Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK

Chat with Sri Lankan singer T M Jayarathne

Add comments

ටී වී බලන්නෙත් නැහැ රේඩියෝ අහන්නෙත් නැහැ මම ඔය දෙකෙන්ම ඈත් වෙලයි ඉන්නේ

ටී.එම්. ජයරත්න, එහෙමත් නැත්නම් ටී.එම්. විදියට බොහෝදෙනා හඳුන්වන ඔබේ සම්පූර්ණ නම මොකක්ද?

මම තෙන්නකෝන් මුදියන්සේලාගේ ජයරත්න. අද වගේ නමෛයි ඒ කා‍ලේ බොහෝ අය නමේ මුල් අකුරු නමට එකතු කරගත්තා. ඒ විදිහට මමත් ටී.එම්. ජයරත්න වුණා.

සංගීත ක්ෂේත්‍රයේ ගෙවපු කාලයත් ගායනා කළ මුළු ගීත ගණනත් හරියටම කිව්වොත්?

හරියටම කියනවා නම් සංගීත ජීවිතේ මේ ගවෛන්නේ 43 වැනි අවුරුද්ද. ගායනා කරලා තියෙන ගීත ගණන නම් දහසකට වැඩියි. කොහොම හොයාගෙනද දන්නේ නෑ, මගේ “සොඳුරු අතීතය” ප්‍රසංගයේදී ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ නම් කිව්වේ මගේ ගීත ගණන හරියටම 1024ක් කියලයි.

පසුගිය මාසයේදී පැවැත්වුණු ඒ ‘සොඳුරු අතීතය’ ප්‍රසංගය ඔබට ඇත්තටම සොඳුරු එකක් වුණාද?

බොහෝ දුෂ්කරතා මැද, තනිවමයි අපි ප්‍රසංගය කරගත්තේ. ප්‍රතිඵලය බොහොම හොඳයි.

ඒ කියන්නේ සොඳුරු අතීතයේ තවත් පියවරක් ඉදිරියේදී දිගහැරේවි කියන එකද?

ගොඩක් අය තවත් ප්‍රසංගයක් ඉල්ලනවා. ඉතින් ඒ ඉල්ලන අයට තවත් ප්‍රසංගයක් නොදීත් බැහැනේ. තවත් ප්‍රසංගයක් ගැනත් හෙමිහිට තීරණයක් ගන්නවා.

ඔබ හා ඔබේ බිරිඳ අතර තිබෙන සමීප බැඳියාව ඒ ප්‍රසංගයේදීත් දැකගන්න ලැබුණා?

ඒක හොඳ පවුල් ජීවිතයක ලක්ෂණයක්. අපි හොඳින් පවුල් ජීවිතය ගෙවනවා කියන කාරණය තමයි එයින් වටහාගන්න පුළුවන්.

‘සොඳුරු අතීතයේ නිමල පැතුමවී’ ගීතය රචනා කළෙත් ඔබේ බිරිඳයි. ඔබ ඔබේ ප්‍රසංගය නම් කළෙත් ‘සොඳුරු අතීතය’ නමින්?
ඇය ලියපු ගීතයේ ‘සොඳුරු අතීතය’ කියන වචන කියැවෙනවා. ඒ වගේම අපේ අතීතයත් සුන්දරයි. අපි ඉක්මනින් මේ ගමන ආපු අය නමෛයි. ඒ වගේම අපි සුපිරි තරු වගේ උඩින් පාත්වුණු අයත් නමෛයි. බොහොම සෙමිනුයි මෙච්චර කාලයක් මේ ගමන ආවේ. මම සංගීත ශාස්ත්‍රයට ගරු කරනවා. ඒ වගේම ඒ ශාස්ත්‍රයට බයයි.

ඇයි ඔබ ඒ ශාස්ත්‍රයට බය වෙන්නේ?

සිංහල භාෂාවේ තියෙනවා ගෞරව සම්ප්‍රයුක්ත බිය කියලා වාක්‍යයක්. ළමයි දෙමවුපියන්ට ගුරුවරුන්ට බියෙන් හැකිළිලා ඉන්නේ නැහැනේ. නමුත් ඔවුන්ට ගෞරව කරනවා. ඒක හොඳ දෙයක්. ඒ වගේ තමයි සංගීතය ගැන මට තියෙන්නේ ගෞරව සම්ප්‍රයුක්ත බියක්. ඒ නිසා ඒ ගෞරවය සහ බිය විනාශ කරගන්න, ඒක කිලිටි කරන්න මම කැමැති නැහැ.

කොහොම වුණත් ඔබේ පුතා ඉසුරු, එදා ප්‍රසංගයේදී දැකගන්න ලැබුණේ නැහැ?

නෑ. පුතා එදා වෙනත් වැඩක් යොදාගෙන තිබුණා. පුළුවන්කමක් තිබුණා නම් පුතා එදා එනවා.

ඔබෙන් පසුව ඔබේ ගීතවල උරුමකරුවා ඔහුද?

මගේ වාහනේ වගේ භෞතික දෙයක් නම් මගේ මරණින් පස්සේ පුතාට දෙන්න පුළුවන්. ඒත් සංගීතය ඕනෑම කෙනෙකුට ගන්න පුළුවන්. ඒක ‍පොදු වස්තුවක්. ඒත් දැන් තියෙන්නේ සල්ලි තියෙන උදවිය අනුන්ගේ ගීත අයිති කරගැනීමේ ප්‍රවණතාවයක්නේ. ඒ නිසා ඒ විදියට අයිති වෙනවට වඩා හොඳයි මගෙන් පස්සේ මගේ ගීත පුතාටම අයිති වෙන එක. ඒ නිසා මගේ ගීත මම ජීවත්ව සිටියදීත් පුතාට අයිතියි, මම මියගියාට පසුවත් අයිතියි.

‘සොඳුරු අතීතය’ ප්‍රසංගයෙන් ලැබෙන ලාභයෙන් කොටසක් ආගමික කටයුත්තකට හෝ වෙනත් පරිත්‍යාගයකට වෙන් කිරීමේ බලා‍පොරොත්තුවක් ඔබ තුළ තිබුණා. ඒ බලා‍පොරොත්තුව ඉටු කරගත්තාද?

සාමාන්‍යයෙන් මුලින්ම ගහක් හිටවලා ඒ ගහෙන් ගෙඩියක් හැදුණත් ඒ මුල්කොටස පූජාවකට තබන සිරිතක් අපේ රටේ තියෙනවනේ. ඉතින් හා හා පුරා කියලා මේ කරපු ප්‍රසංගෙනුත් ලාභයක් ලැබුණොත් ලෙඩරෝග හැදුණු කෙනෙකුට කොටසක් පරිත්‍යාග කරන්න හෝ ආගමික කටයුත්තකට වෙන් කිරීමේ අදහසක් මට තිබුණා. ප්‍රසංගයටත් ලොකු පිරිසක් ඇවිත් සිටියා තමයි. නමුත් වියදම් කළ තරමට ප්‍රසංගයෙන් ලාභයක් ලැබුණේ නම් නැහැ.

ඒ කියන්නේ ඔබේ බලා‍පොරොත්තුව ඉටුකරගන්න බැරිවෙනවා?

ලාභයක් නොලැබුණාට කරන්න දෙයක් නෑ. හිතෙන් හරි ‍පොරොන්දුවක් වුනාණේ. මුදල් ටිකක් එකතු කරගෙන මේ කටයුත්තෙන් ලැබුණු මුදල් කියලා නාමමාත්‍රික විදියටවත් ආගමික කටයුත්තක් හෝ පරිත්‍යාගයක් කරනවා.

ප්‍රසංගයක් රසවිඳින්නට ලැබුණත්, ඇයි ඔබේ අලුත් නිර්මාණ එකතුවක් රසවිඳින්නට අවස්ථාවක් ඔබේ රසිකයන්ට ලබා නොදෙන්නේ?

මේ කා‍ලේ කොහොම හරි නිෂ්පාදකයෙකු සමග එකතු වෙලා නව නිර්මාණයක් එළිදක්වලා, ඒ නිර්මාණය වෙළෙන්දෝ ළඟට ගෙන ගියත් ඔවුන් ඒ ගීත නිර්මාණ අලෙවියට ගන්නේ නැහැ. ඔවුන් කියනවා “මේ සී.ඩී. එක අපට මීට දවස් තුනකට කලින් ලැබුණානේ’, නැත්නම් “මේක අපට ඊයේ ලැබුණනේ කියලා.” ඉතින් ඔය විදියට අද තාක්ෂණයේ දියුණුව ප්‍රයෝජනයට අරගෙන වංචාව දිනනවා. යහපත් දෙයක් කරන්න සූදානම් වෙන කෙනා අමාරුවේ වැටෙනවා. ඒ නිසා කරපු දේවල් හොඳටෝම ඇති කියලා හිතාගෙන මම මගේ ගීත ටික තියාගෙන ගෙදරට වෙලා ඉන්නවා. හැබැයි මට කොච්චර ගීත තිබුණත් ගුවන්විදුලි නාළිකාවලින් ප්‍රචාරය කරන්නෙත් මගේ එකම ගීත ටිකක්නේ.

ඇයි එහෙම වෙලා තියෙන්නේ?

ඒක ඉතින් මගෙන්ම අහලා වැඩක් නෑ. අපේ රටේ එක නාළිකාවකවත් අයිතියක් මට නැහැ. ඒ නිසා ඒවා අහන්න ඕන ඒ නාළිකාවලින්ම තමයි. මම නම් දැන් රූපවාහිනියෙන් සහ ගුවන්විදුලියෙන් ඈත්වෙලයි ඉන්නේ.

ඇයි ඒවායෙන් ඔබ ඈත්වුණේ?

මට මගේ පෞද්ගලික වැඩ තියෙනවා. ඕවාට වෙන් කරන්න කාලයක් මට නැහැ. නිකන් ඉන්න උදවියට නම් ඕවාට කන්දීගෙන හිඳීම හොඳයි. හැබැයි දැන් හැමෝම වගේ කතා කරන්නේ සුභාවිත ගීතය ගැනයි. “සුභාවිත ගීතය රැකගන්නයි මේ හැමදේම කරන්නේ. සුභාවිත ගීතය වෙනුවෙනුයි පෙනී සිටින්නේ” කියලා කවුරුත් වගේ කියනවා. මම නම් දන්නේ නෑ මොන අදහසකින් සුභාවිත ගීතය කියන වචනය භාවිත කරනවාද කියලා. මොකක්ද ඔය කියන සුභාවිත ගීතය?


T.M. Jayaratne in Dodangoda, Sri Lanka is a popular Sri Lankan singer. He has received the Presidential Award in 1978, 1979, 1980 and 1987. In 2006 Jayaratne was awarded the best male singer award at the Raigam Tele Award Festival. 



RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats