Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK

Kareena Kapoor's hidden secrets

Add comments

කරීනාගේ ජීවිතයේ නොකී රහස්

ඇත්තටම මම මගේ ශරීරයේ බර හුඟාක් අඩු කරගෙන තිබෙනවා. මම 'යෝගා' අනුගමනය කළා. යෝගා කිරීම ටිකක් නාට්‍යයක රඟපානවා වගේ දෙයක්. ඒත් ඒක හරි විනෝදයි. මම හිතනවා කාන්තාව ලස්සනම 'සාරි' ඇන්දම කියලා. සායිෆ් පවා මට හැම විටම කියනවා 'සාරි' අඳින්න කියලා. මම නම් හිතන්නේ ප්‍රධානම ප්‍රශ්නය වෙන්නේ අපි හැම විටම බටහිර අනුකරණය කිරීමට යෑමයි. ඒත් මට නම් අවස්ථාව අනුව අඳින්න ඇඳුම් තියෙනවා. සමහර වෙලාවට සාරි. සමහර වෙලාවට වෙනත් ඇඳුම්.

මෙහෙම කියන්නේ හින්දි සිනමාවේ ආකර්ෂණීයම චරිතයක් වන කරීනා කපූර්. බොලිවුඩ්වල ඉහළම මුදලක් අය කරන නිළියන් අතර කරීනා ඉදිරියෙන්ම ඉන්නවා. මේ වනවිට කරීනාට වයස අවුරුදු 31ක් වුණත් ඇය තවමත් දිනෙන් දින තරුණ වෙනවා.

කරීනා ළඟදී හඳුන්වලා දුන්න ශරීරයේ බර අඩු කර ගැනීමේ ක්‍රමය රට පුරාම අතිශයින් ජනප්‍රිය වුණා. ඇගේ ක්‍රමය රටේ රැල්ලක් බවට පත්වුණා. මිලියන ගණන් කාන්තාවන් කරීනාව අනුකරණය කරන්න පටන් ගත්තා. මේ ක්‍රමය, කරීනා හඳුන්වලා දුන්නේ ඇගේ අතින්ම ලියූ Style Diary of a Bollywood Diva යන කෘතියෙන්. ඇගේ ශරීරය සිහින් කරන්න දායක වුණ යෝගා ක්‍රමය හා ආහාර පාලන ක්‍රමයත්, කරීනාගේ පෞද්ගලික ජීවිතයේ බොහෝ තොරතුරුත් ඇතුළත් මේ කෘතිය රසිකයන් මෝහනයට පත් කරවීමට පවා සමත් වුණා. කරීනාට මේ පොත ලියන්න රොචෙල් පින්ටෝ (Rochelle Pinto) කියල කෙනකුන් උදවු කරලා තියෙනවා.

Style Diary of a Bollywood Diva, කරීනා පිළිබඳ කිසිවකු නොදැන සිටි රහස් පවා එළිකළ කෘතියක්. මෙම කෘතිය ආරම්භ වන්නේ ඇගේ ළමා කාලයේදී ඇය ගත කළ, දකුණු මුම්බායිවල මධ්‍යම පාන්තික ජීවිතයේ අත්දැකීම්වලින්. ඒ කාලයේදී කරීනාට රන් භාණ්ඩ හෝ වටිනා ඇඳුම් තිබී නැහැ. ඔබට කරීනා ගැන දැනගන්න ඕනේ නම් Style Diary of a Bollywood Diva, කියවන්න. කරීනාගේ ශරීරය වෙනස් වීම, විලාසිතා තෝරා ගැනීම, ශරීර යෝග්‍යතාව, සූර්ය නමස්කාරය නම් යෝගාසන ක්‍රමය, ඇය තරබාරු කමේ සිට සිහින් ශරීරයක් දක්වා මාරු වීම පිළිබඳ වගේම සයිෆ් අලිඛාන් සමඟ ඇති සබඳතාව පවා මේ කෘතියේ ඇතුළත්.

කරීනා තේරුම් ගත්තා ඇය රඟපෑ 'කභි කුෂිකභි ගම්,' 'ජාබ් වී මෙට්' වැනි චිත්‍රපටවලදී ඇගේ විලාසිතා ජනප්‍රිය වූ බව. මේ නිසාම කරීනා තමන් අඳින ජීන්ස්, ටොප්ස්, ෂර්ට්ස් වගේම යට ඇඳුම් පිළිබඳත් ලියන්න මේ පොතේ පිටු ගණනක් වෙන් කර තිබෙනවා.

ඒ වගේම ඇගේ ශරීර අලංකරණය කිරීමේ දින චර්යාව ගැනත් මේ පොතේ කරුණු තිබෙනවා. කරීනා ඇගේ හමේ ස්වාභාවිකව හටගත් කැළැල්වලට සමු දුන්නා. Clinigue Moisturiser හා Emami cold cream මඟින් ඇය තම කැළැල් නැති කරගත් බව පොතේ සඳහන්.

