ඒ නිසා ඇය ඔහු ගැන වැඩි විස්තර හෙළි කිරීමටද මැලි බව නිපුණිකා කලා පුවත්පතකට සම්මුඛ සාකච්චාවක් ලබාදෙමින් පවසා තිබේ.
කෙසේවුවද නිපුණිකාගේ පෙම්වතාට ඇය කරකාර බැදගන්නට නම් තවත් වසර 5ක් බලා සිටීමට සිදු වන බවද මේ අතර වාර්තා වේ.
ඒ නිපුණිකා තවත් වසර 5ක් යන තෙක් කාසාද බැදීමට අකමැති නිසා බවද පැවසේ.
නාලන් මෙන්ඩිස්ගේ දූවරු 'නිම්මි' ලෙස චරිත මැවූ ඈ නාට්‍යයය ගණනාවකම චරිත මැවුවාය.
පබසරා, නුඹට ඉන්නෙ මං විතරද, හිරු තනිවෙලා, මිනිමුතු, අටම්පහුර, මන්දෝදරි, පෙම් සිත දැහැමි, ඉසිවරුණ ඉන් කිහිපයකි.
මේ අතර, නිපුණිකාට ව්‍යාපාරයක් ලෙස ජූස් බාර් එකක් දාගන්නත් අදහසක් ඇතැයි ද වාර්තා වේ.
නිපුණිකාට පසුගිය කාලයේදී 'තාරුණ්‍යට හෙටක්' සංවිධානයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධූරයක් භාරගන්නා ලෙසත් ආරාධනයක් ලැබුණු බවත්, එය බාරගත්තේ නම් ඇගේ මව නිවසින් පිටවී යන්නට තීරණය කර තිබූ බවත් මේ අතර වාර්තා වේ.
කෙසේවුවද ඇයගේ දේශපාලනය කැපුවත් නිල් බවද ඇය පවසන්නීය.