iaj¾Kd
ms<sldfjka
fìfrhs
'සත්සමුදුර'. 'හන්තානේ කතාව'. 'තුංමංහන්දිය'ඇතුළු මුල්කාලීන සිනමා නිර්මාණ තුළ මෙන්ම, 'හංසවිලක්', 'සුද්දිලාගේ කතාව' ,'දඩයම', 'සාගර ජලය' ,'මායා', 'යහළු යෙහෙළි' ,'ඩොරීන්ගේ සයනය', 'බවදුක' සහ 'බව කර්ම', 'අයෝමා' 'කැඩපතක ජායා', 'චන්න කින්නරී', 'මී හරකා', 'අනන්ත රාත‍්‍රිය' වැනි ලංකාවේ සිනමා ඉතිහාසයේ ඒ ඒ අධ්‍යක්‍ෂවරුන්ගේ සිනමා කඩඉම් තුළ ස්වර්ණා ප‍්‍රධාන භූමිකාව ට පන පොවමින්, එම සිනමා කරුවන් මෙන්ම, සිනමා නිර්මාණයද ,පේ‍්‍රක්‍ෂක රසඥතාවද ඉහළට ඔසවා තැබුවාය. ඇය ඒ නිසාම හොඳම රංගන ශිල්පිණිය ලෙස 26 වතාවක් මෙරට තිබූ ප‍්‍රධාන පෙළේ විවිධ සම්මාන උළෙලයන් හි සම්මානයට පාත‍්‍ර විය.
ඇටමස් ලේ නහරින් සැදි ස්වර්ණා නම් වූ ස්ත‍්‍රිය 2002 වසරේ හදිසියේම රෝගාතුර වූ බව දැන ගන්නේ ඇගේ සමීපතමයන් අතිශය තිගැස්මට ලක් කරමිණි .ස්වර්ණා මොළයේ හටගත් ගෙඩියක් නිසා සංකීර්ණ සැත්කමකට මුහුන දුන්නේ ජීවිතය සහ මරණය අතර ඇති ඉඩ හොඳින් අත්දකිමිණි.
'නරේන්ද්‍රා' ස්වර්ණාගේ දියණිය ඒ වනවිටත් අධ්‍යාපනය හදාරණ දැරියක වූවාය. ස්වර්ණා එම සැත්කමට දැඩි මානසික ශක්තියකින් සාර්ථකව මුහුණ දුන්නේ සිය දියණිය ට ඇති ආදරය නිසාම වන්නට ඇත.
එපමණක් නොව ඇය ඉතා ඉක්මණින් සුවපත් ව සාමාන්‍ය ලෙස ආදරණීය මවක ලෙස වගකීම් සහ යුතුකම් ඉටු කරණු ලැබීය.
ස්වර්ණා සැබැවින්ම අතිශය ආදරණීය මවකි. ඇයගේ දියණිය, ඇයගේ මුළු ලෝකයමය. ඇය දියණියට දක්වන ආදරය මේ ලොව වෙසෙන සියළුම මව්වරුන්ට ආදර්ශයක් ම විය යුතුයැයි හැගේ. එයට කදිම සාක්‍ෂිය වන්නේ ස්වර්ණා දෙවන වරටත් නැවතත් මුහණ දෙන්නට සිදුවූ යම් සංකීර්ණ තත්ත්වයක් මතය.
වසර අටක කාලයක් සිය ශරීරයේ අත යට මතුවෙමින් තිබූ කුඩා ගැටයක් ඇය අමතක කර දමා නොසලකා හරිණු ලැබීය. ඇය එසේ කරණු ලැබුයේ සිය දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇයගේ සම්පූර්ණ අවදානය ඊට යොමුකළ යතුවූ බැවිණි. 2002 වසරේ මොළයේ කරණ ලද සැත්කම නිසා දියණිය ට දෙවන වරටත් මානසිකව යම් කම්පණයක් ඇති කිරීමට ඇය අකමැති වූවාය.
ස්වර්ණා සිය මූලික අවධානය යොමු කරණු ලැබුවේ දියණියගේ මානසිකත්වය ගැන සළකාය. ඇයගේ අධ්‍යාපන උවමනාව සළකාය. වසර අටකට පසු දියණිය කේම්බ‍්‍රිජ් විශ්වවිද්‍යාලයේ විශේෂවේදී උපාධිය ලබාගැනීමෙන් පසු , රැකියාවක් ද ලබාගැනීමෙන් අනතුරුව ස්වර්ණා සිය සමීප යෙහෙලියක වූ සෙලීනා සමරවික‍්‍රම සමග වෛද්‍ය වරයෙකු වෙත ගියේ වසර අටක් තමා නොසලකා හැර තිබෙන්නේ කුමක්ද යන්න නිශ්චිතවම දැන ගැනීම පිණිසය.
මක්නිසාද, ඒ වනවිට ඇයගේ අත යට තිබූ ගැටිත්ත පුපුරා යාමෙන් ඇති වූ සංකීර්ණතාව නිසා ස්වර්ණා එය වෛද්‍යවරයෙකු වෙත පෙන්වා සුලූ සැත්කමක් කරවාගෙන එම වෛද්‍ය වරයා පැවසූ ආකාරයට එය සුළු ගැටිත්තකට එහා යමක් විය යුතුය යන සැකය සැක හැර දැනගතයුතු වූ බැවිනි.
ඇය දෙවන වරටත් යළිත් අවධානාත්මක, කිසිවකු අසන්නට පවා භියක් දක්වන පිළිකාවකට ගෙඳුරුව ඇති බව එම පරීක්‍ෂණයෙන් දැනගත්තාය. ස්වර්ණා ට පිළිකාවක් යැයි ඇගේ සමීපතයන් දැනගත් විට සියල්ලෝම කම්පාවට පත්වුවද ස්වර්ණා සිනහමුසු මුහුනින් එයට මුහුන දෙන්නේ ඇයගේ ආදරණීය දියණිය වෙනුවෙනි.
නරේන්ද්‍රා සිය මවගේ අසනීප තත්තවය දිනගත් විගස ලන්ඩනයේ සිට වහාම ලංකාවට එන්නේ රැකියා ව නැතිවේය යන අවදානමද නොසලකා හරිමිණි.
ස්වර්ණා ගේ වෛද්‍යවරයා වූ වෛද්‍ය මහේන්ද්ර පෙරේරා ඉතාමක් වගකීමෙන් යුතුව ස්වර්ණා ගේ ජීවිතයේ වගකීම බාරගත්තේ, හැකි විගසින් මේ පිළිකා වෙන් ඇයව නැවතත් සාමාන්‍ය ගැහැනියක සේ සිය කටයුතු කරගෙන යාමට අවශය නිරෝගී මානසිකත්වය ඇයට ලබාදෙන වගකීමෙනි.
ඒ අනුව ස්වර්ණා ට ප‍්‍රථම කීමෝ එන්නත් ලබාගැනීම ආරම්භ කිරීමට සූදානම් විය. ස්වර්ණා ට කීමෝ එන්නත් පිළිබඳව සහ එයින් ඇතිවන අතුරු ආබාධ සම්බන්ධව එතරම් අවබෝධයක් නොතිබුණ හෙයින් ඇය යම්කිසි මානසික තිගැස්මක්ට ලක් විය .මේ නිසාම ඇයට දිරිදෙනු වස් ඇගේ ආදරණීය දියණිය නරේන්ද්‍රා, සෙලීනා නම් වූ යෙහෙළිය මෙන්ම ධර්මසිරි බණ්ඩාරනායක සහ හිත මිත‍්‍රයෙකු වූ ගාමිනී වියන්ගොඩ පළමු කීමෝ එන්නත ලබාගැනීමට යන ගමනට ස්වර්ණාට දිරිය සපයමින් එක්වූහ.
ස්වර්ණා සියල්ලටම සාර්ථකව මුහුන දෙමින් නැවතත් සිය ජීවිතයේ දෙවන සැත්කම වූ දකුණු පස පියයුර සමග පිළිකාව සිය සිරුරින් ඉවත් කිරීමේ සැත්කමට මුහුණ දෙන්නට සූදානම් විය. ඇය ඒ සඳහා ඇයගේ පළමු සැත්කම කළ ඇපලෝ රෝහල නොහොත් ලංකා හොස්පිටල් වෙත ඇතුළත් විය.
ඇයගේ මෙම පිළිකා රෝගී තත්ත්වය පිළිබඳව ඇගේ සහෝදර ශිල්පිණියක වන මාලිනී ෆොන්සේකා ඇය ට මානසික ශක්තිය සපයමින් මෙන්ම මෙරට ප‍්‍රථම පුරවැසියාගේ අවදානය ද ඇය වෙත යොමු කරවන්නට සමත් විය. ඒ අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ස්වර්ණාට පෞද්ගලිකවම දුරකථන ඇමතුමක් දෙමින් ඇයට අවශ්‍ය සියලූ පහසුකම් සපයා දෙන බවත්, සැත්කමට සාර්ථකව මුහුන දෙන්නට ඇයට අවශ්‍ය කරණ මානසික සහ ආර්ථික වටපිටාව සකස් කරන ලදී. ස්වර්ණා ඒ පිළිබඳව මාලිනී ෆොන්සේකා සිය සහෝදර ශිල්පිණියටත්, ගරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමාටත්, ජනාධිපති අතිරේක ලේකම් අතුරුගිරිය මහත්මියටත් සිය හෘදයාංගම ස්තුතිය පිරි නමනු ලබයි.
ස්වර්ණා සැත්කමට සූදානම් වූ මෙහොතේ සිට ඇයට ඉතාමක් යහපත් මානසික ශක්තියක් ඇති කරමින්, වෛද්‍ය මහේන්ද්ර පෙරේරා, ලංකා රෝහලේ වෛද්‍ය නෙයොමාල් පෙරේරා, මනෝරි ගුනවර්ධණ, වෛද්‍ය නිශානි පෙරේරා යන වෛද්‍යවරු ඉතා සාර්ථක සැත්කමකින් ඇයගේ පියයුරු පිළිකාව ඇගේ ශරීරයෙන් ඉවත් කරණ ලදී.
ස්වර්ණා ඒ සියල්ලටම ශක්තිමත් ලෙස මුහුන දුන්නාය . රංගන ශිල්පිණියකට තම මුහුන මෙන්ම ශරීරය ද ඉතා වැදගත්ය. එහෙයින්ම ඇයගේ ඉවත් කරණ ලද පියයුර වෙනුවට ඒ හා සමගම ඇගේ ශරීරයේම අමුද්‍රව්‍ය තුළින් පියයුරක් නැවත ප‍්‍රතිෂ්ඨාපණය කරන ලද්දේ ද එම වෛද්‍ය කණ්ඩායම විසිනි. එක ම මොහොතක සැත්කම් දෙකක් සිදු කිරීම නිසා ස්වර්ණා මුහුන දුන්නේ, විඳ දරාගැනීමට සිදුවූයේ සුළු පටු වේදනාවක් නොවේ.
එහෙත් ඇය ගේ ජීවිතය පුරාම එක් රැස් කරගත් ආත්ම ශක්තිය මෙන්ම දියණියගේත්, ධර්මසිරි බණ්ඩාරනායක සහ සමීප හිතවතුන්, හිතවතියන් ඇය අසල සිට ඇයට ලබාදුන් ශක්තියද, ඇයට මේ සියලූ ශාරීරික වේදනාවන් දරාගැනීමට මහගු ශක්තියක් විය. ස්වර්ණා වසර අටක් දරා සිටි පියයුරු පිළිකාව ඇයගේ ශරීරයේ ඔඞුදුවා නොතිබීම, අතිශය වාසනාවක් මෙන්ම ආශ්චර්යයක් ද විය.
'ඒක ඇත්තටම ආශ්චර්යයක් .මම දෙවියන්ව දැඩිලෙස විශ්වාස කරනවා මගේ අභියෝග සහ සංකීර්ණතා හමුවේදී'.
එය ස්වර්ණාටත් ,ඇගේ ආදරණිය දියණියටත් අන් අයටත් විශාල සැනසිල්ලක් වීම පුදුමයක් නොවේ. ස්වර්ණාගේ දියණිය ඇයගේ පිළිකා තත්ත්වය දැනගත් ඇසිල්ලේම පැය බාගයක් ඇතුළත ගුවන් ටිකට් පත් වෙන්වා කරවාගෙන සිය ආදරණීය මව වෙත ආවේ ඇයට ඇගෙන් තොර ලෝකයක් නොවන බැවිණි.
ඇගේ රාජකාරි ස්ථානයේ ප‍්‍රධානියා ඇතුළු සියලූම ඉහළ නිළධාරීන් ඇය ගේ මෙම තත්ත්වය තේරුම් ගෙන ඇයට අවශ්‍ය මානසික පරිසරය සකසා දී තිබීම විශේෂ කාරණයකි . නරේන්ද්‍රාට ඒ නිසාම සිය මව සමීපයේ රැදෙමින් ඇයට උවැටන් කරමින් සාත්තු කරමින් ඇයව රැකබලාගනිමින් මාස 03ක කාලයක් සිටින්නට හැකිවිය. ස්වර්ණා රෝහලේ සිටින විට ඇයද ඇය අසලම දැවටි දැවටී සිටිමින් ස්වර්ණාව මවක දරුවෙකු රැකබලාගන්නා සේ රැක බලාගත්තේ නොතිත් ආදරයෙණි.
ස්වර්ණා ඒ පිළිබඳව සිය දහස් වාරයක් සිය දියණිය ට මෙන්ම ඇය අසල සිටි ධර්මසිරි බණ්ඩාරනායක, සෙලීනා සමරවික‍්‍රම, ගාමිනී වියන්ගොඩ, නිලේන්ද්‍ර දේශප‍්‍රිය සහ ඔහුගේ පවුලේ සියල්ලන්ම ඇය ට ශක්තියක් වෙමින් ඇයව දකින්නට පැමිණි මාලිනී ෆොන්සේකා අනෝජා වීරසිංහ, නීටා ප‍්‍රනාන්දු, නදීකා ගුණසේකර, චන්ද්‍රම් රත්නම්, ඇලරික් ලයනල් ප‍්‍රනාන්දු වැනි සිනමා ක්‍ෂෙත‍්‍රයේ සහෘදයනට මෙන්ම ලංකා රෝහලේ (ඇපලෝ) ප‍්‍රධාන පරිපාලන නිළධාරී කරන්නාගොඩ මහතාටත්, නර්ථන ශිල්පිණී උපේඛා සහ ව්‍යාපාරිකයෙකු මෙන්ම සිනමාවට සම්බන්ධ සුනිල් ෆොන්සේකා, රජිත ජයසූරිය සහ ෂෙරිල් ගුණරත්න යන අගේ සහෘදයන් ට ඇය සිය කෘතඥතාව පල කළාය. එමෙන්ම ෆාස්ටර් ජෙරෙම්ටත් රෝෂණටත් අය සිය ස්තුතිය ප‍්‍රකාශ කළාය.
.
සැත්කමෙන් පසු ස්වර්ණා නිවසට පැමිනියේ සි දියණිය සමගය, ඇයගේ සමීප යහළු හෙහෙළියන් ස්වර්ණාව දැකීමට නිවසට වරින් වර පැමිණි අතර, දියණිය නැවත ලන්ඩනයේ සිය රැකියා වේ කටයුතු සඳහා පිටත්ව යාමටද නියමිතව තිබිණි. දියණිය සිය මවගෙන් තාවකාලිකව හෝ දුරස්වීමට නොහැතිව සිටියද ඇය අනිවාර්්‍යයෙන්ම ආපසු යායුතු ව තිබිණ. නරේන්ද්‍රා සිය මවව හුදකලාවේ තබා යාමට අකමැති විය. සීතා නම් වූ නිවෙසේ උදව්වට පැමිණෙන හිතවතිය ස්වර්ණාව උදෑසන සිට සවස් කාලය දක්වා කෑම බීම සකස් කරදී ඇයගේ අවශ්‍ය කටයුතු ඉතා උවමනාවෙන්, කැපවීමෙන් යුතුව සොයා බලා කටයුතු කළ බව ස්වර්ණා පැවසීය.
"ඇය මා සමග වසර ගණනාවක් සිටියා. නරේන්ද්‍රා ගියාට පස්සේ ඇය දවස පුරා මා සමග හිටියා. නරේන්ද්‍රා ට දුක තිබුනේ රාත‍්‍රියේ කව්රුවත් නැතිවෙයි කියලා . නමුත් රංගන ශිල්පිණියක් මෙන්ම නර්ථන ශිල්පිණියක් ද වන මට ඉතා හිතවත් නිල්මිණී බුවනෙක සහ මනෝහාරී රාත‍්‍රියට පැමිණියා. නරේන්ද්‍රත් මාත් ඒ ගැන සතුටු වෙනවා. ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ රාජකාරී කටයුතු කරමින් කෙසේ හෝ පැමිණ රාත‍්‍රියේ නිවසේ නතරව මා වෙනුවෙන් සිටිනවා. ඒ වගේම මට මතකයි මගේ මොලයේ සැත්කම කරු කාලයේ වවන්ත විට්ටච්චි සහ ඔහුගේ බිරිඳ අනුලා හඳුවලත්, මාලි ජයවීරගේ ත් මාගේ සුවදුක් බලමින් තනි නොතනියට මා සමග සිටියා. මේ වෙලාවේ කෘතවේදීව ඒ පිරිසත් මතක් කරන්න ඕනෙ
.
ස්වර්ණා පියයුරු පිළිකා ශෛල්‍යකර්මයෙන් පසු අනිවාර්‍යයෙන්ම ලබාගතයුතු තවත් ප‍්‍රතිකාර විය. ඒ රසායනික චිකිත්සාව නොහොත් කීමෝතෙරපි ප‍්‍රතිකාරයි. එමගින් කෙරෙණුයේ ශරීරයේ ඇති යම් පිළිකා ශෛලයක් වේද ඒවා සියල්ල විනාශ කිරීමයි. ඕනෑම පිළිකා රෝගියෙකු පිළිකා සැත්කමකින් පසු මෙම ප‍්‍රතිකාරය ලබාගත යුතු වෙනවා පමණක් නොව එය ලබාගැනීමෙන් පසු ඉතාමත් ප‍්‍රවේශම් විය යුතු ය . වෙනත් කුමන හෝ රෝගී විෂබීජයක් පිළිකා රෝගියෙකු වෙත ඇතුල් වුවහොත් යම් යම් සංකීර්ණ ව්‍යාකූලතා ඇතිවිය හැතිය
සෙම්ප‍්‍රතිශ්‍යාවකින් පවා ප‍්‍රවේශම් වීම වඩාත් වැදගත්බව ස්වර්ණා පැවසීය. මේ තත්ත්වයන්ගෙන් ආරක්‍ෂාවී නිසි ප‍්‍රතිකාර ගනිමින් වෛද්‍ය උපදෙස් නිසිලෙස පිළිපදින්නේනම් පියුරු පිළිකා වලින් පසු ශක්තිමත් ව සුපුරුදු පරිදි තම කටයුතු කරගැනීමට හැකිවේ.
ස්වර්ණා කීමෝ ප‍්‍රතිකාර සඳහා වෛද්‍ය මහේන්ද්ර පෙරේරා විසින් යොමු කරණු ලැබුවේ මහරගම පිළිකා රෝහල ටය.
'
"පිලිකා රෝගීන්ට ලබාදෙන එක එන්නතක් රුපියල් 14 000 සිට ලක්‍ෂ දෙකහමාරක් දක්වා වෙනවා. මහරගම පිළිකා රෝහලේ එවැනි අධික වියදමින් යුත් එන්නත් දිනකට ලබාගන්නා අය කොයිතරම්ද? ඒ හැම එන්නතක්ම රජය විසින් නොමිලයේ සපයනු ලබනවා. ඇත්තටම මෙවන් රෝගීන් වෙනුවෙන් රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙවැනි මුදලක් සේවාවක් කිරීම ගැන අපි සතුටු විය යුතුයි, වගේම කෘතඥවිය යුතුයි මම මහරගම පිළිකා රෝහලේ සියළුම කාර්ය මණ්ඩලයටත්, ලංකා හොස්පිටල්, ආසිරි සර්ජිකල් රෝහල් කාර්ය මණ්ඩලයන් වෙත සහ සෙලින්කෝ මධ්‍යස්ථානයේ කාර්්‍ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා." ස්වර්ණා එසේ සිය කෘතඥතාව පල කළේ ඇයගේ පිළිකා රෝගී තත්ත්වයේදී ඇය වෙනුවෙන් කරණ ලද සේවාවන් වෙනුවෙනි.
"අපේ හුගක් අය මෙම පියුයරු පිළිකා තත්ත්වය ගැන විවෘතව කතාකරන්න තරමක් අකමැතියි. නමුත් මම මේ සම්බන්ධව විවෘතව කතාකරන්න කැමතියි. පියයුරු පිළිකාවන් තමන්ට ඇතිදැයි දැනගැනීම ස්ත‍්‍රින් විසින් අවධානය යොමුකොට ඒ පිලිබඳව සැළකිලිමත් විය යුතුයි. අද ලෝකයේ පමණක් නොව, අප රටේත් මේ ව්‍යසනයට ගොදුරුව ඇති සංඛ්‍යාව දවසින් දවස ඉහළ යනවා. මේ පිළිබඳව සැළකිලිමත් නොවන නිසා බොහෝ අය නිරපරාදේ සිය ජීවිත විඳවීමට ලක්කරගන්නව සහ ජීවිත අවදානමකට ලක්වෙනවා.
ඒ නිසා කාන්තාවන් මේ සම්බන්ධයෙන් සැළකිලිමත් වීම ඉතා වැදගත්. මූලික අවස්ථාවේම මෙය ඉවත් කිරීමෙන් වටිනා ජීවිත ආරක්‍ෂා කරගන්න පුළුවන්. මා කැමැතියි මේ සම්බන්ධව මගේ අත්දැකීම් බෙදා ගන්නට. සැත්කමට මෙන්ම පියුර ඉවත් කර නැවත පියයුරක් සකාසා ගත හැකියි. එමෙන්ම නිසි ප‍්‍රතිකාර ගැනීමෙන් ඉතා ඉක්මණින් සුපුරුදු ලෙස සිය කටයුතු ආරම්භ කරන්න පුළුවන්'.
කීමෝ ප‍්‍රතිකාර ගැනීමෙන් ස්වර්ණාගේ කොණ්ඩය ගැලවී යාමට පටන් ගැනුණි. නමුත් ඇය එය වේදනාත්මක අත්දැකීමක් කරගත්තේ නැත.
ඇය ගේ තට්ට හිස ඇයට ලස්සනය. ඇය යම් උත්සව අවස්ථාවකට සහ පිටතට යනවිට ටර්බනයකින් හිස වසා ගෙන විලාසිතාවක් එක්කරගනී එය ඇයටම ආවේනික විලාසිතාවකි. ස්වර්ණා කලාත්මක දේ අගය කරන්නියකි. ඇය පෙර සිටම ඇගේ විලාසිතාවන් නිර්මාණය කරගන්නියකි. සිනමාවේ වෙනස්ම විලාසිතා කරන්නිය ද ඇය විය. එහෙත් ඒ සියල්ල ඉතාමත් සරල සුන්දර ඒවා විය. ඒ නිසාම ඇය සියල්ලන් අතර සැමවිටම කැපී පෙණෙන අයෙකු විය.
ස්වර්ණාට ආදරය කරණ අය බොහෝය. ස්වර්ණාගේ දියණිය නරේන්ද්‍රාගේ හෙහෙළියන් වන ශානිකා, රෝසි, තුෂානි සහ ලක්‍ෂි ඔවුන්ට හැකි සෑම අවස්ථාවකම සිය යෙහෙළියගේ ආදරණීය මව ගේ සුවදුක් සෙවීමට පැමිණෙයි.
"නරේන්ද්‍රාගෙ යාළුවෝ මාව බලන්න එනකොට ගෙදර හදපු කෑම බීම පවා අරගෙන එනවා. ඒ තරුණ දරුවන් හරිම ආදරණීයයි.'' ස්වර්ණා පවසන්නේ සතුටිනි .
ස්වර්ණා දැඩි ආත්ම ශක්තියකින් හෙබි ස්ත‍්‍රියකි. ඒ නිසාම ඇය ට සිනමා ජීවිතයේ ප‍්‍රති නිර්මාණය කරන්නට ලැබුණ චරිත ද සුඵු පටු නොවීය. ඇය ඉදිරිපත් කරන ලද චරිත මේ මහපොළවේ, අනන්ත අප‍්‍රමාණ ගැහැට දුක් විඳි මහපොළවේ පය ගසා සිටින ස්ත‍්‍රීන්ගේම චරිතය ඒ චරිත සියල්ල තුළ ඇය ජීවමාන විය. ඒ නිසාම ස්වර්ණා නම් වූ රංගන ශිල්පිණියගෙන් මිදී ඒ චරිත ජීවමානව අත්විඳින්නට සිනමා රසිකයිනට හැකිවිය.
ඒ නිසාම ස්වර්ණා වසර 18ක් සිනමා නිර්මාණයක ට සම්මාදම් නොවූවද ඇයගේ රංගනයන් මෙන්ම ඇයව ද මෙරට සිනමා රසිකයින්ට අමතක කළ නොහැකි විය . නිලේන්ද්‍ර දේශප‍්‍රිය ලංකාවේ සිටින ප‍්‍රතිභාපූර්ණ විශාල අත්දැකීම් සම්භාරයක් ඇති නිර්මාණ කරුවෙකි. ඔහු සිය ප‍්‍රථම සිනමා නිර්මාණය වූ 'තන්හා- රතී -රගා 'වෙනුවෙන් ස්වර්ණාට ඉතා සුළු චරිතයක් සඳහා ආරාධනා කළේය. ස්වර්ණා එහි දෙමළ ගුරුවරියක ලෙස ඉතා සියුම් රංගනයක නිරතවූයේ වසර 18කට පසුවය.
ස්වර්ණා නැවත ප‍්‍රධාන චරිතයක් රගපෑමට සූදානම් වේ. ඒ සිනමා නිර්මාණයේ අධ්‍යක්‍ෂවරයා ද නිලේන්ද‍්‍ර දේශප‍්‍රියය .ස්වර්ණා එම ප‍්‍රධාන චරිතය රගපැම සඳහා සූදානම්ය. මෙම වසරේ නොවැම්බරයේ එහි රුගත කිරීම් ආරම්භ කිරීමට නිලේන්ද්‍ර සූදානම් වෙයි. 1989 -1990 කාලයේ අතුරු දහන් වූ දරුවන්ගේ යුක්තිය සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින තම දරුවාද අහිමිව ගිය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වන ධෛර්්‍යමත් මවකගේ භූමිකාවක් ස්වර්ණා මෙහි රදක්වනු ඇත.
'නිලේන්ද්‍ර ඉතා දැඩිලෙස මා කෙරෙහි විශ්වාසය තබමින් මේ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය මට ලබාදුන්නා පමණක් නෙමේ මගේ පිළිකා තත්ත්වය තුළදී පවා ඔහු මා දිරිමත් කරමින් මට ඉමහත් ශක්තියක් ලබාදුන්නා. වසර 18කට පසු ඔහුගේ නිර්මාණයකට සම්බන්ධ වූවා. ඒ වාගේම ඔහුගේ දෙවැනි නිර්මාණයේ ප‍්‍රධාන චරිතය රගපෑමට එක්වන්නට ලැබීම පිළිබඳව සතුටු වෙනවා.
එමෙන්ම නිලේන්ද්‍ර විසින් ම රූපවාහිනි නාලිකාවක් සඳහා නිර්මාණය කිරීමට සැළසුම් කර ඇති විශේෂ වැඩ සටහනක් මෙහෙය වීමට ස්වර්ණා සිය කැමැත්ත ප‍්‍රකාශ කර තිබීම විශේෂයකි. ඇයගේ මුළු රංගන ජීවිතය පුරාම රූපවාහිනී වැඩ සටහනක් වෙනුවෙන් ඇය සම්බන්ධ වන්නේ මෙම වැඩ සටහනටයි. මෙහි විශේෂත්වය වන්නේ මෙම වැඩ සටහන සමාජයේ ජීවත්වන සියළු මිනිසුන් දැනුවත් කරණා සුවිශේෂී වැඩ සටහනක් වීමයි. ස්වරණා ඒ පිළිබඳව හැදෑරීමක නිරතව සිටී. ඇය අධ්‍යනයකින් තොරව කිසිවක පෙනී සිටීමට අකමැතිවාසේම ඇය එසේ නොකරයි. තමා සම්බන්ධවන යම් කටයුත්තක් වේද ඇය ඒ සම්බන්ධව කරුණු අධ්‍යනය කරයි.
ඇය නව තාක්‍ෂණය සමග අති සමීපව කටයුතු කරණ බැවින් බොහෝ දැණුම මෙන්ම ඇය රුචි කරණා විෂයන් සම්බන්ධව නිරන්තරයෙන් යාවත්කාලීන වෙයි.
ස්වර්ණා මෙරට සිනමාව වෙනුවෙන් සිය පාසල් ජීවිත කාලයේ සිට හෙට දිනය තෙක්ම කැප කර තිබේ. ඇය උපන්නේ රංගනය උදෙසාමය. සිනමාව ඇගේ ආත්මය විය. ඇය ජීවිතය දෙස යහපත් ආකාරයෙන් බලයි. ඇයගේ ජීවිතය සුබවාදීය, ඇයගේ සිතුවිළි පවා සුබවාදීය. මරණයේ ඉස්මත්තේ හිඳ ජීවිතය වෙත පැමිණි ඇය ජීවිතය දකියි.
ඇය නැවත නැවතත් සිනමාව වෙනුවෙන් සිය ජීවිතය කැප කරයි. මේ සියල්ල තුළ ඇය ලැබූ සුවහසක් අත්දැකීම්, ඇගේම ආත්ම ශක්තිය බවට පත්ව ඇය සියළු සංකීර්න තා අභිමුව ඉන්ද්‍රඛීලයක් සේ නැගී සිටියි. පිලිකාව අභියස ඇය ශක්තිමත් ලෙස නැගී සිටීම ඇය එය විවෘතව රටට ලෝකයට ප‍්‍රකාශ කිරීමට තරම් හිතුවක්කාරවීම, නිර්භීත වීම මේ රටේ සුවහසක් ස්ත‍්‍රීන් වෙනුවෙන් ඇය කරණ ලද මහගු සේවයක් වන්නීය.
'මිරර්' ස්වර්ණා මල්ලවආරච්චි නම් ඒ ශක්තිමත් ගැහැනියට දීර්ඝායුෂ මෙන්ම නිරෝගී සුව ප‍්‍රාර්ථනා කරන්නෙමු.
සටහන -මනෝහාරී හේවාවසම්
ජායාරූප- නතාලි දෙවින්කා
ස්තුතිය -වල්ලි තංගරාජා