Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK

Actress Nilmini Tennakoon ins and outs

Add comments

Nilmini Tennakoon is the popular Sri Lankan Teledrama And Movie actress,  also popular in commercial Advertisements.

මගේ පියාගේ අභාවය දා දැනුණු වේදනාව එදත් මට දැනුණා

විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ. හරිශ්චන්ද්‍රයන්ගේ හදිසි අභාවය පිළිබඳව දෙරණ සිත් ගිමන්හල මෙහෙයවන නිල්මිණි තෙන්නකෝන් කියන කතා
මනෝ වෛද්‍ය විශේෂඥයකු ලෙස දහස් ගණනකගේ රෝග සුවපත් කරන අතර ජනමාධ්‍ය මගින් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සිත් සතන් සුවපත්  කළ මනෝ වෛද්‍යවිශේෂඥ ඩී.වී.ජේ. හරිශ්චන්ද්‍ර මහතා පසුගියදා අප කිසිවෙකුත් නොසිතූ නොපැතූ මොහොතක ජීවිතයෙන් සමුගත්තේය. දෙරන නාලිකාව ඔස්සේ විකාශය වන ‘සිත් ගිමන්හල’ වැඩසටහන තුළින් නිරන්තරව විශාල සමාජ මෙහෙවරක් ඉටුකළ ඩී.වී.ජේ. හරිශ්චන්ද්‍රයන් එදිනෙදා සුපුරුදු ලෙස එම වැඩසටහනට සහභාගි වීමට පැමිණි අතර අභාවප්‍රාප්ත වූයේ ද පසුගිය මාර්තු 01 සිකුරාදා එම වැඩසටහන සඳහා පැමිණි මොහොතකදීය. වැඩසටහන ඇරඹීමට පෙර වේශ නිරූපණයේ යෙදෙන අතරතුර ඇති වූ හදිසි අසනීප තත්ත්වය මත රෝහල කරා රැගෙන ගිය පසු මෙම අභාවය සිදුවිය. ‘සිත් ගිමන්හල’ වැඩසටහන ඉදිරිපත් කරනු ලබන්නේ ජනප්‍රිය සම්මානනීය නිළි නිල්මිණි තෙන්නකෝන්ය. ‘සිත් ගිමන්හ‍ලේ දී හමු වූ විශේෂඥ වෛද්‍යවරයා පිළිබඳ මතකය අවදි කරමින් නිල්මිණි අප සමග මෙලෙස කතා බහ කළාය.

මනෝ වෛද්‍යවිශේෂඥ ඩී.වී.ජේ. හරිශ්චන්ද්‍රයන් සමග සිත් ගිමන්හල රූපවාහිනී වැඩසටහන මගින් එක්ව කටයුතු කිරීමේ භාග්‍යය සේම එතුමන් හදිසි අභාවය සිදුවන මොහොතේ ළඟ රැඳීමේ අභාග්‍යයත් නිල්මිණි භුක්ති වින්දා.

ඇත්තෙන්ම ඔව්, මගෙ පියාගේ අභාවය දා මට ඇති වූ අතිශය වේදනාත්මක හැඟීම් තමයි එතුමාගේ අභාවය මොහොතේත් මට දැනුණේ. ඒ ඇති වූ කම්පනයත් සමග මා තදබල ලෙස අසනීප වුණා. තවමත් ඉන්නේ අසනීප තත්ත්වයෙන්.
අසනීප තත්ත්වය නිසා මේ පුවත්පත් සාකච්ඡාවට එක්වීම අසීරු නම් අපි ඔබව වෙහෙසට පත් නොකර මෙය නවතා දමන්න සූදානම් .....

ඔබ මේ සාකච්ඡාව පවත්වන්නේ මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ. හරිශ්චන්ද්‍ර මැතිතුමා අරභයා කරන එකක් කී නිසයි මා ඊට එකතු වුණේ. අසනීප තත්ත්වය අමතක කරලා එතුමාට උපහාරයක් ලෙස මේ කතාබහ කරගෙන යන්න මා සූදානම්.

එහෙනම් නිල්මිණි  මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ. හරිශ්චන්ද්‍ර මහතාගේ මතකය අවදි කරමු
“සිත් ගිමන්හල”ට එක්වීමට පෙරත් මට එතුමා කීපවරක් හමු වී තිබුණා. මෙම වැඩසටහන තුළදී තමයි මට එතුමා සමග ළඟින් ඇසුරු කරන්න ලැබුණේ. එතුමා කලාතුරකින් පහළවන සුවිශේෂ කෙනෙක්.

මොනවද ඔබ දුටු ඒ සුවිශේෂතා ?

මනෝ වෛද්‍ය  විශේෂඥ ඩී.වී.ජේ. හරිශ්චන්ද්‍ර මහතා දැනුම් ගබඩාවක්. ත්‍රිපිටකය ගැන මනෝ විද්‍යාව ගැන කලාව ගැන එතුමා තුළ තිබූ දැනුම අති විශාලයි. අපිටත් ‍පොත පත කියවීමේ පුරුදු ඇතිකර ගන්න එතුමා බලපෑවා. වැඩසටහන දාට එතුමා හමුවුණාම “ගුඩ් මෝනින් සර්” කියලා කියන්න අපි බයයි. ඒ වෙලාවට එතුමා දොස් කියනවා. “ගුඩ් මෝනින් නමෛයි ආයුබෝවන් කියන්න දුවේ. ආයුබෝවන් කියන්නේ ආයුෂ වැඩිවෙනවා” කියන ප්‍රාර්ථනාවට කියලා එතුමා අපිට කියනවා.

සිත් ගිමන් හල වැඩසටහන වෙනුවෙන් එතුමන් තුළ වූ කැපවීම කොහොමද ?

මනෝ වෛද්‍ය විශේෂඥ ඩී.වී.ජේ. හරිශ්චන්ද්‍ර මැතිතුමා සත පහක්වත් ලබන්නේ නැතුවයි මෙම වැඩසටහනට සම්බන්ධ වුණේ. ඇතැම්විට මෝහනය කළ රෝගීන් ගැන පටිගත කළ දර්ශන එතුමාගේ වියදමින්මයි සිදුකළේ. තමන් දන්නා දේ ජනතාව හමුවේ ඉදිරිපත් කිරීමට පුදුම වුවමනාවක් එතුමා තුළ තිබුණේ. සමහර විට අපව පුදුම කරවන දේවල් කළ අවස්ථා තිබුණා.

එවැනි අවස්ථාවන් සිහිපත් කළොත් ? .....

මගෙ උපන් දිනය දා වැඩසටහන අතර එතුමා මට දුන් තිළිණය මා පුදුම කළා. එය සම්මානයක්. එහි එතුමා විසින් ලියූ කවියක් සඳහන් කර තිබුණා.

නිල්මිණි පහන දෙරණින්
     සිත් ගිමන්හලින්
දුක් දුරු කරන ඔවදන්
     දහම් තුළින් 
නිල්මිණි පහන ලෙස ඔබ
     ලත් සඳුන් තෙලෙන් 
බැබලෙනු මැනවි බුදු දම්
     සඟ රුවන් බෙලෙන්

මනෝ වෛද්‍යවිශේෂඥ ඩී.වී.ජේ. හරිශ්චන්ද්‍ර මහතා ඔබගේ ගැටලුවලට විසඳුම් දුන් අවස්ථාත් ඇති.....

ඒ ඔවදන් ගැන විස්තර කරන්න මේ ලිපිය මදි වේවි. මගේ ජීවිතයේ ගැටලු අවස්ථාවලදී එතුමා දුන් ශක්තිය අති විශාලයි. එක් අවස්ථාවක යම් අය මගේ සියලු දේපළ කොල්ලකන්නත් උත්සාහ කළා. ඒ අවස්ථාවෙත් මට පියෙක් වගේ එතුමා ශක්තියක් වුණා.

එතුමාගේ අභාවය සිහිපත් කිරීම ඔබට වෙහෙසකර අත්දැකීමක් වේවි .....

හැමදාම වැඩසටහනට ආවම වැඩසටහනට කලින් එතුමා සමග කතාබහ කරන එක මගෙ සිරිතක්. ඒත් එදා මට ඒක කරන්න බැරි වුණා. වේශ නිරූපණය කරලා ඉන්පසුව වැඩසටහනට සූදානම් වෙලා ඉන්න අතර තමයි එතුමා හදිසියේ අසනීප වූ බව මම දැන ගත්තේ. ඒ වෙලාවේ වැඩසටහන් නිෂ්පාදක ප්‍රසාද් සිහි විකල්වෙලා වගේ මහපාරට දුවලා පාරේ යන කාර් එකක් නතර කර ගත්තා. ඊට පස්සේ අනේ මේ ඉන්නේ ඩොක්ට හරිශ්චන්ද්‍ර කිව්වා විතරයි. ඒ වාහනේ පදවපු මහත්මයත් ඔළුවේ අතගහගෙන වාහනේ හෙඩ්ලයිට් ඩබල් සිග්නල් පවා දාගෙන පාරේ අනික් වාහන පීරාගෙන වගෙයි ඩොක්ටව හොස්පිටල් අරන් ගියේ.

නිල්මිණිත් ඔය වැඩසටහනට එන්නේ ඔයාගෙම කාර් එකෙන් නේද?

නමුත් ඒ වෙලාවේ කාර් එක එලවනවා තියා දෙපයින් හිටගන්නවත් බැරි තත්ත්වයකයි මම හිටියේ. කොහොමත් ඩොක්ටට මොකද වුණේ කියලා දැන ගන්න මාත් පස්සේ මගේ කාර් එකෙන් කළුබෝවිල රෝහලට ගියා.

ඊට පස්සේ?

මං හිතන විදිහට රෝහලට ඇතුල් කරන කොටත් ඩොක්ට සදහටම මේ ලෝකේ අතහැරලා ගිහින්.

ආරියවංශ කුලතිලක



RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats