එක්තරා පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් මගින් ප්‍රචාරය කෙරුණු වැඩසටහනකදී තමාගේ නම ඈදගෙන අපහාසාත්මක ප්‍රකාශයක් කළේ යැයි චෝදනා නගමින් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ, රංගන ශිල්පිනී දමිතා අබේරත්නට එරෙහිව ඉකුත් 21 වැනි දින නඩු පැවරුවාය.
තමන්ට එරෙහිව එල්ල වී තිබෙන එම චෝදනා සම්බන්ධයෙන් දමිතා දරන්නේ කෙබඳු මතයක්දැයි දැනගනු පිණිස අපි ඇයව මෙසේ සංවාදයට එක්කර ගතිමු.
සේමිණිගේ නම සම්බන්ධ වුණු ඒ පුවත වබේ අඩවියට ලබාදුන්නේ මමයි කියලා ඇඟවෙන ප්‍රකාශයක් ඇය ඒ වබේ අඩිවියට කරලා තිබුණා. ඇය ඒ වබේ අඩවියට යවා තිබුණු පැහැදිලි කිරීමේ ලිපියේ සඳහන් කරලා තිබුණේ, කර කියා ගන්න දෙයක් නැති අනුන්ගේ පවුල් කඩා ඉහිරවන රංගන ශිල්පිනියක් තමයි ඇයට විරුද්ධව මේ අසත්‍ය ප්‍රචාර පතුරවන්නේ කියලා. “සේමිණි කතා කරයි” කියන මාතෘකාව යටතේ ඒ වබේ අඩවියේ සඳහන් කරල තිබුණ එම ලිපියේ කෙළවරක මගේ නමත් සඳහන් කරලා තිබුණා. ඒ වගේම ඒ ලිපියත් සමග මගේ ඉතා ජනප්‍රිය ඡායාරූපයකුත් පළ කරලා තිබුණා. ඒ ඡායාරූපය මම මෙගාස්ටාර් තරගය සඳහා ලබාගත්, දැනටත් බොහෝ අවස්ථාවලදී යොදාගන්නා ඡායාරූපයක්. ඒ නිසා ඒක බොඳ කළා කියලා, ඒ ඡායාරූපයේ ඉන්නේ මමයි කියලා කාටවත් හඳුනාගන්න බැරි කමක් නැහැ. නඩු පවරන්නේ වබේ අඩවිවල සඳහන්ව තිබූ කරුණුවලටත් එක්කයි කියලා මට එවා තිබෙන එන්තරවාසියෙත් සඳහන් කර තිබෙනවා.
මම ලංකාවේ හැම සම්මාන උළෙලකදීම සම්මාන ලබලා, ජාත්‍යන්තර වශයෙනුත් සම්මාන 2ක් දිනාගෙන ලංකාවට ගෞරවයක් ලබාදුන් රංගන ශිල්පිනියක්. ඇය මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු 15-16 ක් පමණ වන්නට ඇති. නමුත්, මම අවුරුදු 32ක් තිස්සෙයි මේ ක්‍ෂේත්‍රයේ රැඳී සිටින්නේ. ඒ කාලය තුළ ක්‍ෂේත්‍රයේ මාව ඇසුරු කරපු අය හොඳට දන්නවා මම කාටවත් අපහාස කරන්න පෙළඹෙන කෙනෙක් නමෛයි කියලා. දෙවියන් විසින් මට ලබාදීපු දක්ෂතාවය මතයි මම ක්‍ෂේත්‍රයේ මේ තරම් දේවල් ලබාගෙන තිබෙන්නේ. ඒ නිසා, සේමිණි ඉද්දමල්ගොඩ කියන නම විකුණලා හෝ වෙනත් කෙනෙකුගේ නමක් විකුණලා, අපහාස කරලා දිනන්න දෙයක් මේ ක්‍ෂේත්‍රයේ මට නැහැ.
මීගමුවේ පදිංචිව සිටින ප්‍රවීණ නිෂ්පාදකවරයකුත් වරක් මට කතා කරලා කිව්වා මේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කැමති නම් ඔහු ඒ සඳහා මැදිහත් කරුවකු වන්නට සූදානම් කියලා. මම ඊට කැමැත්ත පළ කළා. එවැනි සාකච්ඡාවකට එනවානම්, මම ඇයට විරුද්ධව වබේ අඩවිවලට තොරතුරු ලබා දුන් බවට සාක්ෂිත් ඇය රැගෙන ආ යුතුයි කියලා මම ඔහුට කිව්වා. නමුත්, මෙය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඇය පැමිණියේ නැහැ.මා අපහසුතාවට පත්වන ලෙස, පදනම් විරහිතව, ද්වේශ සහගතව නඩු පවරා තිබිම සැලකිල්ලට ගෙන මගේ නීතිමය අයිතිය ආරක්ෂා කිරීමටත්, මට සිදුවී තිබෙන හානියට වන්දි ඉල්ලා නඩු පැවරීමට කටයුතු කරන ලෙසත් මගේ නීතිඥවරුන් වන සමන්ති ගමගේ, ප්‍රදීප් ගමගේ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙවිල් රත්නායක යන අයට මම මේ වන විටත් උපදෙස් දීලයි තිබෙන්නේ.
