කවුද මේ ‘සිරිමල් එතනා'? මේ දිනවල තිරගත වන “සිරිපැරකුම්” චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ට නැඟෙන ප්‍රශ්නයකි ඒ. ඇය සෙනාලි ෆොන්සේකා. සෙනාලි ලංකාවේ ප්‍රසිද්ධ කලා පවුල් දෙකකට සම්බන්ධ කෙනෙක්. අප සෙනාලි හමුවුණේ ඇයගේ නවතම තොරතුරු විමසා සිටින්නට.
‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ ඔබේ රංගනය ගැන මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?
චිත්‍රපටය නරඹන ගොඩක් දෙනෙක් මගේ රංගනය අගය කරල කතා කරනවා. චිත්‍රපටය තිරගත වන්න කලින් පවා චිත්‍රපටයට සම්බන්ධ අයගෙන් හොඳ ප්‍රතිචාර මගේ රංගනයට ලැබුණා. හැමෝම මගේ රංගන ජීවිතයට සුබ පතනවා.
'සිරි පැරකුම්' හි සිරිමල් එතනා සෙනාලි ෆොන්සේකා
කවුද මේ ‘සිරිමල් එතනා'? මේ දිනවල තිරගත වන “සිරිපැරකුම්” චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ට නැඟෙන ප්‍රශ්නයකි ඒ. ඇය සෙනාලි ෆොන්සේකා. සෙනාලි ලංකාවේ ප්‍රසිද්ධ කලා පවුල් දෙකකට සම්බන්ධ කෙනෙක්. අප සෙනාලි හමුවුණේ ඇයගේ නවතම තොරතුරු විමසා සිටින්නට.
‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ ඔබේ රංගනය ගැන මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?
මේ ඔබේ කීවැනි චිත්‍රපටය ද?
මෙග් පළමු චිත්‍රපටය.
‘සිරිපැරකුම්’ වැනි ඓතිහාසික කතාවක් රැගත් චිත්‍රපටයකින් රංගන ජීවිතය ආරම්භ කරන්න ලැබීම ගැන මොනවද හිතෙන්නේ?
මේක අපේ රටේ ඉතිහාසයට සම්බන්ධ සත්‍ය කතාවක්. මගේ චරිතය සිරිමල් එතනා. ඇය තමයි පරාක්‍රමබාහු කුමාරයා අප්‍රකටව සිටින කාලයේ ඔහුගේ පෙම්වතිය. මෙවැනි චිත්‍රපටයකින් රංගන ජීවිතය ආරම්භ කිරීමට ලැබීම වෙග් ම ආචාර්ය සෝමරත්න දිසානායක මහතා වැනි අධ්‍යක්ෂවරයකුගේ නිර්මාණයකින් චිත්‍රපට රංගනයට එන්න ලැබීමත් වාසනාවක්.
මේ චිත්‍රපටයේ වැඩකරගෙන යද්දී ප්‍රවීණ ශිල්පීන්ගෙන් ලැබුණු සහාය?
ප්‍රවීණ කලාකරුවන් විශාල පිරිසක් එක්ක වැඩ කිරීමේ අවස්ථාව මට මෙහිදී ලැබුණා. මම කලා පවුලකින් එන කෙනෙක් නිසා මේ ප්‍රවීණයින් මට නුහුරු නුපුරුදු අය නෙමෙයි. හැබැයි මීට කලකට පෙර මම ඔවුන් දෙස බැලුවේ ප්‍රේක්ෂකයෙක් විදියට. මේ චිත්‍රපටයේ වැඩ කරන විට ඔවුන් මට ගොඩක් සමීප වුණා.
කොහොමද ඔබ මේ චිත්‍රපටයට සම්බන්ධ වුණේ?
මාව මේ චිත්‍රපටයට තෝරා ගනිද්දි මම හිටියේ එංගලන්තයේ. දැනට අවුරුදු 10 ක ඉඳල මම පදිංචිය එංගලන්තයේ. මම එහේ ඉගෙන ගන්නවා. මේ චිත්‍රපටයට රංගන ශිල්පීන් ගන්නා බව පුවත්පතකින් දැනගන්න ලැබුණා.
ඊට පස්සෙ මම මගේ විස්තරයි ඡායා රූපයකුයි රේණුකා බාලසූරිය මහත්මියට එව්වා. ඒ අනුව මාව චිත්‍රපටයට තෝරා ගත්තත් සෝමරත්න දිසානායක මහතාට පුංචි සැකයක් තිබුණා අවුරුදු 10 ක් තිස්සේ එංගලන්තයේ ජීවත්වන මට, 13 වැනි ශතවර්ෂයේ ලංකාවේ ජීවත් වුණු චරිතයක් නිරූපණය කරන්න පුළුවන් වේවිද කියලා.
ලංකාවට ඇවිත් සෝමරත්න අංකල් ඉදිරියේ මම ඒ චරිතය නිරූපණය කළා. එවිට තමයි ඔහු මා ගැන නිවැරදි තීරණයකට ආවේ. ඒ විදියටයි මම “සිරිපැරකුම්” චිත්‍රපටයට සම්බන්ධ වුණේ.
ඔබ කොහොමද මේ චරිතයට සූදානම් වුණේ?
මූලික වශයෙන්ම මේ චරිතය ගැන හොඳ අවබෝධයක්, සෝමරත්න අංකල්ගෙන් මට ලැබුණා. ඊට අමතරව පරාක්‍රමබාහු කුමාරයා ගැනත් ඒ යුගය පිළිබඳවත් ලියවුණු පොත් මම කියෙව්වා.
ඒ වගේම මට හම්බ වුණා සිරිමල් එතනා ගැනම ලියවුණු පොතක්. ඒ පොතෙන් මට මේ චරිතය ගැන හොඳ අවබෝධයක් ආවා. ඒ විදියටයි මම මේ චරිතයට සූදානම් වුණේ.
ඔබ පුංචි කාලෙත් කලාවට සම්බන්ධ වෙලා සිටියද?
මීට අවුරුදු 10 කට ඉස්සර සිරස නාළිකාවේ “පුංචි පැංචි” වැඩසටහන ඉදිරිපත් කරන්න මම දායක වුණා. ඊට අමතරව ටෙලිනාට්‍ය කීපයකත් රඟපාල තියෙනවා.
ඔබ රංගනයට ආවේ ඔබේ පවුල් පසුබිම නිසාද?
මේ ක්ෂේත්‍රය මට අමුතු තැනක් නෙමෙයි. මගේ නැන්දා (මාලිනී ෆොන්සේකා) මගේ අනෙක් නැන්දලා අක්කල රඟපානව දැකල මටත් ආශා හිතුනා රංගනයට එන්න. ඉතින් අහම්බෙන් වගේ ඒ ආශාව ඉටුවුණා. මගේ අම්මගේ සහෝදරයෙක් වන අශෝක සෙනරත් මුදලිගේ මාමා මට ගොඩක් උදව් කළා.
මම මූලික අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේ. ලබන අවුරුද්දේ මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. Bio medical science ඉගෙන ගන්න. මම එංගලන්තයේ හිටියට ලංකාවට හරිම ආදරෙයි.
එතකොට ඔබ රංගනයට සම්බන්ධ වෙන්නේ විනෝදාංශයක් හැටියටද?
විනෝදාංශයක් හැටියට කලා කටයුතුවල යෙදෙන්න මම කැමැති නෑ. ඒ මොකද විනෝදාංශයක් ලෙස කරන දෙයකින් හොඳ දෙයක් කරන්න බැරි නිසා. රංගනය කියන්නෙ කැපවීමකින්, අභ්‍යාස කිරීමකින් ප්‍රගුණ කරන්න ඕන දෙයක්.
අනාගත යේදී මම ඉගෙන ගන්නා විෂයෙන් ඉදිරියට යන ගමන් කලා ක්ෂේත්‍රයේත් රැඳෙන්න උත්සාහ කරනවා. කරන දේ වෙනුවෙන් උපරිම කැප කිරීමක් කරන්න මම සැම විටම උත්සාහ කරනවා.
ඔබේ පවුලේ විස්තරත් කියන්න?
මගේ තාත්තා උපාලි ෆොන්සේකා. අම්මා සේනානි ෆොන්සේකා. නැන්දා මාලිනි ෆොන්සේකා. මම තමයි පවුලේ එකම දරුවා. අපි ඉන්නෙ එංගලන්තයේ. මගේ අම්ම එයාගෙ රැකියාවෙන් පවා අයින්වෙලා මගේ වැඩවලට උදව් වෙනවා. තාත්තත් මගේ ළඟින්ම ඉන්නවා.
අවුරුදු 10 ක් තිස්සේ එංගලන්තයේ ජීවත් වුණත් ඔබට හොදින් සිංගල කතා කරන්න පුවවන් නේද ?
ඔව් මට හොදට සිංගල කතා කරන්න පුලුවන්.
එංගලන්තෙය් ජීවත් වුණාට මට මගේ මව් බස අමතක නෑ.
ගාමිණී සුසන්ත






