Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK

Hrithik Roshan Working Out

Add comments

 සති 12ක රිතික්ගේ අරුමය

ඇඟපත හදාගන්නවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉස්සර කාලෙ නම් ඔය ඇඟපත හදාගන්නවා කියලා එකක් තිබ්බේ නෑ. ඒ කිව්වේ GYM වලට එහෙම යන සිරිතක් නෙවෙයි,GYM පවා තිබුණෙ නෑනෙ. එක්කෝ උත්පත්තියෙන්ම හැදෙන ඇඟ ඔහේ හැදෙනවා. නැත්නම් වැඩපළ කරලා මහන්සිවෙලා ඇඟපත හැදෙනවා. අතීතයෙදී නම් ඇඟපත කෙට්ටුවට තිබුණොත් තිබුණම තමයි. මස් පිඬු දාලා ඇඟපත හදාගන්නවා කියන එක හීනයක්ම තමයි. ඒ ඉස්සර දැන් එහෙම ඉන්න ඕන නෑ. දැන් අපිට ඕන විදියකට GYM ගිහිල්ලා ඇඟපත හදාගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි.

දැන් බලන්නකො බටහිර රටවල ඉන්න නළුවෝ දිහා. කොහොමද ඇඟවල්, මස්පිඬු එහෙම. හැමෝටම නොවුණත් ඇඟපත හදාගන්න ආසාවෙන් ඉන්න අයට දවසක් වුණත් බලාගෙන ඉන්න පුළුවන්. එහෙම කිව්වට බටහිර නළුවෝ දිහාම බලන්න ඕන නෑ. අපේ අල්ලපු රටේ නළුවෝ දිහා බලපුවාමත් මේ වගේම ඇඟපත හදාගත්ත අය දැකගන්න පුළුවන්. ඉතින් එහෙනම් බලන්නකො ඉන්දියාවේ නළුවෙක් හොඳට මස් පිඬු දාලා පිම්බිලා එන විදියට තමන්ගෙ ඇඟ හදාගත්තෙ කොහොමද කියලා.මේ නළුවා තමයි රිතික් රෝෂන්


ඔන්න එතකොට නම් කවුරුත් හිතන්න ගනියි "රිතික්ට කොහෙද එච්චරම ඇඟක් අපි දැක්කෙ Krrish Film එකෙත් එහාට මෙහාට පැන පැන ගිය හැටි. සාමාන්‍ය තරමින් නම් ඇඟක් තිබුණා තමයි. ඒත් ඔය කියන විදියට නම් අමුතු විදියේ මස් පුප්පගෙන ඉන්න ඇඟක් නම් එයාට තිබුණේ නෑ. හැබැයි මහත් වෙලා නම් හිටියා කියයි." ඉතින් ඒක කටට ආපු පළියට කියපු දෙයක් විතරයි. මේ කතාව වර්තමානෙට නම් කොහෙත්ම අදාළ වෙන්නෙ නෑ. ඒක අයිති අතීතයටම විතරයි.
Blockbuster Film එකක් විදියට නම් කරන්න පුළුවන් කොයි මිල් ගයා (2003) වගේම ක්‍රිෂ් (2006) Film එකෙනුත් ජනප්‍රියත්වයට පත්වෙලා රිතික් රෝෂන් හොඳම නළුවා විදියටත් නම් කළා.පසු කාලීනව රිතික්ගේ ශරීරය වෙනස්කම්වලට ලක්වීමට ඔහුගේ ආහාර රටාව පවා බලපෑවා. තමන් යම් කිසි ආබාධයකින් පෙළෙන බවත් මේ වන විට එය යම්කිසි සුවතාවකට පත්වෙමින් තිබෙන බවත් පවසමින් රිතික් කාලයක් පුරාම සුවපහසු ලෙස ප්‍රණීත ආහාර ගන්නට පෙලඹුණා. මෙම කටයුත්ත කාලයක් පුරාවටම ගෙන ගිය නිසාවෙන් රිතික්ට සිදු වුණේ තමාගේ තිබුණු ශරීරය වෙනුවට ශරීරය වෙනස්කම්වලට ලක්වී ඔහු අධික තරබාරු පුද්ගලයෙක් වීමයි. මේ හේතුවෙන් අධික රුධිර පීඩනය පවා තමන්ගේ ශරීරයට එකතු කරගත්ත අලුත්ම රෝගී තත්ත්වයක් ලෙස පෙනෙන්නට තිබුණා. දිනකට සිගරැට් පැකට් තුනක් පමණ තමන්ගේ පෞද්ගලික පරිභෝජනය සඳහා වෙන්කර ගත් රිතික් ඔහුගේ ඉණ අඟල් 36.5ක් දක්වා වැඩෙන තුරු ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දැක් වූයේ නෑ.
 
කොහොම වුණත් රිතික්ගේ පෞද්ගලික පුහුණුකරු Bodybuilding.com.සංස්කාරක Gethin විසින් රචිත Guide to Best Body කෘතියේදී රිතික් මෙන්න මේ විදියට කිව්වාය කියලා සඳහන් වෙනවා.
 
"මම හිටියේ මේ රටේ ශක්තිමත්ම පුද්ගලයාය කියන විශ්වාසයෙන්. මට ඕන වුණේ සහ මම ජීවත් වුණේ මේ රටේ කැපී පෙනෙන කෙනෙක් වීමේ ආශාවෙන්" කියලා.

Krrish චිත්‍රපටය රූගත කිරීම් ආරම්භයේදී රිතික් ලොකු ගැටලුවකට මුහුණ පෑවා. ඒක තමයි චරිතයේ හැටියට එහි ඇඳුම රිතික්ට නොගැළපීම. මේ නිසා Gethin රිතික්ට ආරාධනා කරලා තියෙනවා මුම්බායිවලට ඇවිත් චරිතයේ හැටියට ඇඳුමේ ආකාරයට ශරීරය සකස් කර ගැනීමට තමන් සමඟ සම්බන්ධ වෙන්නයි කියලා.
රිතික්ගේ පුහුණුකරු වුණු Gethin ගැන මෙන්න මේ විදියට රිතික් එම කෘතියේදිම කියනවා.

 "මම ඔහුව පෞද්ගලිකව දැනගෙන හිටියේ නෑ. ඒත් එහෙම කියලා Gethin ගැන මම අඩු සැලකිලිමත්කමක් දැක්වූයේ නෑ. ඔහු කවදද තෘප්තිමත් වන්නේ මගේ ශරීරය සම්බන්ධයෙන් ඒක තමයි මගේ ශරීරයේ නියම ප්‍රමාණය. මම එහි වගකීම් ඔහුට පවරලා තිබ්බා".

රිතික්ගේ පුහුණුකරුGethin ඔහුව පුහුණු කළේ සති 12 කාලසීමාවක් ඇතුළෙදි. ඔහුගේ පුහුණුව ගැන එහි සාර්ථකත්වය ගැන හොඳම සාක්‍ෂිය තමයි මේ සියලු ව්‍යායාම් කටයුතුවලින් පස්සෙ රිතික්ගේ ශරීරයේ බර 10ඬඨ කින් අඩුවීම. ඒ විතරක් නෙවෙයි අඟල් 36.6ක් වුණු ඉණ අඟල් 30ක් දක්වාම අඩු වුණා.
 
ශරීරයේ බර අඩුවීම සහ ඉණේ ප්‍රමාණය අඩුවීම අතර කාලෙදි රිතික් නොකා නොබී නම් හිටියේ නෑ. ඒ වගේම තමයි දුවන පනින හැමදේමත් කළා. හැබැයි වැඩි වශයෙන් මෙන්න මේ පියවර කීපය නම් නියම විදියට අනුගමනය කරලා තියෙනවා. ඒ මෙන්න මෙහෙමයි.

මුහුදට ගොස් පිහිනීම හා දිවීම, ඇවිදීම වැනි කටයුතුත් ක්‍රමානුකූලව කරන්නට පෙලඹිලා තියෙනවා. ඒ වගේම බර ඉසිලීමේ පුහුණුව දින 2ක් යෙදී ඉඳලා එක් දවසක් විවේකීව ඉන්නත් ඔහු කටයුතු කරලා තියෙනවා. ඔහු ව්‍යායාම් කරන විට ශරීරයේ එක් පැත්තකට විනාඩි 45ක් පමණ නිසි ආකාරයේ ව්‍යායාම්වලට පවා ලක් කරලා තියෙනවා.
 
ආහාර වර්ග
 
රිතික් දිනකට වේල් 8ක් ආහාරයට ගත්තේ ඔහුගේ 12 Week plan එකේ විදියට. උදේ ආහාරය සඳහාBrown Bread, Walnuts, Corn flakes හා කිරි දියරයන් වගේම බිත්තර සුදු මද, ආමන්ඩ් ඇට සහ පලතුරු පවා යොදාගෙන තියෙනවා. මීට අමතරව Protein powder සහිත පෑන් කේක්, සීනි රහිත බීම සමඟ ආහාරයට ගන්නත් පෙලඹිලා තියෙනවා. ඒ වගේම තමයි දහවල් ආහාරය සඳහා කුකුල් මස්, ගන මාළු පෙති, Brown Bread, කළුකුම් මස් සහ දුඹුරු පැහැ බත් හෝ බතල යොදාගෙන තියෙනවා.
 
කාබෝහයිඩේ්‍රට් සහිත ආහාර ගන්නා අය බොහෝ විට නොමැති වුණත් මේ ශරීරයේ හැඩය හා සැකැස්ම රිතික්ට ප්‍රයෝජනවත් වුණේ Krish III හි උඩුකය නිරුවත් දර්ශනවලට පෙනී සිටින විටයි. ස්වභාවිකවම ලේ වැඩෙන ආහාර ගත් නිසා සහ Vitamin C, Asparagus ආදියත් ලබාගත් නිසා ඔහුගේ බර අඩු වුවත්, බරට වඩා 10kg කට වඩා බර වැඩි පෙනුමක් ඔහුගේ ශරීරයෙන් දිස්වෙන්නට පටන් ගත්තා.
 
මොන මොන සෙල්ලම් දැම්මත් වැඩේ කොහොම වුණත් දැන් රිතික්ගේ ඇඟ නම් පට්ට කියලා ගොඩක් අය කියයි. අනේ අපිටත් මෙහෙම ඇඟ හදාගන්න පුළුවන් නම් කියලා තවත් අය හිතයි. කවුරු කොහොම කිව්වත්, හිතුවත් රිතික්ගෙ 12 Week plan එක ගැන එයා මෙහෙමයි කියන්නෙ.

"මේ කිසිම දෙයක් පුදුමයක් නෙවෙයි. පසුපස හඹාගොස් ලබාගත් දෙයක් පමණයි" කියලා....




RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats