Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK

Gayesha Perera's wedding next year

Add comments

 ලබන අවුරුද්දෙ විවාහ වෙනවා

ඉතින් ගයේෂා මොනවාද මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල කාලය මං වෙන් කරගෙන තියෙන්නෙ මෝස්තර නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩකටයුතුවලට. අවුරුද්දෙ මාස 6ක් නිරූපණ කටයුතුවලටත් ඉතිරි මාස 6 රඟපෑම් කටයුතුවලටත් මං වෙන් කර ගන්නවා. එහෙම වුණහම මට කලබලයක් නැතුව වැඩ කරගෙන යන්න පහසුයි.

එතකොට ඔයා වෘත්තියෙන් මෝස්තර නිරූපණ ශිල්පිනියක්ද එහෙමත් නැත්නම් නිළියක්ද?
මේ දෙකම මගේ වෘත්තීන්. ඒත් මේ අවුරුදු හයටම මං රඟපෑවේ ටෙලි නාට්‍ය 14ක් විතරයි.
බොහොම ටෙලි නාට්‍ය ලැබුණා. ඒත් මං ලැබෙන හැම එකක්ම බාර ගත්තෙ නෑ. කොහොම වුණත් නිරූපණ ක්‍ෂේත්‍රයෙන් මට ලැබිච්ච කීර්තිය වැඩියි.
රංගන ක්‍ෂේත්‍රයෙන් ඒ තැනට යන්න මට තව කල් තියෙනවා. රඟපෑව සීමිත චරිත ප්‍රමාණය වුණත් කතා බහට ලක් වුණා. ඒ හැම චරිතයක්ම මං රඟපෑවෙත් ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෝ එක්ක.

2006 මිස් ශ්‍රී ලංකා රූ රැජන වුණේ ඔයා. ඒ ගැනත් මතක් කරමු.

ඔව්. එතකොට මට අවු 18යි. ඒ වගේ වයසකදි ඒක මට චැලේන්ජ් එකක් වගේම වගකීමක් වුණා කියලා හිතෙනවා. දැන් ආයෙත් කල්පනා කරන කොට ඊට පස්සේ ඒ අවුරුද්දෙ චීනයේ සහ ජපානයේ පැවැති ජාත්‍යන්තර රූ රැජන තරගයේදී ලංකාව නියෝජනය කළේ මම. ඒක පුදුමාකාර අත්දැකීමක්. ඇත්තටම ඒ අත්දැකීම්වල පන්නරයෙන් තමයි මට අනෙකුත් ජයග්‍රහණ ලබාගන්න පුළුවන් වුණේ.

මොනවද ඒ ජයග්‍රහණ.?

2009 වසරේ චීනයේ පැවැති ජාත්‍යන්තර රූ රැජන තරගයෙන් ලෝක සංචාරක රූ රැජන හැටියටත්, දක්‍ෂතම රූමතිය හැටියටත් ජයග්‍රහණය හිමි වුණේ මට. 2012 අගෝස්තු කොරියාවේ පැවැති ලෝක ආසියානු ශාන්තිකර රූ රැජන තරගයෙන් හොඳම පෞරුෂයට සහ හොඳම ජාතික ඇඳුමට හිමි සම්මාන ලැබුණා. තරගාවලියේ රටවල් 69ක තරගකාරියන් අතරින් අවසන් 15 දෙනා අතරට එන්න ලැබීමත් විශේෂත්වයක්.

මේ අත්දැකීම ගැන ඔයාට මොකද හිතෙන්නෙ. ඒවා ඔයාගේ ජීවිතයට බලපෑවේ මොන විදියටද?
මේ හැම අත්දැකීමක්ම මට ලොකු රුකුලක් වුණා. අනෙක් එක මේ හැම දෙයක්ම කෙනකුට ජීවිත කාලය තුළ ලෙහෙසියෙන් අත්පත් කර ගන්න නොලැබෙන අත්දැකීම් සම්භාරයක්. හැම තරග අවස්ථාවකදීම ජය පරාජය කියන කාරණාවට වඩා මට වැදගත් වුණේ ඒ අවස්ථාවට මුහුණ දීම. සමහර තරගවලට ගියහම හුඟක් අය අපේ රට ගැන දන්නෙත් නෑ. ඒ වගේ වෙලාවට උපරිමය කරන්න ඕනෑ කියන හැඟීම තමයි ඇති වුණේ.

ඒ වගේ වෙලාවට තිගැස්මක් වාගේ දෙයක් ඇති වුණේ නැද්ද?
මට මගේ ජීවිතයේ එහෙම තිගැස්මක් ඇති වෙලා නෑ. අපේ රට ගැන දන්නේ නැත්නම් මගේ විෂය තුළින් මං දැනුම්වත් කළ යුතුයි කියන අධිෂ්ඨානය තමයි මං ඇති කර ගත්තෙ.

ඔයා රඟපෑ ටෙලි නාට්‍ය අතර දූලිපින්තාරු ටෙලි නාට්‍යයේ ලීසා වගේම, බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ බච්චිත් මෑත කාලයේ කතාබහට ලක් වුණා නේද?

ඔව්. ලීසාට වගේම බච්චිටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒත් ඒ චරිත දෙක එකිනෙකට වෙනස් චරිත දෙකක්. ගෙදරින් නම් ලීසාට ලැබිච්ච ප්‍රතිචාර ඉහළයි.

ලීසා කියන්නෙ වෙනස් සංකීර්ණ චරිතයක්නෙ.

ටෙලි නාට්‍ය භාර ගනිද්දිම සත්තුස් අයියා කිව්වෙත් වෙනස් ටෙලි නාට්‍යයක් කියලයි. මනුතාපය නව කතාව ඇසුරෙන් නිර්මාණය වෙච්ච මේ ටෙලි නාට්‍යයේ ලංකාවේ සිටින ප්‍රබල රංගන ශිල්පීන් ගණනාවක් හිටියා. ලීසාගේ සංකීර්ණතා හඳුන ගත්ත මට සන්තුස අයියාගෙන් වගේම අනෙක් ප්‍රවීණ ශිල්පීන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා.

ඔයා මොන විදියටද ලීසාව හඳුනා ගත්තෙ.

ලීසා කියන්නෙ මවත් පියාත් අහිමි වෙච්ච කෙනෙක්. පියා හැටියට ලීසාව හදාගත්ත කෙනා තමන්ගෙම පියා නෙමෙයි කියලා ලීසා දැනගන්නෙ පස්සෙ කාලෙකනෙ. ඉතින් මමත් පියා නැතිව මව එක්ක ජීවිතය ගත කරන කෙනෙක් හින්දා මට ඒ හැඟීම් බොහොම දැනුණා. මේ හින්දා සමහර තැන්වලදී ලීසා මට සමාන වුණා. මං ලීසාට ආදරෙයි. එයා මගේ ජීවිතේ ගොඩක් තැන් වෙනස් කළා.

ආදරය ගැන මොකද හිතන්නේ?

ආදරය බොහොම සුන්දරයි. ඉස්කෝලෙ යන කාලෙ නම් ආදරය ගැන ලොකු අත්දැකීමක් මට තිබුණෙ නෑ. ඒත් අද මං ආදරය සුන්දරව භුක්ති විඳිනවා. පෙම්වතාගේ පවුලෙන් වගේම අපේ ගෙදරිනුත් අපේ ආදරයට ආශීර්වාද ලැබිලා තියෙනවා.

එයා මොනවගේ කෙනෙක්ද?

එයා දක්‍ෂ ගායකයෙක්. ඒ වගේම ව්‍යාපාරිකයෙක්.

නම හෙළි කරන්න කැමැති නැද්ද?
අපේ ආදරේට දැන් අවුරුදු 3කටත් වැඩියි. වෙසක් පෝදා දවසක යාළුවෙකුගේ ගෙදරකදියි අපි හමු වුණේ. ක්‍ෂේත්‍රයේ අය නම් අපි ගැන දන්නවා. ලබන අවුරුද්දෙ අපි විවාහ වෙනවා. එතකම් මේ රහසක් නොවන රහසට පුංචි ඉඩක් දෙන්න.

එතකොට "ඔබයි මගේ ජීවිතේ" කියලා ඔහු ගයන්නෙ ඔයා ගැනද?

නෑ. ඒ ගීතය එයා කියලා තියෙන්නෙ අපි හමුවෙන්න කලින්.

එතකොට නිරූපණ ශිල්පිනියක් වගේම නිළියක් හැටියට ඔයාට මේ ලැබිලා තියෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නෙ.

ජනප්‍රියත්වය කියන දේ රසික රසිකාවියන්ගෙන් වගේම මාධ්‍ය තුළිනුත් ලැබෙනවා.

තරු ගොඩනැඟෙන්නෙ අපේ හැකියාවන්ගෙන් වගේම ඒ අයගේ සහයෝගයෙන්. අපි යම් තැනකට ඇවිල්ලා දැන් අපි උසස් ඒ අය පහළයි කියලා හිතනවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. එතකොට බොහොම ඉක්මනට කඩා වැටෙනවා. කලා ක්‍ෂේත්‍රයේ විතරක් නෙමෙයි පහුගිය දවස්වල ක්‍රීඩා ක්‍ෂේත්‍රයෙත් එහෙම දේවල් දකින්න ලැබුණා. ඒ දේවල්වලින් සරලවම පැහැදිලි කරලා දෙන්නේ ජනප්‍රියත්වයෙන් අන්ධ වෙන්න හොඳ නෑ කියන එකයි.

මොනවගේ සිහිනද ඔයාගේ ජීවිතේට තියෙන්නෙ.

මහ ලොකුවට නැති වුණත් මටත් සිහින තියෙනවා. පවුලක් හැටියට ආදරෙන් ජීවත් වෙන්න. නිරූපණ ශිල්පිනියක් නිළියක් හැටියට වඩා හොඳ දායකත්වයක් ලබා දෙන්න. ඒ වගේම ලබන අගෝස්තු මාසේ බෙලරුස්වල පැවැත්වෙන සුපිරි ජාතීන් අතර රැජන තරගයට සහභාගි වෙලා ලංකාවට ජයක් අරගෙන එන්න ඒවගේ සිහින.



RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats