සුරාජ් මොකක්ද මේ සිදුවීම?
මා ගැන වැරදි සඳහන් කරලා කලා ලෝකේ නළු නිළියන් මගේ හිතවතුන් ඇතුළු විශාල ප්‍රමාණයකට එස්.එම්.එස්. පණිවුඩ යවා තිබුණා.
මෙය සිදුකර තිබුණේ එකම අයෙකු විසින්. ඉතින් මම ඒ ගැන පොලීසියට පැමිණිලි කළා.
පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගත් බව ආරංචියි.?
සුරාජ්ට අදාළ තැනැත්තා හමුවුණාද?
නැහැ. තවම හමුවුණේ නැහැ. එදා පොලීසියෙන් මට කතා කළත් වෙනත් හදිසි කටයුත්තක් නිසා මට යන්නට බැරිවුණා.
මේ කෙටි දුරකථන පණිවුඩය හැර මීට සම්බන්ධ සුරාජ් අපහසුතාවයට පත්වූ අවස්ථා තියෙනවද?
ඔය එස්.එම්.එස්.එකේ සිදුවීම සිදුවුණේ මෑතකදී. නමුත් දුරකථනයෙන් මාව අපහසුතාවයට පත් කරවන සිදුවීම් දැන් අවුරුදු දෙකක පටන් සිදුවෙනවා.
මොනවාද ඒ?
මට නිර්නාමිකව අමතලා අසභ්‍ය වදනින් බණින අවස්ථා තිබුණා. මගෙ අම්මටයි, තාත්තාටයි කෝල් කරලා නොයෙක් දේ කියල තිබුණා. මාව රඟපාන්න එවන්නෙ නැතුව ගෙදරම තියාගෙන ඉන්න කියල තමයි කියල තියෙන්නේ. මට මරණීය තර්ජන එල්ල කළ අවස්ථාත් තිබුණා.
සුරාජ්ගේ මවුපියන් මේ ගැන කලබල වුණාද?
මුලදී කලබල වුණා. ඒත් දැන් ඒ අයට මේවා සාමාන්‍ය දේවල් වෙලා. ඒ හින්දා මේ විදියේ දේවලින් සැලෙන්නෙ නැහැ.
මීට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගන්න මෙච්චර කාලයක් ගත්තෙ ඇයි?
ජනප්‍රිය චරිතවලට මේ විදියේ දුරකථන ඇමතුම් එනවා. අනෙක මම ඔය විදියේ දේ ගණන් ගන්නෙ නැහැ. ඒත් ඉතින් හැමෝටම ඉවසීමේ සීමාවක් තියෙනවානේ. මටත් එහෙමයි. ඒ හින්දා තමයි මමත් හිතුවේ මීට එරෙහිව පියවරක් ගන්න.
අර නිර්නාමික එස්.එම්.එස්. පණිවුඩයේ සඳහන්ව තිබුණෙ කුමක්ද?
මගේ චරිතය ඝාතනය වන විදියේ දේවල්.
සුරාජ්ට මේ ගැන සැක කටයුතු කෙනෙක් ඉන්නවද?
මම කාටවත් වරදක් කරල නැහැ. මම කාගෙවත් හතුරෙක් නමෛයි. ඉතින් මට වැරදි කරන මට හතුරුකම් කරන අය ගැන මම දන්නෙ නැහැ.
කලා ලොවේ අයටයි සුරාජ්ගේ මිතුරු මිතුරියන්ටයි මේ පණිවුඩ යවන්න නම් ඒ අයගේ අංක දන්න කෙනෙකු විය යුතුයි.
මටත් තියෙන ප්‍රශ්නය ඒක.
මේ දේ සිදුකළේ කලා ක්‍ෂේත්‍රයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ කෙනෙක් වන්න බැරිද?
දැනට මට ඒ ගැන මොකුත්ම කියන්න බැහැ.
සැකපිට අත්අඩංගුවට ගත්තු කෙනා හමුවන්න අදහසක් නැද්ද?
ඉදිරියේදී හමුවේවි.
සුරාජ්ටයි තාත්තටයි නිර්නාමික ඇමතුම් ලැබුණේ එකම හඬකින්ද?
කටහඬවල් කීපයකින්. ඒත් ඒ හැමෝම පිරිමි අය.
සැබෑවටම මෙය කළ තැනැත්තා කවුද කියා ඔප්පු වුවහොත්?
මම නීතිය ඉදිරියට ගියේ ඉවසලා බැරිම තැන. දැන් ඉතින් අධිකරණයට යන්න තමයි මම හිතා ඉන්නේ.