ඒ වගේම මේ පොතේ එක් පරිච්ඡේදයක මාතෘකාව වන්නේ 'ඔබේ ඇඳුමට යටින්' යන්නයි. එහිදී කරීනා තමන්ගේ යට ඇඳුම් තෝරා ගැනීම, ඇගේ කොණ්ඩය සකසා ගැනීම, හම සුරැකීම, ඇගේ නාසයේ හා කන්වල රෝම ඉවත් කිරීමට විශේෂඥ සහාය ලබා ගැනීම පවා ඇතුළත් කර තිබෙනවා.

විශේෂ පාපෝච්චාරණ හතක්
'Style Diary of a Bollywood Diva,' වැඩිම ආන්දෝලනයට පත් වුණේ මේ පොතෙන් කරීනා තමන් ගැන රහස් 7ක් එළිකළ නිසා. මේ 7 ඇය හඳුන්වලා තිබුණේ පාපෝච්චාරණ 7ක් විදියට. ඒ රහස් 7 දිග හැරෙන්නේ මේ විදියට.

1. කරීනා කැමැතිම Brands 3ක් ඇය මේ පොතේ දක්වලා තිබුණා. Prada, Dolce හා  Gabbana ඒ අතර තියෙනවා. ඒ වගේම ඇය කැමැතිමDisignersලා විදියට Ralph Lauren හා Alexander McQueen ව දක්වලා තියෙනවා.

2. දෙවැනි රහස වෙන්නේ කරීනා Online Shopping කැමැති බවයි. ඇය මේ වනවිට Neta porter, Shopbob, Bergdorf වැනි සියල්ලෙහිම Shopping කර තිබෙනවාලු.

3. එක මසක් පුරා ඇය අඳින ජීන්ස් එක 3 වැනි රහස විදියට දක්වලා තිබුණා. වැදගත්ම කරුණ වෙන්නේ කරීනා එක මාසයක්ම තමන්ගේ ජීන්ස් එකක් සෝදන්නේ නැතුව ඇඳපු එකයි. ඇත්තටම කරීනා කියන්නේ තමන්ට ජීන්ස් ඇන්දම තමන් ගුවන් යානයක නිදා සිටිනවා වැනි සුවපහසුවක් දැනෙන බවයි.

4. කරීනා ප්‍රායෝගිකව අනුගමනය කරපු 'සූර්ය නමස්කාරය' නම් යෝගාසන ක්‍රමය මින් විස්තර කෙරෙනවා. මේ ක්‍රමය ඉතාම සුවපහසු, නැවුම්, ඉතාම වැදගත් මෙන්ම ඉතාම සුදුසු බවයි කරීනා කියන්නේ.

5. 'රූපලාවණ්‍ය රැජන,' යන කොටසෙන් ඇය දක්වන්නේ ඇගේ රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ රහස්. කරීනා භාවිත කරලා තියෙන්නේ ඇගේ මිත්තණියගේ මේකප් බව ඇය පොතේ ලියා තිබෙනවා.

6. නීතිඥවරියක් වීමට කරීනා තුළ තිබුණ සිහිනය ඇගේ 6 වැනි රහස බව ඇය කියනවා. මේක රසිකයන් අතර ඉතාම ජනප්‍රිය වුණා. ඇය තම සහෝදරිය කරිෂ්මා කපූර් එක්ක රඟපාන ස්ථානවලට ගියත් ඇයට කිසි දිනක නිළියක් වීමේ සිහිනයක් තිබුණේ නැහැලු.

7. අවසාන පාපෝච්චාරණය වෙන්නේ 'කෆ්තාන්' නම් ඉන්දියානු දිග ගවුමට කරීනාගේ ඇති දැඩි ආසාව. ඇය කියන්නේ ජීන්ස් වගේම දිග ගවුමත් ඇයට ඉතාම සුව පහසු බවයි.

මේ පාපෝච්චාරණවලට අමතරව කරීනා තම පොතෙන් තවත් දේවල් අනාවරණය කළා. ඒ කරීනා රඟපෑ චිත්‍රපටවලට ඇගේ ස්වරූපය, ශරීරය ආදිය ගැළැපුණේ කොහොමද කියලා. මේ කරීනාගේ වචනවලින් ඒ ගැන පොඩි විස්තරයක්.

1. කභිකුෂිකභි ගම්
'මේ චිත්‍රපටයේ මගේ චරිතය පූජා ෂර්මා, හුඟක් අය දන්නේ Poo කියන නමින්. ඒකෙදි නවතාවට ගැළපෙන විදියට මගේ ඇඳුම් නිර්මාණය වුණා. මගේ ශරීරයට ගැළපෙන විදියට සැකැසූ ඇඳුම්, අල්මාරියක සුරක්ෂිතව තැබුවා. හින්දි චිත්‍රපටයකදී නිළියක් Dolce හා Gabbana වලින් මිල අධිකම ඇඳුම් මිලදී ගත්ත පළමු අවස්ථාව මේක. මට මතකයි මගේ ඇඳුම් එක්ක මට නටන්න අපහසු වුණා. එහිදී අධ්‍යක්ෂ තීරණය කළා ඇඳුමේ පහළින් පැල්මක් ඇති කරන්න. කොහොම වුණත් ඒකෙදි මට විලාසිතා ගැන දැඩි ඇල්මක් ඇති වුණා. ඒ නර්තනයේදී මගේ උදරය නිරාවරණය කරලා තිබුණේ. මගේ ශරීරය සිහින් නිසා ඒක මට ගැටලුවක් වුණේ නැහැ. මං ඒ ගැන තෘප්තිමත්. හොඳම සහාය නිළිය ලෙස ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලටත් මගේ නම යෝජනා වුණා.

2. අශෝක්
'Santosh Sivanගේ මේ ෆිල්ම් එකේදි ෂාරුක්ඛාන්ට විරුද්ධව රඟපෑම මට එක්තරා සිහිනයක් වුණා. ඉන්දියානු නිළියන් අතරින් Santosh මේ ෆිල්ම් එකට අවශ්‍ය වුණේ මාව. ඒක ඉතාම අවදානම් චිත්‍රපටයක් වුණා. හුඟක් ජනතාව මට කිව්වේ මේ චරිතය රඟපාන්න තරම් මට පිස්සු කියලා. ඒත් මගේ කථන ස්වභාවය මට උදවු වුණා. මම රඟපෑ (Kaurwaki) කවුර්වකී කුමරියගේ චරිතයට පණ දෙන්න. ඒ කුමරිය දැඩි, ලස්සන හා නිදහස් චරිතයක්. ඒ ලක්ෂණ 3 පුද්ගලභාවයේ පෞරුෂත්වය වඩවන්නක්. ඒ චරිතයට මම ගැළපෙන නිසා මාව තෝරාගෙන තිබුණා. අශෝක් ෆිල්ම් එකේ චරිතවලට මේකප් දැමීම පවා අසීරු චිත්‍රපටයක්. ඒත් මං කැමැතියි ඒ චාම් බවට හා මේකප් රහිත මුහුණට. එහි ඇඳුම් පවා ඉතා කුඩා ඒවා.

3. ටෂාන්
'ටෂාන්' ෆිල්ම් එකේදි හැම විටම මගේ සිහින් සිරුර මතු වී පෙනුණා. එය මාධ්‍යවල වියරුවක් බවට පත්වුණා, මගේ අලුත් ශරීර ප්‍රමාණය ගැන. මම හිතනවා රසිකයන් බලාවි මගේ ශරීරය අඩු වුණේ කොහොමද කියලා. එහි කොළපාට බිකිණියකින් සැරැසී සිටින දර්ශනයක් තියෙනවා. මට මුලින් එය ගැටලුවක් වුණා. නමුත් Yash Rajහා Adi Chopra මට බිකිණියක් ඇඳිය යුතුයි කියූ විට මම පසුව එය පිළිගත්තා. මම තර්ක කළේ නැහැ. මම හැම විටම විශ්වාසී කෙල්ලෙක්. මම කිසිදාක මගේ පෙනුම ගැන පසුතැවී නැහැ. නමුත් මට මෙය ඉතා දුරස්ත චරිතයක්. ඒත් ඊට ප්‍රතික්‍රියා එනතුරු මම බලා සිටියේ නැහැ.

පසුව ෆිල්ම් එක පිටවුණා. මගේ දුරකතනය පිස්සුවෙන් වගේ නාද වෙන්න පටන් ගත්තා. දිනපතාම රසිකයන් මට ඇමැතුම් හා කෙටි පණිවුඩ එවන්න ගත්තා. නොකඩවාම. හැමෝටම ඕන වුණේ එක දෙයක් දැන ගන්න. 'ඔහ්... මයි ගෝඩ්... කොහොමද ඔබ ඒ දේ කළේ..? මේක මගේ ජීවිතයේ විශාල අවස්ථාවක් වුණා. මගේ ශරීරය ගැන නැවැත නිර්වචන ඇති වුණා.'

ඒ කරීනා කපූර්ගේ හඬ. ඕනෑම සිනමාවක නළු නිළියන් සම්බන්ධ කටකතා, සිද්ධි, තොරතුරුවලට ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්. ඒ නිසා කරීනා තම අතින්ම ලියපු Style Diary of a Bollywood Diva කෘතිය තවත් එක් පොතක් පමණක් නොවේවි!






RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats