"වැඩියෙන්ම ආදරේ කළේ බිරිඳට නෙමෙයි" "නරක පුරුදු වලට ගොඩක් ඇබ්බැහි වුණා"
අපේ මේ ජීවන චාරිකාවේ අපට හමුවෙන චරිත බෝහෝමයි. ඒ හැම කෙනෙකුටම කියන්න කතාවක් තියෙනවා. ඒ අතරින් අප තෝරාගත්ත අමිලගේ කතාවයි මේ.
ජීවිතේ දුෂ්කරයි වෙලාවකට සුන්දරයි> දුෂ්කරයි කියලා අපි ජීවිතේ දාලා යන්නේ නැහැ දාලා යන්නත් බැහැ.
අමිල කියන්නේ සාමාන්‍ය පවුලක හැදුනු වැඩුනු තරුණයෙක්. පාසල් කාලයේම අමිලගේ පියා ඔවුන්ව දාලා යනවා.
අමිලගේ අක්කයි අම්මයි තමයි පසුව අමිලගේ හැමදේම වුණේ. මව කුලී වැඩ කරලා හොයන සල්ලි වලින් තමයි ඔවුන් ජීවත්වුනෙත්.
මව දුක් විඳිනවා බලාඉන්න බැරි තැන සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු අමිල සැලෝන් එකක රැකියාවකට යනවා.
අමිලට ගමේ යහළුවො ගොඩක් හිටියා. ඒ නිසාම ඔහු නරක පුරුදු වලට ඇබ්බැහි වෙන්න ගන්නවා.
දුම්වැටිවළට මෙන්ම මත්ද්‍රවයවලටත් අමිල වැඩි වැඩියෙන් කාලය ගතකරනවා.
ඔය අතරතුර කාලය ගතවෙනකොට අමිලට අම්මවත් නැතිවෙනවා. පසුව රැකියාවත් කරගෙන ඉන්න අමිලට තරුණියක් ගැන අදහසක් පහළවෙනවා.
ඇයත් සමග සම්බන්ධයක් පටන් ගැනීම ගැන අමිලගේ හිතේ සතුටක් ඇතිවෙනවා.
නමුත් ඒ ආදරය ලැබුනා කියලා අමිලගේ නරක පුරුදු ඔහු අතහැරියේ නැහැ.
පසුව ඔවුන්ගේ ආදරය ගැන ගෙදරට දැනුම්දීලා විවාහ වෙනවා. මුලදි දෙන්නම සතුටින් ජීවත් වුණත් ඔවුන් දෙදෙනා අතර ප්‍රශ්ණ ඇතිවෙන්න වැඩි කලක් ගියේ නැහැ.
ඒ දවසක් බස් එකේදි මුණගැහුණු විවාහක කාන්තාවක් අමිලගේ ජීවිතයට ඇතුල් වෙනවත් එක්කයි.
බිරිඳට හොරෙන් අමිල ඒ කාන්තාවත් එක්ක සම්බන්ධයක් පවත්වගෙන යනවා.
ඔය අතර අමිලගේ විවාහ ජීවිතේ ප්‍රශ්ණ තවත් වැඩිවෙනවා. ඒ අමිලගේ වෙනසට හේතුව බිරිඳටයි නැන්දම්මටයි දැනගන්න ලැබුනු නිසයි.
පසුව අමිල බිරිඳවයි ගෙදරයි අතඇරලා දාලා යන්න යනවා. පසුව යහළුවෙක්ගෙ ගෙදරක අමිල නතරවෙනවා.
අමිලගේ අනියම් සම්බන්ධයත් පවත්වගෙන යන අතරතුරම අමිලට හිටි හැටියේ අසනීප වෙනවා. ඊට පසු අමිල ලේ පරික්ෂාවක් කළාම HIV රෝගයට ගොදුරුවෙලා කියලා දැනගන්නවා.
අනියම් ලිංගික ඇසුර සොයා ගොස් ජීවිතය වරදවාගත් තරුණයකුගේ අමිලගේ කතාව පහතින් බලන්න