අපි හැමෝම ලස්සනට ඉන්න කැමැතියි. ඒ වගේම ලස්සනට ඉන්න අයගේ ලස්සන වීමේ රහස් දැනගන්නත් අපි කැමැතියි. ලස්සන ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වූයේ පුංචි තිරයේ දඟකාර චරිතයක්. ඒ භාග්‍යා ගුරුසිංහ.
• භාග්‍යාට තමන් මුලින්ම ලස්සනයි කියලා දැනුණේ කොයි කාලෙද?
අපේ අම්මා නම් ගොඩක් ලස්සනයි. ඒත් මම ලස්සනයි කියලා මට දැනිලා නැහැ. මම දන්නේ මම සුදුයි කියලා විතරයි.
• කවුරුත් කියලා නැද්ද භාග්‍යා ලස්සනයි කියලා?
කියලා තියෙනවා. අහිංසක ලස්සනක් තියෙනවා කියලා. ඒ වගේම මගේ හිනාව, හමේ පාට ලස්සනයි කියලත් කියලා තියෙනවා.
• එතකොට ඒ අය කියලා තියෙන්නේ බොරුද?
නැහැ ඉතින් එයාලට දැනෙන විදිහනේ. මට හිතෙන්නේ මම තවත් ලස්සන වෙන්න ඕනි කියලා.
මිනිස්සුත් එක්ක කතා කරලා, සම්බන්ධතා ගොඩනඟාගෙන ඒ වගේම ඔවුන් එක්ක හිනාවෙන්න. ඒ වගේ දේවල්. ඒ හැරෙන්න මේකප් කරන දේවල් නෙවෙයි.
• ලස්සන වෙන්න හිතලා මුලින්ම කළ දේ මතකද?
අපේ අම්මා අපිට කොළ කැඳ හදලා දෙනවා.
මුහුණේ පිම්පල් එකක් ආවම කොහොඹ කොළයි, අමුකහයි අඹරලා ගානවා. ඒ හැරෙන්න කිසිම ක්‍රීම් වර්ගයක් භාවිත කරන්නේ නැහැ. ඒ වගේම කෝමාරිකා වගේ දේවලුත් මුහුණේ ගානවා.
• භාග්‍යා නිතර සැලුන් යන කෙනෙක්ද?
අයිබේරා්ස් හදන්න හැර සැලුන් එකට යන්නේ නැහැ. බොහෝ වෙලාවට ස්වාභාවික දේවල් ප්‍රයෝජනයට ගන්නවා.
• භාග්‍යාගේ විලාසිතා තෝරන්නේ කවුද?
මගේ නංගි ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. නංගි මට අවශ්‍ය හැම ඇඳුමක්ම තෝරලා දෙනවා. මම ෂූටින් යන කොට ඇඳුම් තුනක් විතර තෝරලා අයන් කරලා දෙනවා.
• නංගි තෝරන ඇඳුම් ඔබට හොඳටම ගැළපෙනවද?
නංගි මගේ තේරීම ගැන දන්නවා. ඒත් කලාතුරකින් මට නොගැළපෙන ඇඳුම් තෝරනවා. දවසක් නංගි ස්කිනි එකකුයි, කෙටි සායකුයි තෝරලා තිබුණා. ඒත් මම දන්නවා මට ඒක ගැළපෙන්නෙනෑ කියලා. මගේ නංගි මට වඩා විලාසිතා කරනවා. ඒත් මම කවදාකවත් ඇඟ නිරාවරණය වෙන්න අඳින්නේ නැහැ.
• නංගිගේ තේරීම ප්‍රතික්‍ෂේප කළාට පස්සේ මොකද වුණේ?
"ඔයා ෆැෂන් කරන්න දන්නෙනෑ. ඔයා නම් මාර ගොඩේ" කියලා කිව්වා. ඒත් මම දන්නවා මට ගැළපෙන දේ තෝරා ගන්න.
Sri Lankan actress Bhagya Gurusinghe. Bhagya Gurusinghe is a very beautiful and young upcoming actress . who got bright future in Sri Lankan TV Serial sector.



.jpg)
.jpg)