“මල් දෙවැට” ටෙලි නාට්‍යයේ “චාපා” චරිතය පිළිබඳව ඔබට ලැබෙන රසික ප්‍රතිචාරය කොහොමද?
වයස භේදයකින් තොරව හැමෝම ඒ චරිතයට ආදරෙයි. ගොඩාක් අය මට මේනකා කියා අමතන්නේ නැහැ. “චාපා” කියලා තමයි කතා කරන්නේ. මගතොටේදී හමුවන කුඩා ළමුන් පවා චාපා කියලා කෑ ගහනවා.
මම මේ චරිතය වෙනුවෙන් ගොඩාක් කැපවී වැඩ කළා. විශේෂයෙන්ම ටෙලිනාට්‍යයේ පිටපත් රචක මහේෂ් අයියා මට ගොඩාක් උදව් කළා. ඔහු මට කිව්වා “චාපා” චරිතය තුළින් අපිට ඕනා චාපා ඉස්මතු වීම මිසක් මේනකා ඉස්මතු වීම නමෛයි කියලා. මමත් මට හැකි උපරිමයෙන් “චාපා” චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා. මල් දෙවැටේ චාපා චරිතය මගේ ජීවිතේ ලොකු වෙනසක් එකක් කිරීමට සමත් වූ චරිතයක්. මම පන්සලකට ගියාමත් සමහර අය මගෙන් අහනවා “චාපා අර ච්ෙන් එක බේරා ගත්තද” කියලා. මම ඒ වෙලාවට වික්ෂිප්ත වෙනවා මේ අහන්නෙ මොකක් ගැනද කියලා. තවත් සමහර අය අහනවා “ඔයා මොනවටද ඔය තරමට අර කොල්ලගේ පස්සෙ යන්නෙ. ඔන්න ඕක අතහැරලා දාන්න කියනවා. ඒ වගේ ප්‍රශ්නවලින් මම තේරුම් අරන් තිබෙනවා මගේ රසිකයන් ඉතාමත් ආදරෙන් ඒ චරිතය වැළඳගෙන තිබෙන බව. මම රඟපෑ චරිතවලින් ඉතා සාර්ථක චරිතයක් “චාපා”, “මල් දෙවැට” ටෙලි නාට්‍යයේ මම විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනෙ මහේෂ් අයියට ඒ වගේම අධ්‍යක්ෂ චන්දන ධර්මප්‍රියට වගේම නිෂ්පාදක විරාජ්ටත්.
“චාපා” කටකාර, උද්දච්ච නපුරු චරිතයක් “මේනකා” කියන්නෙත් එවැනි චරිතයක්ද?
“මම නපුරු චරිතයක් නෙවෙයි. මම හරිම නම්‍යශීලී චරිතයක්. චාපා වගේම මමත් ආදරේට ආදරේ කරන්න කැමතියි. චාපා එයාගේ පෙම්වතාට පණ වගේ ආදරෙයි. ඒ වගේම මමත් කවදාහරි මට ලැබෙන පෙම්වතාට ගොඩාක් ආදරේ කරනවා.
ද ඒ කියන්නේ මේනකාට මේ වන විට පෙම්වතෙක් නැහැ කියන එකද?
මට තවම පෙම්වතෙක් නැහැ. ගොඩාක් යෝජනා නම් ආවා. නමුත් මට තවම අවුරුදු 22යි. ඉතින් මම හිතන්නේ දැම්මම පෙම්වතියක් වෙන්න අවශ්‍ය නැහැ කියලයි.
ඔබගේ හිතේ ඇඳි රුවක් ඇති නේද?
ඔව්. මගේ හිතෙත් ඩී්‍රම් බෝයි කෙනෙක් ඉන්නවා. මම මුලින්ම හිතන්නේ මට ගැළපෙන රුවක් ඔහුට තිබෙන්න ඕනේ. ඒ වගේම හොඳ සමාජ තත්ත්වයක් තිබෙනවනම් හොඳයි. මගේ වෘත්තීය ජීවිතය ගැන වගේම මගේ කාර්ය බහුලත්වයත් ඔහු තේරුම් ගත යුතු කෙනෙක් විය යුතුයි.
මේනකා වැඩි කැමැත්තක් දක්වන්නේ නර්තනයට ද රංගනයට ද නැත්නම් නිවේදිකාවක් වශයෙන් කටයුතු කිරීමටද?
“මගේ වැඩි කැමැත්තක් තිබුණේ නර්තනය පැත්තට. අහම්බෙන් වගේ මට නිවේදන කටයුතුවලට සහභාගි වීමට ලැබුණා. ඒ වගේම ඒ තුළින් මට රංගනයටත් පිවිසෙන්න ලැබුණා. නමුත් මම දැන් ජීවිතේ වැඩි කාලයක් යොදවන්නෙ රංගන කටයුතුවලට. මට හිතෙන්නේ මම මුලින්ම රංගනයට එන්නයි තිබුණේ කියලා. ඒ තුළින් මට දිගු ගමනක් යාමට හැකිවුණා.මේනකා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නොවුණ නම් කුමන මගක යාවිද?
පොඩි කාලේ ඉඳන්ම මම ආශාවෙන් හිටියේ නැටුම් ගුරුවරියක් වෙන්න. පසුගිය වකවානුවේ මම නැටුම් උගන්වන පංතියක් කරගෙන ගියා. නමුත් මගේ වෘත්තීය ජීවිතේ වැඩකටයුතු වැඩිවීම නිසා එය මට තාවකාලිකව නවතා දමන්න සිදුවුණා. නමුත් ළඟදීම මම ආපහු නැටුම් ඉගැන්වීමේ පාසලක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ දිනවල මම නැටුම් පිළිබඳව විභාගයකට පෙනී සිටීමට සූදානම් වෙනවා. මගේ මූලිකම අරමුණ නැටුම් ගුරුවරියක් වීමයි. මම රංගනයේ යෙදුනත් නර්තනය පැත්තෙන් හැකි ඉහළම තැනට යාමයි මගේ අපේක්ෂාව.
ඉදිරියේදී විකාශනය වීමට ඇති ටෙලි නාට්‍ය මොනවාද?
මම ආසාවෙන් රංගනයේ යෙදුණ ටෙලි නාට්‍යයක් තිබෙනවා “සේල” කියලා. ඒකෙ සියලු වැඩ කටයුතු අවසන් වෙලයි තිබෙන්නේ. එම ටෙලි නාට්‍ය ඓතිහාසික කතා පුවතක් රැගත් ටෙලි නාට්‍යයක්. ඒ වගේම ගිනි මැද සක්මන, සසර සේයා, තෙවන ඇස ආදී ටෙලි නාට්‍ය තුළින් ඉදිරියේ දී මාව දැක ගන්න පුළුවන් වේවි.
ඇයි ටෙලි නාට්‍යවල පමණක් දායකත්වය සපයන්නේ සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
මීට පෙර මම චිත්‍රපටයක රඟපෑවා. අලුතෙන්ම එන්න තිබෙන සිනමාපටයක් වන “පරපුර” චිත්‍රපටයේ මම රඟපානවා.
තවම ඉටුකරගත නොහැකි වූ බලාපොරොත්තු මොනවාද?
හිතුවටත් වඩා හොඳින් හැම දෙයක්ම මට ලැබිලා තිබෙනවා. ඉටුකර ගන්න කියලා විශේෂයෙන් බලාපොරොත්තු නැහැ. මම නර්තනයෙන් රංගනයට පිවිසුණා. ඉන්පසු නිවේදන ක්ෂේත්‍රයටත් සම්බන්ධ වුණා. මට එක එක විදිහේ එකකට එකක් වෙනස් චරිත නිරූපණය කිරීමට ටෙලිනාට්‍ය ලැබිලා තිබෙනවා. ජීවිතේ බොහෝ නොසිතූ දේවල් මට ඉතා ඉක්මනින් ලැබුණා. ඉතින් තව මොනවද මට අවශ්‍ය වෙන්නේ?
වසර දෙකහමාරක් වැනි කෙටි කාලයක් තුළ මම බොහෝ දුර ගමනක් ආවා. කලා ක්ෂේත්‍රයේ හැමෝමත් එක්ක හොඳින් කටයුතු කිරීමයි මගේ අරමුණ. කා සමගවත් ගැටුම් ඇතිකර ගැනීමට මට අවශ්‍යතාවයක් නැහැ.
