑ. ඒක බොරු ප්‍රොෆයිල් එකක් වෙන්න ඇති කියලා අපි හිතනවා.
 

ඔව්. ඇත්තටම ඒක එහෙම වෙන්න ඇති.

* දැන් ඇත්තටම කෙටියෙන් කිව්වොත් මොන වගේ අනාගත බලාපොරොත්තුවක්ද තියෙන්නේ?

විවාහ වුණා විතරයි. දරුවෙක් මල්ලෙක් හදාගෙන ආදරණීය බිරිඳක් වෙලා මගේ පවුලත් මගේ මහත්තයාගේ පවුලත් හොඳට බලාගෙන හොඳ නිර්මාණ කරමින් අහිංසක විදිහට ඉන්නවා.



RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats