Gossip Lanka News

UDERGROUND NEWS FROM SRI LANKA
Related Posts Plugin for WordPress, Blogger...

Local News Today

FCID concludes investigations into 89 complaints; 131 more amidst process

FCID concludes investigations into 89 complaints; 131 more amidst processPolice Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE...

Post a comment | 7 hours ago

Court orders expedition of Thajudeen’s murder investigation

Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE...

| 8 hours ago

Three arrested following raid of alcohol distillation plant in Marawila

Three arrested following raid of alcohol distillation plant in MarawilaThree individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE...

Post a comment | 8 hours ago

Sri Lankan teacher among 2017 Magsaysay award winners

Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE..

Post a comment | July 27, 2017  6:25 pm News Source - ADADERANA.LK

හැම ටෙලි නිළියක්ම ගණිකාවක්ද?
ටෙලි නාට්‍ය නිළියන් යයි කියාගත් තරුණියන් ගණිකා වෘත්තියේ නියැලී ‍පොලිස් අත්අඩංගුවට පත්වීම් පිළිබඳ සිදුවීම් පසුගිය කාලයේ නිතර මාධ්‍ය මගින් අනාවරණය වූ බව රහසක් නොවේ. ඇතැම් නිළියන් මේ වාර්තා සහ ආරංචි ප්‍රතික්‍ෂේප කළත් මේ නිළියන් ගැවසෙන හෝටල්ගැන පමණක් නොව ඇසුරු කරන පුද්ගලයන් ගැන පවා තොරතුරු ‍පොලීසිය සතුව ඇත. මේ අතර ටෙලි නාට්‍ය නිළියන් වන්නට ගොස් ජීවිතය වරද්දා ගත් තරුණියන් පිළිබඳව පවා එම ‍පොලිස් වාර්තා අතර තිබේ.

ටෙලි නාට්‍ය කලාව මේ තරම් ජුගුප්සාජනක තත්ත්වයකට ඇද වැටුණේ ඇයි? ඊට වගකිවයුත්තෝ කවුරුද?

“ටෙලි නාට්‍ය හා චිත්‍රපට ක්‍ෂේත්‍රය මෙතරම් පිළිකුල් සහගත  පරිසරයක් බවට පත්වී ඇත්තේ ලිංගික අරමුණු මූලික කොටගෙන මේ කර්මාන්තයට ඇතුළුවන ඇතැම් අශීලාචාර නිෂ්පාදකවරුන් නිසයි. එමෙන්ම ඊට රුකුල් දෙන අන්දමේ තරුණියන් පිරිසක්ද අද වනවිට බිහිවී සිටිනවා.” මෙසේ කියන්නේ ‘පබා’ ‘පබළු’ ‘අමා’ ආදී ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක් නිර්මාණය කළ අධ්‍යක්ෂ ශාන්ත සොයිසාය.
ශාන්තගේ හෙළිදරව්වට අනුව බොහෝ අලුත් තරුණියන් ටෙලි නාට්‍ය තුළට රිංගා ගන්නට ඕනෑම කැපකිරීමක් කරන්නේ නම හදාගන්නටය. ඔවුන්ට නිළියක් ලෙස ස්ථාවර වී ඒ ඔස්සේ ගමනක් යන්නට වුවමනා නැත. ඔවුන්ට අවශ්‍ය යන්තම් නිළිකම රැගෙන ඉක්මනින් මුදල් හම්බ කළ හැකි ගණිකා වෘත්තියට ඇතුළු වීමටය. තම ගැනුම්කරුවාට නිළිකම පෙන්වා වැඩි මුදලක් ලබා ගැනීමටය.

“මෙහෙම අය තමයි ඔය ‍පොලීසියට වැඩිපුර කොටුවෙන්නේ...” ශාන්ත සඳහන් කරයි.


සාමාන්‍යයෙන් මුදල් තිබෙන ඕනෑම සල්ලාලයෙකු ලෙහෙසියෙන් තරුණියන්ගේ පහස ලබාගැනීම සඳහා යොමුවන ක්‍ෂේත්‍රයක් බවටද ටෙලි නාට්‍ය කර්මාන්තය පත්ව ඇත. (සියලුම නිෂ්පාදකවරුන් එසේ යයි අපි නොකියමුු.)

මේ සමහරුන් කරන ටෙලි නාට්‍යයක් නැත. බොහෝ විට සැලසුම් කරන්නේ ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙල පමණි. අවසානයේදී තෝරාගත් ආධුනික හෝ ජනප්‍රිය නිළිය සමග ටෙලි නාට්‍යයේ දර්ශන රූපගත කිරීමට සුදුසු ඉසව් බලන්නට  යැයි කියා පියඹා යන්නේ ජයග්‍රාහී කාමුක මනසකින් යුතුවය.

“ලොකේෂන් බලන්න, ඒ කියන්නෙ ටෙලි නාට්‍යය රූපගත කරන ඉසව් තෝරා ගන්න සාමාන්‍යයෙන් නළු නිළියන් එක්ක යන්නෙ නැහැ. අධ්‍යක්ෂවරයා, කැමරා අධ්‍යක්ෂවරයා, තිර රචකයා වගේ අය තමයි සාමාන්‍යයෙන් යන්නෙ. නමුත් මෙතනදී සිද්ධ වෙන්නෙ මොකද්ද කියල ඉතිං අමුතුවෙන් කියන්න ඕන නැහැ මෙන්න මේ වගේ සල්ලාලයන් පිරිසක් අද ක්‍ෂේත්‍රයට එකතු වී සිටිනවා” ප්‍රවීණ රංගන ශිල්පී, චිත්‍රපට අධ්‍යක්ෂ රෝයි ද සිල්වා අපට මේ තුළ ඇති තවත් පැත්තක් ගැන හෙළි කළේය.

රෝයි ද සිල්වා මහතා පවසන ආකාරයට අද බොහෝ තරුණ කෙල්ලන්ට වුවමනා වී ඇත්තේ එක රැයකින් ජනප්‍රිය වීමටය. මේ ක්ෂණික ජනප්‍රියත්වය පතා ඔවුන් ඕනෑම දෙයක් කැප කිරීමට සූදානම්ය. මීට මූලිකම හේතුව වී ඇත්තේ නිළියක්  වූ සැණින් ලබාගත හැකි වරප්‍රසාදය. වත්මන් දේශපාලන භූමියේ සිට පහළට ඒ වරප්‍රසාද භුක්ති විඳිය හැකිය යන විශ්වාසය අලුත හැදෙන අංකුර නිළියන් හා නිළියන් වන්නට සිහින මවන්නියන් තුළ හොඳින් රෝපණය වී ඇත.



බොහෝ තරුණ ගැහැනු දරුවන් අලුත් ටෙලි නාට්‍ය සඳහා සහභාගි වන්නට පැමිණෙන්නේ සිය මව හෝ වෙනත් භාරකරුවකු, භාරකාරියක සමගය. එහෙත් සූක්ෂම ලෙස කටයුතු කරන ඇතැම් නිෂ්පාදක මහත්වරුන් හා අධ්‍යක්ෂවරුන් මේ ප්‍රියමනාප ගැහැනු දරුවන්ව වරදට ‍පොළඹවා ගන්නේ මවගේ එසේත් නැත්නම් භාරකාරියගේ පවා ඇස්වලට වැලි ගසමිනි. මේ පිළිබඳව තොරතුරු විමසද්දී ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්දිස් මහතා මෙසේ කීවේය.

“මේ තත්ත්වය කලාව තුළ පමණක් නමෛයි වෙනත් ක්‍ෂේත්‍රවලත් තිබෙනවා. නමුත් කලා   ක්‍ෂේත්‍රය ජනප්‍රිය ක්‍ෂේත්‍රයක් නිසා මේ සම්බන්ධ තොරතුරු ගලා එනවා වැඩියි.” ඔහු  කීවේය. වෙනත් ක්‍ෂේත්‍රවල කාන්තාවන්ට නිළියන්ට තරම් ඉල්ලුමක් නැත. සියල්ලන්ම ගැහැනුන් වුවත් ‘නිළිකම’ අප කතා කරන කාන්තාවන්ට විශේෂ ආභරණයක් වී ඇත. එමෙන්ම ඔවුන්ට ගැනුම්කරුවන්ගෙන්ද ඉතා හොඳ ඉල්ලුමක් ඇත. වෙනත් ක්‍ෂේත්‍රවල අයට එවැනි ඉල්ලුමක් නැත. එය සැබෑ යථාර්ථයයි.

කලා ක්‍ෂේත්‍රය තුළ සූක්ෂම ලෙස කටයුතු කරන කපටි ෙකෙරාටිකයෝ බහුලව වෙසෙති. ඔවුන්ගේ වදන් අතිශයින් සුන්දරය. බෙහෙවින් අවංකය. එහෙත් යටි සිතේ ඇත්තේ තම සිතැඟි ඉටුකර ගැනීමේ සරාගී ච්ෙතනාවන්ය.

“බොහොම සුන්දර ලෝක මවලා ගෑනු ළමයින් රවට්ට ගන්න දක්ෂ පිරිස් දැන් දැන් අපේ ක්‍ෂේත්‍රයට එකතුවී තිබෙනවා වැඩියි. ඔවුන්ගේ ව්‍යාජ බස්වලට තරුණ ළමයි රැවටෙනවා. ඒක ඇත්තක්. මම හිතන්නේ මෙහෙම වෙන්නේ සමාජය ගැන ඔවුන් සතුව අවබෝධයක් නැතිකම නිසයි. මේ නිසා ඔවුන් කපටි පුද්ගලයන්ට හසුවෙනවා. ඉන්පස්සේ ඕනෑම දෙයක් පූජා කරන මට්ටමට ඔවුන් පත්වෙනවා.”

ශ්‍රියානි අමරසේන ප්‍රවීණ රංගන ශිල්පිනිය පවසන්නේ ක්‍ෂේත්‍රයේ සැවොම අශීලාචාර අශිෂ්ට පුද්ගලයන් නොවුණත් වැඩි වශයෙන් එවැන්නන්ගේ සම්ප්‍රාප්තියක් දැන් දකින්නට ලැබෙන බවය.

ඕනෑම ක්‍ෂේත්‍රයක පුද්ගලයකු විශිෂ්ටත්වයට පත්වන්නේ විෂය පිළිබඳ පවතින දැනුම හා අවබෝධය මතය. එසේ නොවුණවුන් දුබලයෝය. දුබලයන් නිරන්තරයෙන්ම උත්සාහ ගන්නේ කුමන ක්‍රමයකින් හෝ තමන්ගේ පැවැත්ම රැකගැනීමටය.

“අද රංගන ක්‍ෂේත්‍රයට අවතීර්ණ වී ඉන්න බොහෝ අයට අදාළ විෂය පිළිබඳ දැනුමක් නැහැ. ටෙලි නාට්‍යවල රඟපාන විදිහ දැක්කම අපට ඔවුන් ගැන දුක හිතෙනවා. මේ තත්ත්වය තුළ ඔවුන්ට අනාගතයක් නැහැ. ඉතිං මොකක් හෝ ක්‍රමයකින් යැපෙනවා හැරුණු කොට වෙනත් විකල්පයක් ඔවුන්ට නැහැ. අද බොහෝ විට මේ ක්‍ෂේත්‍රය තුළ ලිංගික ගොදුරු බවට පත්වන්නේ මේ වගේ අයයි.”  මෙසේ කියන්නේ ප්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ පරාක්‍රම නිරිඇල්ලය.

“බොහෝ විට මේ විදිහට එන අලුත් නිළියන් එන්නේ ගම්වලින්. ඔවුන්ට අත්දැකීම් නැහැ. වටපිටාව ගැන අවබෝධයක් නැහැ. හිතේ තියෙන්නේ ජනප්‍රිය නිළියක් වෙන එක විතරයි” කෙසේ හෝ වේවා අද තිබෙන ටෙලිනාට්‍ය කර්මාන්තය තුළ නිළියන් බෝවීම වැඩිය. ව්‍යාජ නිෂ්පාදකයන් හා අධ්‍යක්ෂවරුන් බිහිවීමද එසේමය.  ඔවුන් වටා රොක්වන තරුණ ගැහැනු ළමයින් අවසානයේදී නතර වන්නේ අසභ්‍ය වීඩියෝ ජවනිකා තුළය. එසේත් නැත්නම් අර අධ්‍යක්ෂ, නිෂ්පාදකවරුන්ගේ ජංගම දුරකථන තුළ නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූප ලෙසය. කපටි ෙකෙරාටික නිෂ්පාදක අධ්‍යක්ෂවරුන් ලබාගන්නා මේ අසැබි ඡායාරූප හා වීඩියෝ ජවනිකාවලට තරුණියන් නම්මවා ගන්නේද අපූරු ආකාරයටය. ඒ පිළිබඳවද අපි සොයා බැලුවෙමු.

“ඔයාගෙ ලස්සන පින්තූර ටිකක් ගන්න ඕන. වීඩියෝ කරලා බලන්න ඕන ඔයා ෆොටෝ ජෙනික්ද කියලා. දවසක එන්නකෝ...” මෙසේ දැඩි හික්මීමකින් යුතුව අවශ්‍ය පණිවුඩය ලබාදෙන කපටි නිර්මාණකරුවා අවසානයේදී අදාළ ගැහැනු ළමයාගේ ඇඳුම් අදියරින් අදියර ඉවත් කරන්නේ ඇය සුරංගනා ලෝකයක අතරමං කිරීමෙන් පසුවය. ඉන් පසුව ටෙලි නාට්‍ය නිළියක් වන්නට ආ තැනැත්තිය ලැජ්ජා බිය නැති තැනැත්තියක් බවට පත් වන්නේ අකමැත්තෙන් හෝ කැමැත්තෙනි. දූෂණය වන්නේත් ඒ ආකාරයටමය. මෙයින් පසු නිළියක් වන්නට ආ සුරූපිනියට බොහෝ විට සිදුවන්නේ අතින් අත මාරු වී යාමටය. ඒ වන විට ඇය ටෙලි නාට්‍ය නිළියක් වී තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන.

මෙවැනි සිදුවීම් අහඹු ලෙස සිදුවන දේ නොවේ. ඒ සඳහාම සූදානම් වී සිටින පුද්ගලයන්ගේ සංවිධානාත්මක ක්‍රියාදාමයන්ද ඊට සෘජුව බලපායි. අනික් අතට හැම සල්ලාලයෙකුම තරුණියන් ගොදුරු කරගන්නේ මේ ආකාරයටම නොවේ. මේ අධ්‍යක්ෂ/ නිෂ්පාදක ‘මහත්වරුන්’ විවිධාකාර තිර පිටපත් ඒ වෙනුවෙන් සකස් කරන බැවිණි. ඒ තිර පිටපත් ඔවුන් ප්‍රසිද්ධියේ කරන නිර්මාණවලට වඩා විශිෂ්ටය. ඒවාට හසුනොවී සිටිය හැක්කේ හිසත් කඳත් තරමටම මොළයක්ද ඇත්නම් පමණි.

 සමන් ප්‍රියංකර නම්මුනිගේ  



RSS
FCID concludes investigations into 89 complaints; 131 more amidst process FCID concludes investigations into 89 complaints; 131 more amidst process Police Media Spokesperson, Superintendent of Police (SP) Ruwan Gunasekara stated that the Police Financial Crimes Investigation Division (FCID) had received 335 complaints in total up-to-date, out of which, investigations into 89 complaints had already been completed.MORE... Post a comment | 7 hours ago Court orders expedition of Thajudeen’s murder investigation Court orders expedition of Thajudeen’s murder investigation The Colombo Additional Magistrate, Justice Jeyaram Trosky, has ordered that the investigations into the murder of Wassim Thajudeen be expedited.MORE... | 8 hours ago Three arrested following raid of alcohol distillation plant in Marawila Three arrested following raid of alcohol distillation plant in Marawila Three individuals have been arrested following a raid of an illegal large-scale alcohol distillation plant in Mudukatuwa, Marawila.MORE... Post a comment | 8 hours ago Sri Lankan teacher among 2017 Magsaysay award winners Sri Lankan teacher among 2017 Magsaysay award winners A Japanese historian who helped Cambodians preserve the Angkor temples and a Sri Lankan teacher who counselled war widows and orphans to overcome their nightmares are among the six winners of this year’s Ramon Magsaysay Awards, regarded as Asia’s version of the Nobel Prize. MORE.. Post a comment | July 27, 2017 6:25 pm 70% salary increase for SPC staff 70% salary increase for SPC staff Salaries of the employees of the State Pharmaceuticals Corporation (SPC) will be increased by 70 percent in three phases within three years, Minister of Health Dr. Rajitha Senarathne said. MORE... Post a comment | July 27, 2017 4:53 pm Judge vows to care for children of policeman shot in Nallur Judge vows to care for children of policeman shot in Nallur Jaffna High Court Judge M. Illanchelian says that he will take care of the children of the late Sub Inspector Sarath Premachandra, the police officer who died following the shooting in Nallur while escorting him. MORE.. Post a comment | July 27, 2017 4:50 pm News Source - adaderana.lk

Sponsored

Stats