Actors: Bimal Jayakodi, Chandani Senaviratne, Jagath Manuwarna, බිමල් ජයකොඩි, සරත් කොතලාවල
Composer: නදීක ගුරුගේ
Release Date: 2013-05-22
Small Description
වියලි කලාපයේ වාසය කරන ගැහැණියක හා පුරුෂයෙක් පිළිබඳව කියැවෙන නිකිණි් වැස්ස චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ සිනමා පටයකි. අරුණ ජයවර්ධන නම් යොවුන් සිනමාකරැවාගේ නිර්මාණයක් වන මෙම චිත්‍රපටය ප්‍රංශයේ වෙසුල් නගරයේ දී පවත්වන ලද ආසියාතික සිනමාව පිළිබඳ 18 වැනි වෙසුල් ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය.
වියලි කලාපයේ වාසය කරන ගැහැණියක හා පුරුෂයෙක් පිළිබඳව කියැවෙන නිකිණි් වැස්ස චිත්‍රපටය ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ සිනමා පටයකි.
අරුණ ජයවර්ධන නම් යොවුන් සිනමාකරැවාගේ නිර්මාණයක් වන මෙම චිත්‍රපටය ප්‍රංශයේ වෙසුල් නගරයේ දී පවත්වන ලද ආසියාතික සිනමාව පිළිබඳ 18 වැනි වෙසුල් ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ඉහළම සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය. එක් සම්මානයක් වූයේ ජාත්‍යන්තර ප්‍රධාන ජූරිය මඟින් පිරිනමන ලද Golden Cyclo නමැති ප්‍රධාන සම්මානය දිනා ගැනීමයි. එම සම්මානයට අමතරව ඔහුට යුරෝ 1500/-ක් හිමි විය. මෙම ජූරියේ සාමාජිකයන් වූයේ, අටික් රහිම්, සභාපති (ඇෆ්ගනිස්ථානය) එර්මෙන් චිනාර්ඛායෙව් (කසකස්ථානය) හා ලතිකා පද්ගොන්කාර් (ඉන්දියාව) ය. සුප්‍රකට කොරියානු චිත්‍රපටයක් වූ ජායොන් කියු – හ්වාන් ගේ Dance Town චිත්‍රපටයට හිමිවුයේ දෙවන ස්ථානයයි.
මෙම උලෙළේදීම ‘නිකිණි වැස්ස’ ලබා ගත් දෙවන සම්මානය වූයේ හොඳම ආසියාතික චිත්‍රපටයට පිරිනමනු ලබන NETPA සම්මානයයි. එහි ජූරි සාමාජිකයන් වූයේ ඈන් ඩෙමි – ගේරෝ (සභාපති – ඕස්ට්‍රේලියාව), ගෝලාම් රබානි ඛිප්ලොබ් (බංග්ලාදේශය) සහ ලේඛා ශන්කර් (තායිලන්තය)ය.




